දීක්ෂා ගුරු මග

හදිහුනියම් බිදදමන සොබා දහමේ විද්‍යාව.


කලි යුගය යනු සියලූ ශාස්ත‍්‍රයන්ගේ පොත්ත ඉතිරි වී ගුණය ඉවත්ව යන යුගයක් යැයි සෘෂිවරු පෙන්වා දී ඇත . එහි සරල අර්ථය යමෙක් කලියුගය තුළ උපදින්නා වු දැණුමෙන් පෝෂණය වී සමාජ ගත වුවද ඔහුගේද ඇත්තේ පොත්ත මිස ගුණය නොවන බවය.

වර්ථමානය තුළ දක්නට ඇති සියලූ භෞතික විද්‍යවන් බිහිවනුයේ ඉතා මෑත යුගයන් තුළදීය. ඒ හරහා ලෝකයේ බොහෝ දේ කලි එලි බසිති. ඒ ඉගෙනුම් හරහාම භෞතිකවාදී චින්තකයින් බිහිවෙති.

බුදුදහම තුළද මේ කලියුග විපරියාසයන් පිලිබදව විග‍්‍රහ කොරති. කලියුගය ඇරඹි දල වශයෙන් වසර තුන්දහස් පන්සියය ගෙවී අවසානය. කලියුගය ඇරඹේන්නේ ක‍්‍රීෂ්ණ දෙවියන්ගේ මරණයත් සමගිණි.

මට කියන්නට අවශ්‍ය වන්නේ එසේනම් පොත්තත් ගුණයත් දෙකම ඇති යම් ශාස්ත‍්‍රයක්වේද එය පැවතිය යුත්තේ ද්වාපර යුගයෙන් ඇරඹෙන්නක් තුළ පමණී.

වෛදික යුගය යනු අදින් වසර 3500 පෙර පැවති යුගයයි. එය අදින් වසර 9000 සක් පමණ දක්වා ඇතට පැවතීයේය. වෛදික ශාස්ත‍්‍රය බිහිවන්නේද මෙම යුගය තුළදීය. එසේනම් ද්වාපර යුගයෙන් ක්‍ෂේශ වු සීමිත ශාස්ත‍්‍රයන් අතරින් එකක් ලෙස වෛදික ශාස්ත‍්‍රය පෙන්වා දිය හැකිය.

මේ ලිපිය ලියන්නට හේතු වෙන්නේ පසුගිය දිනක සිදුවුණු එක්තරා සිදුවීමක් නිසා………..

ව්‍යාපාරික ලෝකයේ ප‍්‍රසිද්ධ නමක් තියෙන එක්තර කාන්තාවක් ආශ‍්‍රමයට පැමිණියා නිමිත්තක් බලන්න.

ඇයගේ නිමිත්ත තුළින් මම කිව්වා ඇයට වසර අටක පමණ තිස්සේ ක‍්‍රීයාත්මක වන ප‍්‍රබල බන්දනයක් පවතින බව….

කෙසේ හෝ ඇයට ඒ උදෙසා බොහොම සරල පිලියමක් දුන්නා.

එය විශ්ව කැපිල්ලක්…. විශ්ව කැපිල්ලක් කියලා කියන්නේ විශ්වයෙන් දෙන පිලියමක්…… එය වෛදික යුගයට අදාල ක‍්‍රමයක්.

මෙය මම පසුව විග‍්‍රහ කරන්නම්…………..

ඇය පසුව කිව්වා ඒ පිලියම කරන්න ඇයට වියදම් උනේ පදම් කල මැටි පැකට් තුනකට ගිය රුපියල් 150 ක වියදම පමණයි කියලා.

ඇය ඒ කතාව කිව්වේ පිලියමෙන් පසු බන්දනය පවතීද නැද්ද කියලා යලි නිමිත්ත බලන්න පැමිණි වෙලාවේ….

ඒ නිමිත්ත තුළ කිසිම හදිහුනියමක් දකින්නට තිබුනේ නෑ….

මම එය කිව්වට විතරක් මදි බන්දනයක හිටපු කෙනෙක්ට එය ඉවත් වු සැණින් මනසට එය දැණිය යුතුයි. ඇය ඉන්පසු පැවසුවා ඇයගේ මනසට ඒ නිදහස දැනෙන බව…..

ඉතින් ප‍්‍රධාන කාරණය එය නොවෙයි. ඇය පිටව යන්නට මොහොතකට පෙර දණගහල වැදලා අපුර්ව කථාවත් කිව්වා.

මහත්තයෝ මම මේ අවුරුදු අටට කොඩි වින කපන්න ලක්ෂ 20 කට වැඩිය වියදම් කරා…. ඒත් අඩුම තරමින් මගේ හිතටවත් නිදහසක් දැණුනේ නෑ…. ඒත් මේ දේ කරලා තවම සතියයි.

අවුරුදු තුනක් ගෙදරවත් එන්නේ නැතිව වෙන්වෙලා හිටපු මහත්තයා ආයිත් ගෙදර ආවා. මට ඒ හොදටම ඇති….

මම ආශ‍්‍රමයට ආවේ අහම්භයකින්. ආශ‍්‍රමයට එන්න දින කිහිපයකට කලින් එක්තරා හාමුදුරුකෙනෙක් ගාවට ගියා . හුණියම කපන්න ලක්ෂ 2 දෙන්න කිව්වා. මම හා කිව්වා. දැන් ඒ ලක්ෂදෙක තියලා යන්න නැත්තන් මම වෙන එකක් බාර ගත්තොත් ටික දවසක් යනකන් කරන්න බැරි වෙයි කිව්වා. මගේ අතේ ඒ වෙලාවේ තිබ්බේ 35000 මම ඒක මේසේ උඩින් තියලා ඉතිරි සල්ලි දැන් අරන් එන්නම් කියලා පිටවෙලා ආවා. ආයිත් මම ගියේ නෑ ඒ පැත්තටවත්……

මෙන්න මේ සිදුවීම නිසා තමයි මේ ලියන්න හිතුවේ….

මෙයට සමානම තවත් සිදුවීමක අත්දැකීමකුත් තියෙනවා. පිරිකරක් බලෙන් ඔලූව උඩ තියලා ලක්ෂ 4 දෙන්න පොරොන්දු ගත්තු කෙනෙක් ගැන…

මෙය මා පසුව කියන්නම්….

සොබා දහමේ විද්‍යාව විශ්ව කැපිලි මේ මොනාද?

මම දන්නවා ගොඩක් අයට මේක තේරෙන්නේ නෑ.

ආශ‍්‍රමයට ආපු අයටනම් මේක අරුමයක් නොවෙයි. ගහක මුලක් වතුර විදුරුවක් කලූගල් කැබැල්ලක් වර්ණ මල් ආදී දෙයක් නැකතකට බිදදැමීම මගින් විසදන්න බැරි හදිහුනියමක් මොහොතකින් කපා ඉවත් කිරීම තමයි විශ්ව කැපිල්ලක් කියලා කියන්නේ….

සොබා දහමේ විද්‍යාව දන්න කෙනෙක්ට මෙය කල හැකියි. මෙතනින් එහාට මේ පැහැදිලි කිරීම ටිකක් සංකිර්ණ වෙයි.

කලියුගය කියන්නේ පංචමුල ධාතුන්ගේ ක‍්‍රීයාත්මකවිමක්. එහෙත් වෛදිකයේ විශ්වය ක‍්‍රීයාත්මක වෙන්නේ රවුම් හැඩයත් ත‍්‍රී ගුණයත් මුල් වීමෙන් බව හදුනා ගෙන සිටියා. මේ තුන කියන සංකල්පය සෑම පුරාණ ඇදහිල්ලක් තුළටම ගොනු වෙන්නේ ඒ නිසයි. සියලූ ආගම් පුරාණ ලියවිලි හා දැණුම තුළින් ගොඩ නැගෙන්නක්…

ත‍්‍රී මෘර්තිය තිසරණ ත‍්‍රීකුට ත‍්‍රීදේව ත‍්‍රී ලෝක ත‍්‍රීකාල ත‍්‍රීරත්න ත‍්‍රීදොර ආදි තෙවැදැරුම් සංකල්ප සෑම ආගමක් තුළම බිහිවන්නේ මෙම ත‍්‍රී ගුණය පදනම් කොට ගණිමිනි.

සාත්වික්් තමසික් හා රජසික් යන ගුණයන් තුන එක්වීමෙන් ආත්මයත් මනසත් ශරිරයත් එකිනෙක බද්දවෙමින් මිනිසෙක් නිර්මාණය වෙනවා. මිනිසා කියන්නේ මහා විශ්වයේ කුඩා හැකුලූමක් කිව්වොත් එය නිවැරදිය.

මෙසේ ත‍්‍රී ගුණය පසුකාලීනව පංචධාතුන්ට බෙදා දක්වන් ලබනවා. එය හරියට ශ‍්‍රී ලාංකිකයා යුඑන්පි ශ‍්‍රීලංකා ජේවිපි කියා බෙදීමට සමානයි. මේ පක්ෂ බෙදීම හරහා තනි පුද්ගලයාට ඇතිකරන බලපෑමම තමයි පංචධාතුන්ගෙන් ඇති කරන්නේ. එතන තියෙන්නේ ගුණය ඉවත් වු පොත්තක් පමණයි.

එවන් තත්වයකදී හදිහුනියම් වලින් සිදුවන්නේ පංචධාතුන් කැලඹවීම. එය අවස්ථානුකුලව වෙනස් වෙනවා. කෙනෙක්ට අග්නි ධාතුවෙන් පිඩා ඇති කරන විට තවත් අයෙක්ට ජල ධාතුවෙන් පිඩා නිර්මාණය කරන්නට පුලූවන්… මිනිස් ශරිරයට පමණක් නොවෙයි. භූමියටත් මේ පංචධාතු කැළඹවීම අදාලයි.

මෙතනදී බොහොම සරල විසදුම තමයි පොත්ත පැත්තකින් තියලා ගුණයෙන් පිලියම් යෙදීම. එ කියන්නේ ත‍්‍රී ගුණය සමබර කිරීම. මේක සමහර විට දන්න විදියට කිව්වොත් තේරේවි…. රිෆේෂ් කිරීමක් නැත්තම් සිස්ටම් රිස්ටෝ කිරීමක් තමයි මෙතනදි වෙන්නේ…. එය බොහෙම සරලයි. එය තමයි සොබා දහමේ විද්‍යාව කියන්නේ… එයට තොවිල් නටන්න . මන්තර කියන්න ඔනේ වෙන්නේ නෑ……

හැබැයි මෙතනදි එකම එක ගැටලූවක් තියෙනවා. හදිහුනියම් වලින් මිදෙන්න මේ පිලියම් ලබාගන්න හැමෝටම අවස්ථාව ලැබෙන්නේ නෑ.

මොකද දික්ෂා ගුරුවරයෙක් හමුවෙන්න යමෙක්ට අවස්ථාව ලැබෙන්නේ විශ්වයෙන් ලැබෙන අවසරයෙන් පමණයි.ඒ අවසරය ලැබෙන කෙනා ලොව කොහේ හෝ ඉන්න දික්ෂා ගුරුවරයෙක් ලගට යොමු වේවි.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close