විශ්ව පිළියම්

මිනිසුන් සුවපත් කිරීමේ බලය

මම සත්‍ය සායි ස්වාමි ගැන විස්තරයක් පලකලාම කෙනෙක් මගෙන් අහලා තිබුනා ඔබ මිනිසුන් සුවපත් කිරීම කියලා අදහස් කලේ කුමකටද ? කියලා….

මා මිනිසුන් සුවපත් කිරීම කියලා අදහස් කලේ මනසින් පිඩා විදින මිනිසුන්ට සහනය ලබා දීම කියන එකටයි….

එය විවිධාකාර විය හැකියි….

හැබැයි එය භෞතිකයි….

මොකද මට කිසිදු අවශ්‍යතාවයක් නෑ මිනිසුන්ව ආධ්‍යාත්මිකව සංවර්ධනය කරන්න. එකට හේතුවක් තියෙනවා…..

සමස්තයේ වචනයෙන්ම කියනවනම් අපිට උරුම කරවපු නිර්මල ආර්ය මර්ගයක් තියෙනවනේ එ උදෙසා…..

මගේ තුළ තියෙන්නේ මැදුම් පිලිවෙත එ කියන්නේ හතරවන චක‍්‍රයට පහලින් වු රූප ධ්‍යාන සපුරා ලීමේ මාර්ගයක්…..

මම මේක පැහැදිලි කරන්නට පුංචි උදාහරණයක් කියන්නම්…

එක්තරා පාසකල විදුහල්පතිණියක් ආශ‍්‍රමයට දුරකථන ඇමතුමක් ලබා දුන්නා. ඒ ඔහුගේ දරුවාගේ හදිසි රෝගී තත්වයක් වෙනුවෙන් පිහිටක් ලබා ගැනීම උදෙසා….

එතකොට වෙලාව හවස හතරයි….

මම ඇහුවා දරුවව බලන්න ආයිත් රෝහලට යන්නේ කීයටද කියලා…

හවස පහට…..

ඔහුන්ට ආශ‍්‍රමයට එන්න වෙලාවක් නෑ…

මම කිව්වා පෙරලා පැන් එකක් අරගෙන සුදු රෙදි කෑල්ලකින් වහලා බුදු පහන ලගින් තියලා යනවෙලාවට ඒ වතුර එක අරන් ගිහින් දරුවට පොවන්න කියලා……

මම ඒ පැන් එකට ආශ‍්‍රමයේ ඉදන් පුංචි ආශිර්වාදයක් එක් කලා….

ඒ අය දරුවට ඒ පැන් එක පොවලා තිබ්බා….

පසුදා උදේ ආයිත් ඒ අය මට කථා කලා …

ඊයේ රූ දරුවට බඬේ වේදනාව එකපාරටම වැඩි වෙලා… උදේ නම් හොදයි නමුත් ස්කෑන් කලා 12.30 ඔපරේෂන් එකට ගන්නවා කිව්වා.

දොස්තරලා කියන්නේ ඇපේන්ඩිසස් කියලා.

මම දකින්නේනම් දැන් දරුවට සුවයි. ඔපරේෂන් කරන්න අවශ්‍ය නෑ.

ගෙදර අය අත්සන් කරලා ඉවරයි.

හරි කමක් නෑ…..

දවල් 12.55 වෙද්දිම ආයිත් ඒ අයගෙන් දුරකථන ඇමතුමක් ආවා.

මහත්තයා මාර වැඩක්නේ…

ඔපරේෂන් කලාට එකේ ගල් මුකුත් නෑනේ….

ඊයේ හවස ඒක පුපුරලා….

දොස්තරලා කියනවා … එක පුපුරලා පැය හයකට වඩා ජිවත් වෙන්නේ නෑ කියලා……

දොස්තරලා කියනවා මේක ප‍්‍රාතිහාර්යයක් කියලා…..

මගෙන් ඇහුවා ඔයගොල්ලෝ මොනවා හරි වෙනත් දෙයක් කලාද කියලා….

මම කිව්වා පිරිත් පැන් වගයක් දුන්නා කියලා….

දැන් දරුවට සුවයි නේ …..
……………………………………………………..
මම මිනිසුන් සුවපත් කිරීම කියලා දකින්නේ ඔන්න ඔය දේටයි….

මම සුවපත් කලේ රෝගියාව නොවෙයි…

මට කථා කල මවගේ හිතයි…..

දීක්ෂා ගුරු

කාංචන මනමේන්ද්‍ර

5 1 vote
Article Rating
Subscribe
Notify of
guest

1 Comment
Inline Feedbacks
View all comments
Delpoagoda gamage Chaminda
Delpoagoda gamage Chaminda
June 18, 2021 10:00 pm

අති විශිෂ්ඨයි ගුරුතුමනි

Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
1
0
Would love your thoughts, please comment.x
()
x