හෙළ නාමකරණය

මේ දිනවල හැම තැනකම පැතිරෙන Pharyngitis රෝගයෙන් ආරක්ෂා වෙන්න


මේ දිනවල බොහෝ දෙනෙක්ට උගුරේ වේදනාව අධික සෙම හිසරදය මෙන්ම ඇඟපත වේදනාව පවතිනවා . මොන විදියට බෙහෙත් ගත්තත් මේ තත්ත්වය සතියක් දෙකක් රැඳිලා තියෙනවා . මුල් දින තුන හතර පසු උනාට පස්සේ පපුවේ වේදනාවක් හුස්ම ගන්නා විට අපහසු බවක් හා රාත්‍රියේ දී සෙම සිරවීම හා සමාන ශබ්ද පිටවීම සිදුවන තත්ත්වයක් දැකගත හැකියි.

මේ තත්ත්වයන්ට හේතු වන්නේ Pharyngitis කියන බැක්ටීරියා ආසාදනයයි . බැක්ටීරියා ආසාදනයක් නිසා පුද්ගලයාගෙන් පුද්ගලයාට බෝවීම මත හෝ පාරිසරික තත්ත්වයන් තුළින් මේක ඇති වෙන්න පුළුවන්.. ඒ විතරක් නෙවෙයි වැසි කාලය ,සීත කාලය පැමිණීමත් සමගම මෙම රෝගී තත්ත්වය වේගයෙන් ව්‍යාප්ත වීමක් සිද්ධ වෙනවා . විශේෂයෙන්ම පාසල් දරුවන් අතර මේක බහුලව ව්‍යාප්ත වීමක් තියෙනවා .

යම් කෙනෙකුට මෙය ආසාදනය වීමෙන් පසු නිසි පරිදි ප්‍රවේශම් නොවුණහොත් උගුර ඉදිමීම හා රතු පැහැ වීම වැඩි වන අතර ආහාර ගිලීම අපහසු වේ . ඉන්පසු පෙනහලු දක්වා මෙය ව්‍යාප්ත වන අතර එය තරමක් සංකීර්ණ තත්ත්වයක් බවට පත්වීමට වුවද ඉඩ ඇත . ශරීරය විසින්ම එයට අවශ්‍ය ප්‍රතිදේහ සාදා ගැනීම උදෙසා සතියකට ආසන්න කාලයක් ගත වන අතර එම කාලය තුළ ඇඟපත වේදනාව සහ ශරීර ශක්තිය බිඳ වැටීම සිදුවෙයි .

covid හා එයට පසු ව්‍යාප්ත වූ එහි අවස්ථාවන් උදෙසා භාවිතා කළ වාෂ්ප ඇල්ලීම , ප්‍රතිශක්තිය කරණය වැඩෙන ඖෂධ භාවිතය මෙම තත්ත්වය උදෙසා ද භාවිතා කළ හැක. බටහිර වෙදකම තුළ දී නම් මේ උදෙසා ප්‍රතිජීවක ඖෂධ භාවිතා කළ යුතුය.
විශේෂම කාරණාව වන්නේ මෙම රෝගී තත්ත්වය පවතින විට මත්පැන් පානය හා දුම්පානය නොකළ යුතුයි . එසේ වුවහොත් මෙම රෝගී තත්ත්වයේ වර්ධනයක් සිදුවන බව දැකගත හැකි වේ.

මෙම රෝගී තත්ත්වය වැළඳීමෙන් පසු හැකි උපරිම ලෙස ජලය පානය කළ යුතුය . පෙනහළු දක්වා මෙය ව්‍යාප්ත වූ විට අධික කැස්සක් ඇතිවීම සිදුවේ . රෝගය සුව උවද එම කැස්ස කාලයක් පවති. Pharyngitis රෝගය බොහෝ සංවේදී රෝගයක් වන බැවින් පරිසරයේ ආර්ධතාවය පිළිබදව අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ . එසේම මෙය වැළඳුණු කාලය තුළ සමාජගත වීමෙන් වැළකීම වඩා සුදුසුය.

කහ කුඩු ස්වල්පයක් යෙදු ලුණු වතුරෙන් උගුර සේදීම , මද රස්නය ඇති ජලයට දෙහි බින්දු කිහිපයක් යොදා පානය කිරීම මගින් වඩා සහනයක් ලබාගත හැකියි . කහ සහ ගම්මිරිස් කුඩු ස්වල්පයක් මී පැණි හැන්දකට මිශ්‍රකර වරින් වර උගුරේ ආලේප වන ලෙස භාවිතා කරන්න.තුල්සි කොල කිහිපයක් හපා කෑමට පුරුදු වීමෙන් සෙම පාලනය කිරීමට බොහෝ සෙයින් උපකාරී වේ. වැල්මී භාවිතයද උගුරේ සහ වේදනාව උදෙසා යෝග්‍ය ඖෂධයකි.

බුද්ධරාජ කල්කය , සුදර්ශන පෙති හා කඵහර ක්වාථය භාවිතා කිරීම,, කෝලශ්ලේෂ්මා තෛලය පපුවේ හා උගුරේ ආලේප කිරීම කල හැකියි . වෛදික ආයුර්වේද ඖෂධයක් වන අගස්ත්‍ය ලේහය මෙම රෝගී තත්ත්වයට ප්‍රත්‍යක්ෂ ඖෂධයකි .

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close