සංචාරය

පිරමීඩ මිනිසුන්ගේ කැටයම් ඇති වරංගල

ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි ගුවනින් ගිය හෙලයෝ පිරමීඩ හැදුවනම් ඇයි ලංකාවේ සාක්ෂි නැත්තේ කියලා …

මේක තවත් සිදුවීමක්…

වසර කිහිපයකට කලින් අම්මට භාවනාවෙන් උපදෙස් ලැබුනා භාවනාවේ ඉදිරි වර්ධනය උදෙසා වරංගලට යන ලෙස….

වරංගල කියන්නේ මාලබේ අතුරුගිරිය අතර තියෙන අරංගල හන්දියෙන් කහන්තොට පාරේ තියෙන ගල් කන්දක්…

මේකට වරංගල කියන්න හේතුව තමයි පත්තිනී මැණියන්ට දේවත්වයට යන්න වරම් ලැබුනේ මෙතනදියි.

කොහොම හරි අම්මා ටික කාලයක් මෙතන භාවනා කලා… අම්මා හැමදාම කියන කතාවක් තමයි එක් නිශ්චිත වෙලාවකදි පිරමීඩ වල ඉන්න ආරක්ෂකයෝ වගේ ඇදුම් ආයිත්තම් ඇති හතර දෙනෙකු සමන් පිච්ච වට්ටි හතරක් රුගෙන ඇවිත් නුග බෝධියට වදින බව…

මේ කතාව නිසා මමත් එහි ගියා.

භාවනාව තුලදී මට ලැබුණු තොරතුරු හිතාගන්නවත් බැහැ. පැරණි හෙලයේ දේශ සිමා ඇරඹිලා තියෙන්නේ මෙතනිනුයි. දේව රාජ්‍යයේ ආරම්භක සීමාව තමයි වරංගල කියලා කියන්නේ….

බලි රජුව අල්ලගෙන ගියාම එකට තරහට ලෝකයටම පහර දීලා ලෝකයම දිනාගෙන දේවයන්ගේ ප්‍රධානියා ලෙස යලි දේව රාජ්‍යයට දේවයාණි කුමරිය පිවිසෙන්නේ මෙතනින්….

මෙතන ආරක්ෂක මුර කපොලු වගේම ලෝකය සමගම සන්නිවේදනය කල හැකි තාක්ෂණයක් තිබිලා තියෙනවා. එ වගේම කෛලාශකූඨය දක්වා වු උමං මාර්ගයක් මෙහි තිබි තියෙනවා.

එ වගේම කිසිදා නොසිදෙන විලක් පැවති බවත් එහි ජලයෙන් රෝග සුවකල හැකි බවත් එය වසා දැමුණු ගලිසි තොටක් බවත් වැවසුවා.

මා ඇසුවා කොහොමද මම මේවා විශ්වාස කරන්නේ කියලා….

” ඔබට ඉදිරියෙන් ඇති ගල්තලාවේ පිරමීඩ තැනු කුරුලු බාස්ගේ රූපයක් කොටා ඇති ”

රූපය පමණක් නොව රෑප පෙලක් එහි විය. නමුත් සියල්ල වසා දමා ඇත. වසර 20 කට පමණ පෙර දක්වාම ගල උඩ විලක් තිබි ඇත . එය පුරවා අද වන විට බෝ පැලයක් සිටවා ඇත.

වසර කිහිපයකට පෙර පැමිණි විදේශිකයන් පිරිසක් මේ ගල පුරා පැවැති සිතුවම් පිටපත් කර රැගෙන ගොස් තිබෙනවා. එසේ පිටපත් කිරීමෙන් ටික කලකට පසු ගලේ කොටා තිබූ දිගු පෙරහැර මැකී යන සේ ඒ මත චෛත්‍ය ගොඩ නැංවෙනවා. කුරුලු මිනිසාගේ රූපය මා ඡායාරූප ගත කිරීමෙන් පසු දිනක මා එහි යන විට ඒ මත කොන්ක්‍රීට් කණු මෙන් සිටින අයුරු මා දුටුවා. එය නොදැන කරන ලද්දක් යැයි අපට සිතිය නොහැකියි.

වසර විස්සකට පමණ පෙර මෙම දේවාලයට පිවිසෙන ස්ථානයේ විශාල නුග ගසක් පැවතියා. දේවාල භූමියට ඇතුළු වීම උදෙසා එම නුග ගස යට පහනක් දල්වා අවසර ගැනීම අත්‍යවශ්‍ය කරුණක් විය. එසේ පහනක් නොදල්වා දේවාල භූමියට ඇතුළු මිනිසුන් පසුපස රාගයෙන් එළ වූ බවට අත්දැකීම් ඇති ගමේ පැරැන්නෝ හොඳින් දන්නා කරුණකි. නාගයන් ජීවත් වූයේ මේ නුග වෘක්ෂයේය. එසේ වුවත් පසුකාලීන දිනක නුග ගස සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වුණි. ගසට ගිනි තැබුවේ කවුරුන්ද යන්න අදට ද ගැටලුවකි.

පත්තිනි මෑණියන් ද දේවයාණියද ගල්මෝල් කිහිපයකට මැදිව ……..

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close