විශ්ව පිළියම්

රුකියාව සොලවා ලූ පොල් ගෙඩිය .......

දිර්ග කාලයක් තිස්සේ හදිහුනියම් වලින් හෙම්බත්ව සිටි එක් පවුලක් මීට වසරකට පමණ පෙර ආශ‍්‍රමයට පැමිණියා ….

කෙසේ හෝ වසර ගණනාවක් තමන් පිඩා විදි තත්වයන්ගෙන් ඔහුන් ටික ටික මිදෙන්නට වුනා….

කාලය ගෙවි ගියා. පසුගිය දිනක ඒ පුවුලේ තරුණයා හා මව හදිසියේ ආශ‍්‍රමයට පැමිණියා . ඒ නිමිත්තක් බැලීම සදහායි.

නිමිත්ත තුළන් මා අවබෝධ කර ගත්තා ඔහුනගේ ජිවිත වල යළි තරමක සෙලවීමක් වී ඇති බව. ඒත් ඒ සෙලවීමට තවම දින ගණනක් පමණයි ගෙවී ගොස් පැවතියේ.

අම්මා තරමක් ලෙඩ වෙලා ප‍්‍රබලම ගැටලූව වුයේ පුතාගේ රුකියාවේ යම් පිඩාකාරී තත්වයන් වර්ධනය වෙමින් පැවතීමයි.

මෙය ගැඹුරින් විසදිය යුතු තත්වයක් වු නිසාම මා අතීතය සොයා යන්නට වුණා…..

ඔය ගොල්ලන්ගේ ඉඩමේ දකුණු පැත්තට වෙන්න මායිම කිට්ටුව පොල් ගහක් තියෙනවද ?

ඔව්

ඔය ගහෙන් වැටෙන පොල් අල්ලපු ගෙදරින් ගන්නවා නේද ?

ඔව් මහත්තයෝ….. පොල් ගෙඩියක් වැටෙන සද්දේ ඇහුන ගමන් අපි බලා ඉන්දද්දීම වැටෙන් පැනලා පොල් ගෙඩිය ඇහිද ගන්නවා. රන්ඩු වෙන්න බැරි නිසා අපිත් නිහඩව ඉන්නවා. දරුවන්ව රන්ඩු වලට පටලන්න බෑනේ.

දින අටකට විතර කලියෙන් අමු ලෙල්ලක් තියෙන බොල් ගෙඩියක් ගහ යට වැටිලා තිබ්බද ?

ඔව්……..

මොකද කලේ ඒකට…..

මම එක ඇහිද ගත්තා. මම හිත හිතා තමයි ගත්තේ අද පොල් ගෙඩිය වැටෙනවා ඇහිලා නෑ කියලා.

කෝ ඉතින් පොල් ගෙඩිය….

අපි ඒකෙන් සම්බෝල හැදුවා.

ටිකක් හිතුවේ නැද්ද අමු පොල් ගොඩියක් වැටුනේ කොහොමද කියලා……

මටත් හිතුනා මහත්තයෝ …… එත් මම ඒක එච්චර දුරට හිතුවේ නෑ..

කොහොම හරි එදායින් පස්සේ නේද ඔය ගැටලූ ඔක්කොම…

ඔව් මහත්තයෝ…..

ඔය පොල් ගෙඩිය මතුරලා වත්තට දාපු එකක්…. තමන්ගේම ගහොන් තමයි කඩා ගෙන තියෙන්නේ….

මීට පස්සේ කල්පනාවෙන් වැඩ කරන්න.

කමක් නෑ අපි ප‍්‍රශ්නේ විසදමු……

මෙන්න මේක ගහේ බැදලම කපලා දාන්න. වදුරෝ නොවෙයිනේ ගස් නගින්නේ මිනිස්සුනේ……

කියමින් අවසානයේ සරල විශ්ව කැපිල්ලක් මම දුන්නා

එකෙන් ඒ අයගේ ගැටලූ ටික විසදුනා.

………………………………………………………………………………

ඊයේ දවල් ඒ තරුණයාගේ මව ආශ‍්‍රමයට දුරකථන ඇමතුමක් දුන්නා…

මහත්තයෝ මාර වැඩක් වෙලා නේ…

අර පොල් ගෙඩි අහුලන අයගේ ගෙදර පුතාගේ වාහනය හැප්පිලා කකුල කැඩිලා…..

ආ ඇත්තද ?

මා පැවසුවේ එපමණකි.

දීක්ෂා ගුරු

කාංචන මනමේන්ද්‍ර

0777 96 44 74

5 3 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x