Arrival of Alien

රාවණ රජු සෙලවුයේ ශිවගේ කෛලාශයද ? විශ‍්‍රවස්ගේ දඹගිරියද ? enki ගේ මෙසපොතේනියාවද ?

රාවණ රජු හා ශිව දෙවියන් යනු වෙන්කල නොහැකි ලෙස එකිනෙක බැදී පවතින නම් දෙකකි.

ලංකාවේ අපිට රාවණ රජු එතරම් වැදගත් නොවුවද රාවණට බය ඉංදියාණුවන් තමන්ගේ ශිව කොවිල් වලදීනම් රාවණ රජුට ප‍්‍රධාණ ස්ථානයක් ලබා දෙන්නට අමතක නොකරති. එයට එකම හේතුව ශිව දෙවියන්ගේ අග‍්‍ර ගණයේ බැතිමතා ලෙස සැලකෙන්නේ රාවණ රජු වීමය. රාවණ රජු ශිවදෙවියන් උදෙසා පබදින ලද අද්විතීය වු ශිව තාණ්ඩවය එසේ පබදින්නට යෙදාගත් පදබැදුම අදටවත් තේරුම්ගත නොහැක්කකි. රාවණ රජු විසින් ලිඛිත උඞ්ඩිශ තන්ත‍්‍රය තුළ ලියවී ඇත්තේද ශිව දෙවියන් විසින් තමන් වෙත ලබාදුන් දැණුමය. මුහුර්ථ සාධනය සම්භන්ධයෙන්ද එලෙසමය.

ශිව දෙවියන් සමග මේසා බැදීමක් තිබු රාවණ රජු වරින් වර ගැටෙන්නේද ශිව දෙවියන් සමගමය. රාවණ රජු තමන්ගේ ඉල්ලීමක් දිනාගැනීමේ අරමුණින් ශිව දෙවියන්ගේ වාස භවන වන කෛලාෂකුටය සෙලව්වා කියන එක ප‍්‍රසිද්ධ කථාවක්…

එ වගේම තමන්ගේ මැණියන් වෙනුවෙන් ශිව දෙවියන්ට කල ඉල්ලීමක් ඉටුනොවන විට එය මුල් කර ගනිමින් ඇතිවු ආවේගයක් හේතුවෙන් කොනේෂ්වරම් හී ශිව දෙවෙල පිහිටි ගල් කුල ගොඩබිමින් කැපීයන ලෙස තම කඩුවෙන් කපාදැමු බවටද ජනකථාවක් බවතී. අදත් එම ස්ථානය හදුන්වන්නේ රාවණ කැපුම යන නමිණි.

තවත් එක් දෙයක් ඇත . ශිවගේ උග‍්‍රම බැතිමතා වු රාවණ රජුට පහර දෙන්නට ලංකා පුරයට පැමිණෙන්නට පෙර රාම කුමරු විසින් රාමේෂ්වරම් හී ශිව දෙවියන් වෙනුවෙන් දෙවොලක් ඉදිකලේය. එ තමන් කරන්නට යන කාර්යය උදෙසා අවසර ගන්නටය. තමන්ට දෙවොලක් ඉදිකර දුන් පමණින් තම උග‍්‍ර බැතිමතාට පහර දෙන්නට ශිව අවසර දුන්නා විය හැකිද ?

යද්ධයෙන් පසු රාම කුමරුට ලංකාපුරයෙන් පිටව යන්නට නොහැකිව සිටින විට මන්නාරමේ තිරුකේතිෂ්වරම් කෝවිල වැලිවලින් ඉදිකර ශිව දෙවියන් වෙනුවෙන් පුජාකල බවටද කථාවක් ඇත . මෙහිදී මතුවන බරපතල ගැටලූව වන්නේ තිරුකේතිෂ්වරම් කෝවිල ඉදිකරන්නේ මන්දෝදරියගේ පියා වු මය විසින් වීමය.

මේ සියල්ලම කියවද්දී ඔබ ගැටලූ බොහොමයකට මැදිවන බව මා දනිමී. ඔව් එ ගැටලූ තවමත් ඉතිහාසයේ නොවිසදුණු ගැටලූය. අප මේ ගැටලූ එකින් එක ලිහා ගත යුතුව ඇත .

පැරණි ලංකාපුරයේ දකුණේ සිට වයඹ දක්වා වු මුහුදුබඩ සීමාව වැල්ලෙන් හා නොගැඹුරු හෙල් වලින් යුක්ත වු අතර මෙම සිමාව පරිපාලනමය වශයෙන් අතහැර දමන ලද සීමාවක් විය. පරිපාලනමය වශයෙන් වැදගත් වු සීමාව ඇරඹෙන්නේ ඉන් අනතුරුවය. කදුකර සීමාව ඉහලට පියඹන කුරුල්ලෙකුගෙන් මැදි සිමාව උකුස්සෙකුගෙන් හා මුහුදු බඩ තැන්න නාගයෙකුගෙන් සංකේතවත් කෙරුණි. දේවයන් තනන්නා වු බිම ලෙස සැලකුවේ කදුකරයේ බස්නාහිර සීමාවට බරව පිහිටි කදු පන්ති සහිත සීමාවයි. ගොඩබිම් මාර්ග කිහිපයක් දේව හෙලය වෙත පිවිසීම උදෙසා පැවති අතර වත්මන් කැලණි ගග මුල්කරගත් පිවිසුම ඉන් ප‍්‍රධාන පිවිසුම් මාර්ගයක් විය. එයට හේතුව වුයේ කුමාර කන්දම් මහා ශිෂ්ඨාචාරය හා අප බැදී පැවැති ගොඩබිම් සීමාව මා පෙර සදහන් කල වැලීපරය හා බැදී පැවතීමයි. ඉංදියාණු මා හෙල බිම් තිරය වෙන්වුයේ ඉතා පටු මුහුදු සීමාවකිණි. මෙයට එකල මුහුදු යන වචනය භාවිතා නොවන්නට හේතු වුයේ කරදිය නොව කදුනරයෙන් ගලාඑන පිරිසිදු ජලයම දකුණු දෙසට හා වයඹ දෙසට ගලා බැසීමයි.

මධ්‍යම කදුකරයේ බස්නාහිර බැවුමේ කදු පංතිය ආරම්භවන සීමාව අන්ත ගිරිය ලෙස හැදින්වු අතර රාම රාවණ සටනේදි වදුරු හමුදාවට වැඩිම හානි සිදුකරන්නේද මෙම ප‍්‍රදේශයේදිය.

මේ පිවිසුමට ආසන්නයේ විශාල ගල් කන්දක් ඇත . පත්තිනි මැණියන් දේවත්වයට පත්වන තෙක් යෝගීව බවුන් වඩන්නේ මේ ගල් කන්දේය. අප පත්තිනි ලෙෂ සලකන දේවතාවිය හින්දුන්ට අනුව පාර්වතියය. පාර්වතිය යනු ශිව දෙවියන්ගේ බිරිදය. එසේනම් පාර්වතිය සිටිය යුත්තේ කෛලාෂකුඨයේය. මා පෙර සදහන් කල කල් කන්ද පැරණි ග‍්‍රාම නාම හැදින්වීමට අනුව නම්කර ඇත්තේ කෛලාශකුඨය ලෙසය. පසුකාලීනව එම නම ඉවත්ව ගොස් ඇත . එහෙත් පත්තිණි මැණියන් තවමත් එහි ඇත .
මහාවංශ ටීකාවේ පනස් තුන්වැනි ගාථාවෙන් මෙය සනාථවන අතර එයට අනුව බුදුරජාණන්වහන්සේ වැඩසිටි සමයේදී මෙම ස්ථානය හඳුන්වා ඇත්තේද කෛලාෂකූටය යන නමින්ය.

‘මඪගණවාසිකො බුදදතිසස ථෙරො මහිදධිකො කෛලාසෙ සථධී සහස්‍යානං දන්වාන පරිඥඤජිතං’

මෙම ගාථා අතරම මක්කම විහාරයේ සිට කෛලාෂකූටයේ දානයකට පැමිණි භික්ෂුන් හයදහසක් ගැනද සඳහන් වෙයි. එයද අපූර්ව හෙළිදරව්වකි. නමුත් වැදගත්ම කාරණය එය නොවේ. අප මේ කතා කරන්නේ ශිව දෙවියන්ගේ වාස භවනය වූ කෛලාෂකූටය ගැන වීමය.

කෛලාශකුඨය මහාවංශයේම සදහන්ව ඇත්නම් හා ඉතිහාසයක් පුරා පත්තිනි මැණියන් මෙම ස්ථානයට සම්භන්ධව ඇත්නම් අපට මෙය නොසලකා හැරිය නොහැකිය. එසේනම් ශිව පාර්වතී යනු අපේ රජෙකු හා අපේ දෙවියෙකු බවට යලි යලිත් හිතන්නට කාරණා නිර්මාණය වෙමින් පවතී.

මුල් ලොක ශිෂ්ඨාචාරයන් දෙස බැලූවිට සෑම ශිෂ්ඨාචාරයකම අතේ වලල්ලක් ( සලඹ * ගත් පත්තිනි දේවියට සමාන දේවතාවියන් දැකගත හැකිවෙයි. එසේම සිංහයා සහිත දුර්ගා හෝ පාර්වතියගේ රුවට සමාන කම් කියන යුද්දයට අධිපති දෙවගනන්ද දක්නට ඇත . පැරණි ශිෂ්ඨාචාර සියල්ලම එකිනෙකට බැදී නොපැවතියේනම් එකහා සමාන දේව සංකල්පයක් මතුවිය නොහැකිය. අප දන්නා පොදු කරුණක් වනුයේ තමන්ගේ ප‍්‍රධානියා හෝ තමන්ට තීරණාත්මකව බලපෑ චරිත මෙලෙස එ එ ශිෂ්ඨාචාරවල දෙවිවරු ලෙස ඉදිකරන්නට හේතු වු බවය. මා මෙහිදි විශ්වාස කරන කරුණ වනුයේ එකම පිරිසක් මේ ශිෂ්ඨාචාර සියල්ලටම පොදු බලපෑමක් ඇති කර ඇති බවය. එසේනම් එ කවුරුන්ද ?

මේ සිටින්නේ අප දන්නා ශිව දෙවියන්ය. ශිව දෙවියන්ගේ හිසින් ගංගානම් ගග අරම්භවන බව දේව පුරාණයේ සදහන්වෙයි. එය කෙසේවෙතත් එය සංකේතයකි. කි‍්‍රස්තු පුර්ව 2300 දී පමණ සාදාන්නට ඇතිැයි සැලකෙන අනුනාකි දෙවොලකින් සොයාගත් කුඩා රවුම් හැඩයේ මුද්‍ර්‍යා තුළ ඉතා වටිනා රූප සටහන් පෙලක් දක්නට ඇත . ඒ අනුනාකි දෙවිවරුන් පිලිබද හෙලිදරව්වකි . අනුනාකිවරුන්ගේ දෙවිවරු අතරද හිසින් ජලය ගලායන දෙවිකෙනෙක් දක්නට ඇත . මෙහි ඇති විශේෂය නම් මේ දිය පහරේ මසුන් පිහිණිමයි. මේ දෙවියන්ගේ පා ලග හරකෙක් නිදාගෙන සිටියි. ශිව දෙවියන්ගේ වාහනය නැතිනම් ශිව දෙවියන්ගේ පා අසල නිදා සිටින්නේද නන්දි නම් එළදෙනයි.

එසේනම් මේ එකම දෙවි කෙනෙක් පිලිබද හැදින්වීමකි. මසුන් පිරි ජල වලල්ල ….. මෙය අපිට හුරු සංකේතයකි. එය කුමක්ද ? විශ‍්‍රවස්මුණිගේ රාජධානි සිමාව හදුන්වන සංකේතය මෙය බව මා වසර කිහිපයකට පෙර පෙන්වා දුන් බව ඔබට මතක ඇති. රන් මසු උයන… මත්‍යස සංකේත මේ එකම පුද්ගලයෙකුට අයත් සිමාවක් පිලිබදව කල පැහැදිලි කිරීමකි.

මත්‍යස සංකේතවලින් සිමාවු රාජ්‍යයේ හිමිකරුවා විශ‍්‍රවස්මුණිවරයා බව අප දන්නා කරුණකි. විශ‍්‍රවස්මුණිවරයාට මෙම රාජ්‍ය උරුම වන්නේ තද පියාවු පුලස්ථි සෘෂිගෙන්නම් එහි මුල් හිමිකරුවා පුලස්ථි සෘෂිය . වෙසමුණි නැතහොත් යකුන්ගේ ප‍්‍රධානියා ලෙස සැලකෙන්නේ ඔහුය. අදටත් එසේමය. හින්දුන්ට අනුව යකුන්ගේ ප‍්‍රධානියා ශිවය. ලෝකය විනාශවන්නේ භාවනායෝගිව සිටින ශිව දෙවියන් භාවනාවෙන් නැකිට අමුර්ථය බී මත්ව යක්ෂ සේනාව සමග නටන අවසන් නැටුමෙන් පසුවය. අපේ ය්කකු අපේ වෙසමුණිට යටත් වෙද්දි උන්ගේ යක්කු ශිව දෙවියන්ට යටත් වුවා විය නොහැකිය. මේ එකම දෙවි හෝ රජ කෙනෙක්ව ශිෂ්ධාචාර කිහිපයක දුටු ආකාරයය.

පාර්වතිය සම්භන්ධයෙන් මා පෙර සදහන් කල ආකාරයට ලංකාවේ දේවයාණිය ඉන්දියාවේදී පාර්වතිය විය හැකිය. එහි සමාන ලක්ෂණ දැකගත හැකි වෙයි. ඇතීනා හා පත්තිනිය අතරද යම් සමානකමක් නැත්තේම නොවේ. ඇයගේ දෙඅත්වලද ආයුධ දෙකක් ඇත. දේවයාණි යුගයේ හෙළයේ ව්‍යාප්තිය පිළිබඳ හොඳම නිදසුන හමුවනුයේ බැබිලෝනියාවෙන්ය. බැබිලෝනියානු දෙවඟනක වන පිළිමයෙහි දෙඅත්වල රඳවා ගෙන ඇත්තේද පත්තිනි මෑණියන්ගේ පිළිමයේ ඇති රවුම් හැඩයෙන් යුතු සළඹ වැනිම සළඹ දෙකකි. ඒ ඒ සංස්කෘතිය අනුව රූපවල ඇඳුම් ආයිත්තම් වෙනස් වීම සංස්කෘතික විෂමතාවන්ට අදාළ කාරණයකි. එසේම ලංකාවේ මෙන්ම ඉන්දියාවේද ගලින් නෙළන දේව පිළිමවල ඇඳුම් ආයිත්තම් නොමැති ඒවා බොහෝ දැකගත හැකිවෙයි.
ලෝකය පුරා සමකාලීන යුග ගවේෂණය කරන විට පෙනී යන සරල කරුණක් වන්නේ ලංකාවේ සිට රුසියාව හා ඇමෙරිකානු භූමි කලාපය දක්වාම පැවති ශිෂ්ටාචාරවල පත්තිනි දේව පිළිමයට සමාන දේව පිළිම ගොඩනැගී ඇති බවය.

සිරියාවේ Phrygian දෙවඟනද බොහෝ සෙයින් ඊට සමාන තත්ත්වයක් දක්වයි. එහිද දෙඅත්වල රඳවා ගෙන සිටින ආයුධ සමානය. ඉන්පසු මියුනිම් නුවර ඇති Bavaria දෙවඟනගේ රුවද එවැන්නකි. ඉන් පසු හමුවූ පිළිමය වනුයේ Minoab දෙවඟනගේ පිළිමයයි. මේ සියල්ලේම ඇත්තේ එකම ව්‍යාප්තියකි.

ලංකාවේ ඇති පත්තිනි පිළිමය හැර ලෝකය පුරා ඇති සෑම පිළිමයකම (Phrygian/Bavaria/Minoab) සිංහයා දැකගත හැකිවීම විශේෂත්වයකි. හිංදු සංකල්පයට අනුව යුද්දයට මුල්වන දුර්ගා ගමන් ගරන්නේ සිංහ වාහනයේය අපට මෙහිදී මතුතල හැකි තර්කය වනුයේ සිංහයා මඟින් සිංහ දේශය නැතහොත් හෙළ බිම සංකේතවත් වන බවත් පිළිමය මඟින් එහි නායිකාව සංකේතවත් වීම සිදුවන බවත්ය.

අනුනාකිවරු යනු ලෝක ශිෂ්ඨාචාරයේ ආරම්භකයින් යැයි විස්වාස කරති. අනුනාකි දෙවොලකින් ලැබුණු මෙම කුඩා මුද්‍ර්‍යාවන් වල හිංදු දුර්ගාට සමාන රුවක් දැකගත් හැකි වෙයි. ඇය ඔහුනගේ යුද්දයට අදිපති ෂියඒර දෙවගනයි. ඇය අසලද සිංහයෙක් ඇත . එසේම ඇය පය තබාගෙන සිටින්නේ මිනිසෙකු මතය . ඇය ආයුධ දරා සිටියි.

මුලික කථාවට පරිභාහිරව අපි දිගු ගමනක් පැමිණියේය. වෙසමුණි නැතිනම් යකුන්ගේ නායකයාවු විශ‍්‍රවස් මුණිවරයා ශිව දෙවියන් විය නොහැකිද? විශ‍්‍රවස් මුණිවරයා තම රාජ්‍යය භාරදෙන්නේ තම වැඩිමහල් පුත‍්‍රයා වු වෛශ්‍යවනටය. එහෙත් වැඩිකලක් ඔහුට තම රාජ්‍යය විචාරන්නට අවස්ථාව උදාවන්නේ නැත . රාවණ තම බලයෙන් දැණුමින් වෛශ්‍යවනගෙන් ලංකාපුරය තම යටතට ගනු ලබයි. මෙම පවුලේ බල අරගලය සාමකාමිව සිදුවන්නක් ලෙස අප දුටුවද පවුල තුළ විශාල සෙලවීමක් නොවන්නට හේතුවක් නැත . රාවණ රජුගේ මෙම ක‍්‍රියාවෙන් විශ‍්‍රවස්මුණිවරයාගේ වාසභවන සෙලවී නොගියායැයි කියන්නට බැරිය. පවුල තුළ බෙදීම ඇරඹෙන්නේ ඉන් අනතුරුවය. එතෙක් මත්‍යස සලකුණෙන් සිමාවු රාජ්‍ය වෙනුවට රාවණ තුන්ලොවම නතුකරගනිමින් ඇල්ල ප‍්‍රදේශයේ ඔහුගේ මහා මාලිගය ඉදිකරන්නේ පියාගේ රාජ්‍යසංකේතය වු අශ්ව හිස වෙනුවට සුර්ය සංකේතයද තම රාජ්‍ය පාලනයට යොදා ගනිමිණි.

රාවණට සියල්ල උරුම කර දෙන්නේද රාවණ ගැටෙන්නේද විශ‍්‍රවස් මුණිවරයා සමගය. නැතහොත් ශිව දෙවියන් සමගය. අපේ යකුන්ගේ ප‍්‍රධානියාද හින්දුන්ගේ මහ දෙවියන්වු ශිවද දෙදෙනෙකු නොව එක් අයෙක් විය යුතුය.

 

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close