සංචාරය

සොභාදහම් දෙවියන්ගේ තටු කැපු කදු මුදුන

බදුල්ලේ නගර මධ්‍යයේම සිට සැතපුම් එකහාමාරක් පමණ දුරින් පිහිටි ලිද මුල්ල පත්තිනි දේවාල ඉතා පැරණි පුජනීය ස්ථානයකි. පත්නතිනි මැණියන්ගේ පාද ස්පර්ශය ලත් බිමක් සේ සැලකෙන මෙම ස්ථානය අද විශාලවන විට නගරය විශාල වීමත් සමග කදු මුදුනේ සීමිත ඉඩකට  කොටුවී ඇත.

මෙම පුදබිමේ ඇති දේවාලය හා තොරණ බොහෝ පැරණිය. දේවාල ගොඩනැගිල්ල වටා බිත්තියේ පැරණි සිතුවම් රුසක් පවතින අතර අද වනවිට එවා විනාශයට යමින් පවතී.
දේවාලයේ ප්‍රධාන ගොඩනැගිල්ල තුලින් ගමන් කර එහි ඇති බෝ ගස වසාගෙන වැඩී ඇති යෝධ පුස්වැල වටා ගෙතුණු ජනප්‍රවාද බොහොමයක් පවතී.

ඉන් එකක් නම් පත්තිනි මෑණියන් මෙම පුස්වැලේ වාඩි වී ඔංචිලි පදින්නට මේ භූමියට පැමිණි බවයි. පත්තිනි මෑණියන් වෙනුවෙන් දේවාලයක් මේ ස්ථානයේ ගොඩනැගෙන්නේද එබැවිණි.

ඇත්තටම මෙය යථාර්ථයක් විය හැකිද ?

අප මෙම ස්ථානයට යනතෙක්ම අපට මෙහි ඇති වැදගත්කම පිලිබදව හැගීමක් නොවුණි.
එහෙත් එම ස්ථානයේදී භාවනාව තුලින් ලද තොරතුරු පුදුම සහගත විය.

මෙය බල කේන්ද්‍රයකි. බල කේන්ද්‍ර යන වචනය කරලියේ පැවතියත් මෙය නිර්වචනය කල හැකි අය අල්පය.

මෙම ස්ථානය සම්බන්ධ වන්නේ දේවයානි කුමරියගේ යුගයටයි. මගේ හැදෑරීම තුල පත්තිනි මෑණියන් යනු දේවයාණි කුමරියයි. එසේනම් මෙහි ඔංචිලි පැද ඇත්තේ දේවයාණි කුමරියයි.

මෙම පුස්වැල හා බැඳුණු සැගවුණු කතාවක්ද ඇත . දේවයාණි කුමරිය සුරයන් හා සටනට එලබි විට සොබාදහම් දෙවියන්ගේ පියාපත් කපා එම පියාපත් වලලා ඇත්තේ  පුස් වැල මුලයි. දේවයාණි කුමරිය සොබාදහම් දෙවියන් සමග උරණ වන්නට හේතුව වුයේ සොභාදහම් දෙවියන් සුරයන් සමග එක්වීමයි.

මේ සියලු ඉතිහාස සිදුවීම් සැගවුණු යෝධ පුස්වැල ලංකාවේ විශාලතම පුස්වැලද යන්න සොයාබැලිය යුත්තකි. මා වසර 25 කට පමණ පෙර සිංහ රාජයේ තිබු යෝධ පුස් වැල බලන්නට ගියේය. අද එය තිබේදැයි මා නොදනිමි.
මෙම ස්ථානයට රුක ගැනීමට  ගෙන ඇති පියවර පිලිබදනම් සතුටු විය නොහැකිය.

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x