තරු වළල්ල

ජිවත්ව සිටියදී මරණය අත්දැකිය නොහැකිද ?


මරණය ….. කියන්නේ දිගු ගමනක එක් නවාතැනකින් නික්ම යෑමක් යැයි පැවසුවහොත් එහි වරදක් නැත .

ඉදින් මෙය ගමනකැයි කියතහොත් එය වැරදිය මෙය යෑමකි.

ගමනක් හා යෑමක් අතර වෙනසක් ඇත ….

ගමනක් යනු නිශ්චිතව දත් අවසානයක් කරා යන්නකි.

යෑමක් යනු අරමුණකින් තොරව යන්නකි. නැතහොත් ඔහේ යෑමකි.

ජිවත්ව සිටියදී මරණය අත්දැකිය නොහැකිද ?

එය මනසේ ගැඹුර තුළින් අත්දැකිය හැකි යථාර්තයකි. යමෙක් මියයන් අවසන් මෙහොතේදි දෙයාකාරයකට තම මනස ක‍්‍රීයාත්මක වෙනවා. ( තව විදි පැවතිය හැකිය. මෙය මාගේ ගෝචරය තුළ දකින්නකි *

එය ඉහලට ගමන් කිරීම හා පහලට ගමන් කිරීම කියා සරලව පැවසිය හැකියි…

මගේ වදනයෙන් එය කියන්නේ ගෝ ලෝක වලට ගමන් කිරීම හා භූ ලෝක වලට ගමන් කිරීම කියලා… මරණ මහෙතේ තම කර්ම ශක්තිය මත මේම ඉහලට යෑම හා පහලට යෑම තීරණය වෙනවා….

මෙතනදී මම බුදු දහමේ යම් කරුණු සමග එකග වෙනවා…

ඉහලට ගමන් කරන නැත්තම් ගෝ ලෝක වලට මරණයෙන් මතු ගමන් කරන කෙනාට මරණය කියන මොහොත තුළ සියල්ල දිස්වෙන්නේ සුදු පැහැයෙන් ඒ අවස්ථාවේදි තම දැකීම භූමණය වෙමින් ඉහල අහසට ගමන් කරනු ලබනවා. ඒ අවස්ථාවේදි තමන්ට තමන්ව හා අවට දිස් වෙනවා. හැබැයි ඒ භූමණය ඔහුට නවත්තන්නවත් ඉහලට ගමන් කිරීම නැවැත්තිමවත් කල නොහැකියි. ඒ සමගම අධික සුදු එලියකින් පරිසරයම වැසී යනවා ඉන්පසු පිවිසෙන්නේ හැගීම් පමණක් ඇති අවස්ථාවකට………

තව අවස්ථාවක දක්ෂිණ අතාලය නම් ලොවකට මා ගමන්කලා එය භූ ලෝකයක් …

එහි ඉර නැගෙන්නේ බස්නාහිරින්…. එය නොසෙල්වෙන රජවරු තිදෙනෙක් පාලනය කරන ලෝකයක්…. මා දකින ලෙස ඔහුන් බඹ 10 විතර උසයි. මෙය පහලට ගමන් කිරීමක් … මෙතනදී වෙන්නේ මොහොතකින් අපේ අවට පරිසරය අප වෙතින් ඉවත් වෙනවා. ඉන්පසු වේගවත් කැරකෙන කලූ කුහරයක් තුළින් අප ගමන් කරනවා. ඒ ගමන් කිරීමේදි අපේ සියලූ සිතුවිලි විනිර්මුක්ත වීමක් සිදු වෙනවා. තනි අදුර තුළ අප අවසානයේ නතර වෙනවා අප යම් අවස්ථාවක කරන ලද නිශ්චිත එක් ක‍්‍රීයාවක් තුළ ඒ මොහොතෙදි නිමේෂයක් තුළ ඒ ක‍්‍රීයාවේ හොද හෝ නරක සිහිවෙනවා.ඒ සැණින් අප පිවිසෙන්නේ අදාල භූ ලෝකයට …..

එතනදී යම් සම්මුඛ පර්යේෂණයක් හා ඒ ලෝකය හදුන්වා දීමක් සිදුවෙනවා.

මරණය…..

සරලද ගැඹුරුද කියා කිව නොහැකිය.

නමුත් මෙය සුවිශේෂී අත්දැකීමක් කියන එකනම් අමුතුවෙන් කිය යුතු නොවේවි.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

5 1 vote
Article Rating
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x