Arrival of Alien

හෙලයන් ග්‍රහ තරු හැදෑරු මායාවරුන්ගේ ජල දර්පණය

තාරකා විද්‍යාව නූතන විද්‍යාවක් ලෙසින් අර්ථකථනය කළ ද එහි ආරම්භය වසර දස දහස් ගණනක් ඈතට දිවයයි. ජ්‍යොතිෂය හා නක්ෂත්‍රය පදනම වනුයේ ද තාරකා ශාස්ත්‍රයයි.

දුරේක්ෂය සොයා ගැනීමට පෙර ආදි මුතුන් මිත්තන් ග්‍රහ තරු නිරීක්ෂණය කරන්නට ඇත්තේ කෙසේද යන්න පිළිබඳ විවිධ මතිමතාන්තර පවතී.

පියවි ඇසෙන් පෙනෙන තරු රටාවන් මෙන් මා පියවි ඇසට නොපෙනෙන ග්‍රහ වස්තු පිළිබඳව ද ඈත අතීතයේ මිනිසුන් දැන සිටි බවට බොහෝ ලිඛිත සාධක ද දක්නට හැකිය.

ඔවුන් ග්‍රහ තරු නිරීක්ෂණය කරනු ලැබුවේ කෙසේද ? යම් දියුණු ජීවීන් ගේ මඟ පෙන්වීමක් ඔවුනට ලැබුණද ? නැතිනම් මානසික ශක්තිය දියුණු කරන ලද යම් පිරිසක් විසින් ගැඹුරු ශාස්ත්‍රයන් ලෝකයට දායාද කරනු ලැබුවා ද ?

මේම ප්‍රශ්න වලට තවමත් ලෝකය උත්තර සොයමින් සිටියි.

මෑත කාලීනව කෙමෙන් කෙමෙන් මතු කර ගනු ලබන පුරාණ සිස්චාර සියල්ලේම සමාන ලක්ෂණ පවතින බව මේ වන විටත් ඔබ දන්නා කරුණකි. මෙම සමානතා අතර කුඩා ආනතික වෙනස්කම් සහිත කුඩා ජල පොකුණු පිහිටා ඇති බව පර්යේෂකයො විසින් සොයාගත් කරුණකි.

ඇත්තටම මෙම පොකුණු වලින් කෙරුණු කාර්යය කුමක්ද ? අලංකාරය පිණිස තැනූ ඒවා ද ? නැතහොත් මේවායින් යම් සංකීර්ණ කාර්යයක් සිදු කෙරුණ ද ?

මෙම පොකුණු සම්බන්ධයෙන් මතු වූ මුල්ම අදහස වූයේ මේවා ජල දර්පණ විය හැකි බවයි. ජල දර්පණයක් යනු වර්තමානයේ අප මුහුණ බලන්නට භාවිතා කරන කණ්නාඩි හා සමාන වූවකි.

මෙම කුඩා පොකුණුවලට ජලය පිරවූ පසු එය දර්පණයක් ආකාරයෙන් ක්‍රියාත්මක වන අතර එමගින් තම පිළිබිඹුව ඉතා හොඳින් බලා ගැනීමේ හැකියාව පවතී.

එහෙත් මායා ඉන්කා වැනි ඉතා දිගු ඉතිහාසයක් සහිත ශිෂ්ටාචාර තුළ විවෘත භූමි ප්‍රදේශයන් තුළ හෝ කඳු මත මෙම ජල පොකුනු ඉදිකිරීම තුළින් සිදු කෙරෙන්නට ඇත්තේ වෙනත් කාරණාවක් විය යුතු බව අමුතුවෙන්ම සිතිය යුතු දෙයක් නොවේ.

වැඩි දුර සිතීමකින් තොරව ම මේවා ග්‍රහ වස්තු නිරීක්ෂණය උදෙසා භාවිතා කරන ලද ජල පරාවර්තකයන් නැතහොත් ජල දර්පණ බව ඔවුහු අවබෝධ කොට ගත්හ.

මේවා තනන්නට ඇත්තේ රාත්‍රී කාලයේදී අහස නිරීක්ෂණය කිරීමේ හැකියාව පැවතිය ද දහවල් කාලයේ පියවි ඇසින් අහස නිරීක්ෂණය කිරීමේ හැකියාව නොපැවතීම හේතුවෙන් විය හැකිය.

සූර්යයාගේ බලපෑම ප්‍රධාන සාධකයක් වන බැවින් ඉතා සියුම් ආකාරයෙන් සූර්යයා නිරීක්ෂණය කිරීම උදෙසා මෙම ජල දර්පණ භාවිතා කරන්නට ඇති බව ඔවුනගේ අදහසයි..

වඩා ජනප්‍රියම ජල දර්පණ පිහිටා ඇත්තේ ඉන්කා ශිෂ්ටාචාරයට අයත් කදු කර නගරය වු මචු පික්චු හි සුර්ය දෙවොල පිහිටි භූමියේ ය.

මෙවැනිම පොකුණු විශේෂයක් ලංකාවේ ද දක්නට ඇත. ඒ රිටිගලයි.

ආරණ්‍යවාසී භික්ෂූන් ගේ දෙපා දෝවනය කිරීම උදෙසා එම පොකුණු තනන්නට ඇති බව පැවසුව ද සමකාලීන ශිෂ්ටාචාරයන්හි පොදු අංගයක් ලෙසින් දක්නට ඇති ග්‍රහ වස්තු නිරීක්ෂණය කිරීමේ ජල දර්පණ ලෙසින් මෙම පොකුණු භාවිතා වූවා ද යන්න ගැඹුරින් සිතා බැලිය යුත්තකි.

දීක්ෂා ගුරු

වෛදික ජ්‍යොතිෂ්‍යවේදී

කාංචන ගීත මනමේන්ද්‍ර

5 2 votes
Article Rating
guest

1 Comment
Inline Feedbacks
View all comments
Teenu Disenka
Teenu Disenka
November 30, 2022 2:49 pm

🙏🙏🙏🙏මෙම ලිපි පෙල මගින් අපගේ සිතුවිලි නව මානයකට යොමුකරවයි ගුරුතුමනි ….

Translate »

You cannot copy content of this page

1
0
Would love your thoughts, please comment.x
()
x