හෙළ නාමකරණය

මේ දිනවල දරුවන් අතර පැතිරෙන Conjunctivitis රෝගයෙන් දරුවන් ආරක්ෂා කර ගන්න

මේ දින වල දරුවන් අතර වේගයෙන් ඇස් රෝගයක් ව්‍යාප්ත වෙමින් පවතිනවා . ඇස් රතු වීම , ඇස් කැසීම , කඳුළු ගැලීම වැනි තත්ත්වයන් බොහෝ දරුවන් අතර තියෙනවා .

මේ අක්ෂි රෝගයට කියන්නේ Conjunctivitis ( කොන්ජන්ටිවිටිස් ) කියලා . සරලව පැහැදිලි කළොත් පරිබාහිරින් ඇසට ඇතුල් වන කුමන හෝ සාධකයක් මුල්කරගෙන කොන්ජන්ටිවා ලෙස හඳුන්වන අක්ෂිබෝලයෙන් පිටත විනිවිද පෙනෙන ස්ථරයේ ඇතිවන ආසාදිත තත්වයකි . අපි සාමාන්‍යයෙන් දන්න දෙයක් තමයි ආසාදිත තත්ත්වයක් ඇතිවූ විට එහි රතුවීමක් ඉදිමීමක් හා වේදනාවක් ඇති කරන බව , මෙහිදී සිදු වන්නේද එයයි .

බොහෝ විට මෙම අක්ෂි රෝගී තත්ත්වය යම් කෙනකුගෙන් කෙනකුට ව්‍යාප්ත වීම සිදු වේ . කලාතුරකින් දූවිලි, පරාග වැනි දේ තුලින් ඇතිවන අසාත්මිකතා නිසා ඇතිවෙයි .

කොන්ජන්ටිවිටිස් අක්ෂි රෝගය වැඩි වශයෙන් සලකන්නේ වෛරස් හෝ බැක්ටීරියා ආසාදනයක් නිසා ඇති වන්නක් ලෙසය .
කොන්ජන්ටිවිටිස් රෝග ලක්ෂණ

• ඇස් රතුවීම
• ඇස්වල දැවිල්ල සහ කැසීම
• ඇස්වලින් කදුලු ගැලිම
• කොන්ජන්ටිවා පටලය ඉදිමීම
• පෙනීම බොඳවීම

වෛදික ආයුර්වේදයේ මෙම රෝගය නේත්‍රාභිෂ්‍යන්දම් ලෙස හඳුන්වන අතර එය පිත සහ කඵ දෝෂ නිසා ඇතිවේ.
දරුවන්ගේ අක්ෂි රෝගවලදී දෙමව්පියන්ට හිතුමතේ කටයුතු නොකළ යුතු අතර ඒ උදෙසා වෛද්‍ය උපදෙස් මත කටයුතු කිරීම ඉතා වැදගත් වේ . වෛදික ආයුර්වේදීය ප්‍රතිකාර ක්‍රම තුළ මෙම රෝගය පාලනය උදෙසා යොදා ගත හැකි සරළ ක්‍රමවේදයන් කිහිපයකි .

• ත්‍රිඵල කුඩු තේ හැඳි භාගයක් රාත්‍රියේදි වතුර වීදුරුවකට දමා උදෑසන ජලය පෙරා ඇස් සේදීම සඳහා භාවිතා කරන්න.
• කහ කුඩු ස්වල්පයක් වතුර ස්වල්පයක් සමඟ මිශ්‍ර කර කුඩා හා පිළිවෙලට රෙදි කැබැල්ලක් එහි ගිල්වා එය වියළීමට තබන්න. ආසාදනය අවම කිරීම සඳහා ඇස්වල බලපෑමට ලක් වූ ප්රදේශය පිස දැමීමට මෙම රෙදි භාවිතා කරන්න.
• ඇඹුල් දෙහි යුෂ ස්වල්පයක් මී පැණි සමඟ මිශ්‍ර කර දිනකට දෙවරක් පානය කරන්න.
• ඇසට සන්සුන් බලපෑමක් සඳහා පිපිඤ්ඤා පෙත්තක් ඇහි බැම මත තබන්න.
• තුවායක් සීතල වතුරේ ගිල්වා වේදනාව සමනය කිරීම සඳහා ඇස මත මෘදු ලෙස තබන්න.
• ඉක්මනින් සුව වීම සඳහා පුළුන් බෝලයක් එළු කිරි ස්වල්පයක ගිල්වා එයින් ඇස් පිස දමන්න.
• වේදනාව අඩු කර ගැනීම සඳහා කොහොඹ කොළ තලපයක් සාදා ඇස් පිහාටු මත බාහිරව ආලේප කරන්න.
• වතුර කෝප්ප භාගයක් සමඟ කොත්තමල්ලි කොළ ටිකක් බ්ලෙන්ඩර් කර මිශ්‍රණය ඇහි පිහාටු මත යොදන්න.
• ආසාදනය අවම කිරීම සඳහා හිස් බඩක් මත උදේ පාන්දර ලෙමන් යුෂ වීදුරුවක් බොන්න

වෛරස් හෝ බැක්ටීරියා ආසාදන ඇතිවීමට ොහෝ විට හේතු වන්නේ තම ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත්ව නොපැවතීමයි . එබැවින් හැකි සෑම විටකම ත්‍රිඵලා පෙති සුදර්ශන පෙති භාවිතා කරන්න.

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close