Arrival of Alien

වසර 5000ක් පැරණි කෘෂි පර්යේෂණාගාරය

ඔබට මතක ඇති මා දේවයානි ලිපි පෙල ලියන අවස්ථාවේ දී අනාගත යුද්ධයක අවශ්‍යතාවය වෙනුවෙන් වී වගාව ඇති කළ බවත් , කල් තබා ගත හැකි ධාන්‍ය වර්ගයක් ලෙස පර්යේෂණ මට්ටමින් වී නිෂ්පාදනය කළ බවත් කියූ බව…..

ලස්සන පන්දහසකට හය දහසකට පෙර යුගයේදී පර්යේෂණාත්මක කෘෂිකර්මයක් පැවතීය යනුවෙන් පැවසීම හිතළුවක් ඇයි ඔබ හිතන ඇත. ඔබ පමණක් ම නොවේ . මා රන්දිව පුවත්පතේ රාවණ ලිපි පෙල ලියන අවස්ථාවේ දී එහි ලියූ අනාවැකි සත්‍ය වීමට පෙර එහි සිටි කතුවරයාද මා ලියන්නේ හිතලුවක් යැයි කියූ අවස්ථා විය. එහෙත් මා එදා කියූ සියල්ල අද වන විට සත්‍ය වී අවසන්ය.

මා ඔබට අද කියන්නට යන්නේ වසර හාරදහසකට පෙර යුගයේ පැවැති කෘෂි පර්යේෂණාගාරයක් පිළිබඳවය.

පේරුහි පූජනීය නිම්නයේ මුහුදු මට්ටමෙන් මීටර් 3500 ක් පමණ ඉහලට ගමන් කරන විට මොරේ නම් පූජනීය නගරය හමුවේ. එය පේරු හි ප්‍රධාන ශිෂ්ටාචාරයෙන් ඈතින් වූ පෞරාණික නගරයකි.

මෙහි ඇති විශේෂිත ම ස්ථානය වනුයේ ස්ථර අනුව වෙනස් වන වෘත්තාකාර වළලු සහිත භූමි ප්‍රදේශයයි.

මෙම භූමිය පිළිබඳ මතවාදයන් තුනක් පවතී.

මෙම භූමියට ඉහළ රහස් ප්‍රදේශයේ වරින් වර පිටසක්වල යානා දර්ශණය වූ බවට විවිධ අදහස් පවතින අතර මෙම වළලු රටාව පිටසක්වල යානා නැවතුමක් විය හැකි බවට මතයක් පවතී.

දෙවැන්න වනුයේ මෙය සුසාන භූමියක් විය හැකි බවයි.

තෙවැන්න පර්යේෂණ මට්ටමින් සනාථ කළ අවසන් නිගමනය යි. එනම් ඉන්කාවරුන්ගේ කෘෂිකර්මික පර්යේෂණාගාරය මෙයයි.

මෙවන් වෘත්තාකාර භූමියක් තුළ කළ හැකි කෘෂි පර්යේෂණ යනු මොනවාද ? අපට මතුවන ප්‍රධානම ගැටලුව එයයි.

එකෙක් වළල්ලක් අතර උස පරතරය අතර අඩි 6 ක පමණ වෙනසක් පවතී. මෙම භූමියේ වලලු වල ඉහළ සහ පහල අවසන් බිම් මට්ටම අතර සෙල්සියස් අංශක 15 ක උෂ්ණත්ව වෙනසක් පවතී.

ඉන්කා ශිෂ්ඨාචාර වැසියන් එකම භූමියක් තුළ එක මොහොතකදී සෙල්සියස් අංශක 15 ක උෂ්ණත්ව වෙනසක් ඇති කරන්නට තරම් තාක්ෂණික වශයෙන් දියුණු ව සිටියා ය යන්න සිතීම ද විශ්මයජනක කරුණකි.

එසේම මෙම වළලු අතර සූර්ය ආලෝකය පතිත වන ආකාරය සුළඟේ වේගය ආර්ධතාවය පවා වෙනස් වීමකට ලක් වන බව පෙනී යයි.

වෘත්තාකාර වළලු යොදා ගැනීම තුළින් ඔවුන්ට වගා කිරීමට අවශ්‍ය වූ භෝග විවිධ කෝණයන් අනුව සුර්ලෝකය පතිත වන ආකාරය අනුව වර්ධනය වන ආකාරය පර්යේෂණ කරන්නට ඇතැයි සිතිය හැකිය.

සරලව විග්‍රහ කළහොත් කාලගුණික දේශගුණික තත්ත්වයන් වෙනස් කිරීම තුලින් බෝග වලට ඇතිවන බලපෑම පිළිබඳව ඔවුන් පර්යේෂණ පවත්වා ඇති බව පෙනී යයි. මෙම පර්යේෂණාගාරය වටා යොදා ඇති ගල් පතුරු සිදුරු සහිත වන අතර ඒ හරහා මෙම භූමියට ගලා එන ජලය පෙරා වෙනත් භූමි කරා ගලා යෑම සිදුවෙයි.

මේ භූමියට අවශ්‍ය ජලය ගලා එන වාරි පද්ධතියක් එකළ පැවති බවට සාධක දැකගත හැකි වේ. වර්තමානය වන විට ඒවා සක්‍රීය නො වීමට හේතු වනුයේ තවමත් ඒවා සංරක්ෂණය කරමින් පැවතීමයි.

අර්තාපල්, ඉරිඟු, ක්විනෝවා, වැනි ධාන්‍ය වර්ග වල ඇට එම භූමිය සංරක්ෂණය කිරීමේ දී හමු වූ අතර මෙම පර්යේෂණාගාරය තුළ වැඩි වශයෙන් පර්යේෂණයට ලක් වී ඇත්තේ මෙම බෝග වර්ගය බව එමගින් අවබෝධ කොට ගැනුණි.

පර්යේෂණාත්මක කෘෂි කර්මාන්තයක් වසර හාරදහසකට පන්දහසකට පෙර පැවතීම අහඹුවක් විය නොහැකිය. පුරාතන ශිෂ්ටාචාර හා දියුණු ජීවී සබඳතා පැවති බවට මෙය හොඳම සාධකයකි.

අතීත ලංකාවේ පැවති සොභා දහම පදනම් කරගත් වගා තාක්ෂණය බිහි වූයේ ද මේ ආකාරයෙන් විය හැකිය. යල මහ කන්නයට අදාල වගා ක්‍රම වේදයන් හා සූර්ය වර්ණාවලියේ වෙනස්වීම් මත සිදු කළ වගා ක්‍රමවේදයන් නිර්මාණය වන්නේ ද මෙවන් ආකාරයේ ම පර්යේෂණාගාර හරහා විය හැකිය.

අපට තවමත් ඒවා පුරාවිද්‍යාව තුල පර්යේෂණාත්මකව අත්හදා බලන්නට තරම් මානසික පරිවර්තනයක් ඇති වී නැති බව පෙනී යන කරුණකි.

දීක්ෂා ගුරු

වෛදික ජ්‍යොතිෂ්‍යවේදී

කාංචන ගීත මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close