Arrival of Alien

ඔරායන් සිට පැමිණි කුහුඹු මිනිසුන්

පෘථිවිය වරෙක ගින්නෙන් ද තවත් වරෙක අයිස්වලින් ද විනාශ වී ගිය බව කියවේ. ගින්නෙන් විනාශ වී යෑම යන මහා උල්කාවක් ඇදවටී දැවැන්ත ජීවීන් පවා විනාශ වී ගිය මොහොත විය හැකිය.

එහෙත් මේ මහා විනාශයන් දෙක තුළින්ම බේරුණු මිනිසුන් පිරිසක් පිළිබඳවද පුරාවෘතයක් පවතී. ඔහුන් නම් උතුරු ඇරිසෝනාවේ හා කොලරාඩෝ නිම්නයේ මහා උමං පද්ධති තුළ ජීවත් වූ කුහුඹු මිනිසුන්ය.

මෙම ප්‍රදේශ නිසරු කාන්තාර ප්‍රදේශ බව අමුතුවෙන් කිව යුතු නැත. මෙහි ජීවත් වූ ජනතාව හෝපි වරු යැයි හැඳින්වේ. ඉතා අඩු වර්ෂාපතනයක් සහ කර්කශක පරිසරය තුළ ජීවත් වූ මෙම ජනතාව ගල් වලින් සෑදු නිවාස තුල ජීවත් වූ අතර ඒවා තුළට ඉහළින් ඇතුළු විය හැකි ලෙස සකස් කර තිබුණි.

නිසරු කාන්තාර භූමියක ජීවත් වූ මිනිසුන් ස්වාභාවික ව්‍යසනයන්ගෙන් බේරා ගැනීම උදෙසා අහසින් පැමිණි විචිත්‍රවත් වලාකුලක සහ ආලෝකයක් විසින් මග පෙන්වූ බවත් ඒ මඟ අනුව මෙහි පිහිටි මහ ගල් කන්දක අඩි දහස් ගණනක් උසින් තැනූ ඉතා සංකීර්ණ උමං ජාල පද්ධතියක් තුළට මෙම ජනතාව ගමන් කළ බවත් ඒ තුළින් ඔහුනගේ ජීවිත ආරක්ෂා වූ බවත් කියවේ.

හෝපි ජනතාව තුළ ඇති පුරාවෘත්තය අනුව ෙම කාන්තාර භූමියේ සිටි මිනිසුන්ට දහවල් කාලයේදී දීප්තිමත් හැඩති වලාකුළක් විසින් මග පෙන්වූ අතර රාත්‍රී කාලයේ දී ආලෝකමත් තරුවක් විසින් මගපෙන්වා ඔවුන්ව අහස් දෙවියන් ළඟට රැගෙන ගියෝය. අහස් දෙවියන් කුහුඹුන්ට කතා කොට මෙම ජනතාව රැකගන්නා ලෙස පැවසීය. මෙම උමං මාර්ග කරා ජනතාව රැගෙන යන්නේ මෙම කුහුඹුවන් විසිණි.

මේ කුහුඹුවන් යනු කවුරුන්ද ?

කුහුඹුවන් පැමිණි බව කියවෙන්නේ ඔරායන් බඳ පටියේ පිහිටි එක් ග්‍රහලෝකයක් වෙතිනි. කුහුඹුවන්ගේ ඉන සිහින් වන්නට හේතුව දඩයක්කාරයා ගේ බඳපටිය පිහිටි තැන ඒ ආකාරයෙන්ම සිහින් වීම යැයි හෝපි ජනතාවගේ අදහසයි.

අප මේ කතා කරන්නේ වසර දස දහස් ගණනකට පෙර යුගයක් පිළිබඳවය. මැමත් වර්ගයේ ඇතුන් සිටි යුගයෙන් පසු පොළොවේ දැවැන්තයින් ජීවත් වූ ඩයිනෝසර යුගය දක්වා වූ කාල වකවානුවක් පිළිබඳ ව ය.

ගවයාගේ පෙනුම සහිත ටෝරස් ග්‍රහ පද්ධතියේ පිහිටි බුද්ධිමත් ජීවීන් ගේ ලෝක පිළිබඳ මා පෙර සඳහන් කළ ලිපියට අනුව පූර්ව ශිෂ්ටචාරවලින් හමුවූ රොන් මඩ පතුරක මිහි තලයේ විසූ දැවැන්ත ඩයිනෝසර ජීවීන් මෙල්ල කොට මිනිසුන්ට නිදහසේ ජීවත් වන්නට හැකි ලෝකයක් බිහි කරන ආකාරය පිළිබද යම් චිත්‍රණයක් ඔහු බව ඔබට මතක ඇති.

කුහුඹු මිනිසුන් සම්බන්ධ වන්නේ ඒ යුගයට ය. එනම් පෘථිවි ජනාවාසකරණය තුළ ප්‍රථමයෙන් ඉදිකළ බව කියන අනුනාකි ජනාවාස වලටත් පෙර යුගයක් පිළිබඳවය.

ඔරායන් බද පටිය මුල්කටගත් තරු ආශ්‍රිත ග්‍රහ පද්ධති වල මානුෂීය හැඟීම් සහිත ජීවී කාණ්ඩ කිහිපයක් සිටිති. කුහුඹු ජීවීන් යනු ඉන් එක් කාණ්ඩයකි. ඔරායන් තාරකා පන්තියද ඇන්ඩ්‍රොමීඩා කවුන්සලය යටතට ගැනෙන පද්ධතියකි.

පෘථිවිය ජනාවාස කරණය උදෙසා අවශ්‍ය මූලික තත්ත්වයන් නිර්මාණය කරනු ලබන්නේ ඇල්නීලම් පද්ධතිය විසින් බව අවස්ථා කිහිපයකම පවසා ඇත. ඒ යටතේ පෘථිවියේ එක් එක් පරිසර පද්ධතීන් තුළ නිර්මාණය කළ හැකි ජීවී කාණ්ඩයන් පිළිබඳ යම් පර්යේෂණයන් සිදු කෙරුණු බව අපට සිතිය හැකිය.

එසේ ඇතිකළ හෝපි ශිෂ්ටාචාරය වර්ධනය කිරීම උදෙසා පැමිණි ජීවී කාණ්ඩයක් ලෙස ඔහු මිනිසුන් හැඳින්විය හැකිය. ඇමරිකාව මෙක්සිකෝව ආදී ගොඩබිම් සීමාවන් මුල් කොට ගනිමින් පැවති පුරාණ ශිෂ්ඨාචාර වලින් හමුවන රූපසටහන් හා ගුහා සිතුවම් අතර කුහුඹු මිනිසුන් පිළිබඳ බොහෝ සාධකයන් දැකගත හැකි වේ. මෙම රූප සටහන් අතර වළලු අතරෙන් පැමිණෙන කුහුඹු මිනිසුන්ගේ රූප බහුල ලෙස දැකගත හැකි වේ.

ඉතා වැදගත් කතාවක් මේ තුළ ඇත. බැබිලෝනියානු ශිෂ්ටාචාරය තුළ අහස් දෙවියා ලෙස පිළිගැනෙන්නේ අනු ලෙස නම් කරන ලද දෙවිකෙනෙකි. හෝපි ජනතාව අනු යන වචනයෙන් කුහුඹුවා යන්න සංකේතවත් කරනු ලබයි.

අනුනාකිවරු ගුවනින් පැමිණි පිරිසක් ලෙස සලකනු ලබන අතර අනුනාකිවරු පෘථිවි ශිෂ්ඨාචාර ගොඩ නැගීම උදෙසා පැමිණි පිරිසක් යැයි විශ්වාස කරති. මොවුන් අතර විවිධ ජීවී කාණ්ඩවල යම් සම්මිශ්‍රණය ද පවතින බව පෙනී යයි.

හෝපි ජනතාව නාකි යන වචනයෙන් මිතුරා යන්න සංකේතවත් කරනු ලබයි. ඒ අනුව සලකා බලන විට අනුනාකි යනු “කුහුඹුවන්ගේ මිතුරා” යන්නයි.

මෙසේ සලකා බලන කල අනුනාකි වරුන්ගේ ව්‍යාප්තිය හා කුහුඹු මිනිසුන් අතර යම් සුහදශීලී සබඳතාවයක් පැවති බව අපට සිතිය හැකිය. මෙම සබඳතාවට හේතු වන්නේ එක්කම පිරිසක් විසින් මෙම ශිෂ්ටාචාරයන් ගොඩනගීම උදෙසා උපකාර කිරීමයි.

ඊජිප්තු ශිෂ්ටාචාරයේ මුල් කාලීන පාරාවෝ රජෙකු වූ Akhenaten වරුන්ගේ රූප නිර්මාණයේේ දී හිි භාවිතා කර ඇති දිගටි හිස දිගටි ඇස් දිගටි බෙල්ල හා ශරීරයේේ ඉදිරිපස වර්ණය තුළින් සංකේතවත්්ර් කර ඇත්තේ කුහුඹුුු පිටසක්වලින් බව සිතිය හැකිය. මෙම පාරාවෝ රජුගේ ශරීර ලක්ෂණ සහ පාදවල ස්වභාවයන් සම්පූර්ණයෙන්ම අප්‍රිකානුු Pharaoh Ant ලෙස හඳුන්වන කුහුඹු වර්ගයේේේ පෙනුමට සමන වේ.

ඊජිප්තුව හා කුහුඹු ජනතාව අතර බොහෝ සබඳතා පැවති බවට බොහෝ සාධක මෙම උමං පද්ධති තුළින් හමුවේ.

හෝපි පුරාවෘත්තය තුළ මෙසේද සඳහන් වේ. හෝපි ජනතාවගේ ජීවන රටාව ගොඩ නැගී ඇත්තේ බඩඉරිඟු බෝංචි හා ස්කොෂ් යන බෝග තුන මතයි. මේවා එම ජනතාවට ලබාද ඇත්තේ කුහුඹු කාන්තාවක් විසිනි. ඇය විසින් කුමන මානයෙන් සිව්වන මානය ට ගමන් කිරීම උදෙසා අවශ්‍ය බොහෝ දේ හෝපි ජනතාවට කියා දී ඇත.

ඇයගේ මිතුරකු වූ ටාවා සූර්ය දෙවියන් වූ අතර දෙදෙනා එක්ව පෘථිවිය ගොඩ නගමින් මෙහි ශිෂ්ටාචාර ගොඩනැඟූ බව කියවේ. මොවුන් දෙදෙනා එක්ව කෘතිමව මිනිසුන් හා සතුන් නිපදවා ඔහුන්ට ජීවය ලබා දී ඇත. එසේ සෑදූ මිනිසුන් ලොව පුරා විසිර ගොස් ජනපද ගොඩනගා ගෙන සිටින අතර ඔහුන්ට මුල් කාර්යන් අමතක වුවද අවශ්‍ය මොහොතේදී මනසින් සන්නිවේදනය කිරීමේ හැකියාව පවතින බව කියවේ.

මෙය පුරාවෘතයක් ලෙසින් අප සිතුවද මෙහි ඉතා ගැඹුරු කතාවක් ඇත. මා මෙහි මුල සිට කියූ පරිදි ලෝකයේ මුලින්ම පැමිණි පිටසක්වලින් අතර ුහුඹු පිටසක්වලයින්ට හිමිවනුයේ ප්‍රධාන තැනකි. මෙම පුරාවෘත්තය තුළ ඇත්තේද එම කතාවයි.

ඇමෙරිකාවේ ග්රෑන්ඩ් කැනියොන් හි අභ්‍යන්තරයෙන් සොයා ගත් මා හා භූගත උමං බලකොටු සමූහයද ඔරායන් සිට පැමිණි කුහුඹු මිනිසුන්ගේ නිර්මාණයක්ම යැයි පිළිගන්නට සිදු වන්නේ එය තනන්නට ඇති කාල වකවානු පිළිබඳ සිතා බලන විට වන් වූ දියුණු ක්‍රමවේදයක් එකල සිටි මිනිසුන් සතුව තිබුණාදැයි සිතිය නොහැකි බැවිනි.

දීක්ෂා ගුරු

කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close