දීක්ෂා ගුරු මග

දීක්ෂා මගින් මිස අත්හල නොහැකි සාප


අප සමාජය කටයුතු කිරිමේදිත් එකිනෙකා අතර ඇතිවන සහසබදතා වලදීත් අපේ සිතිවිලි හා චේතනාවල ස්වාභාවයන් වෙනස් වන බව ඔනෑම අයෙක් දන්නා කරුණකි.

යමෙක් දක්වන ආදරය කරුණාව ආදී සුහද තත්වයන් තුළ අත්පාදනය වන සිතුවිලි හා යමෙක් පිලිබද වෛරයෙන් පසුවන විට උත්පාදනය වන සිතුවිලි අතර වෙනසක් පවති.

මේ වෙනස ඔනෑම අයෙක්ට තේරුම් ගත හැකි පරතරයකි.

එහෙත් ඔබ නොසිතන දෙයක් ඇත . අප ජිවිතය තුළ ගෙවනු ලබන බොහෝ පිඩාවන්ට හා බිදවැටීම් වලට හේතු වන්නේ පෙර ක්ර්මයන් හා සබැදීව මේ ආත්මයට රුගෙන එනු ලබන සාපයන්ය.

ඔබ ඔබේ දෙමාපියන්ට ගුරුවරුන්ට හෝ තම බිරිදට සැමියාට ඇති කරන පිඩාවන් වලදී ඔහුන් තුළින් සාප ඇතිවන අවස්ථා පවතී. ඒ ඔබ අයහපත් චේතනාවෙන් කටයුතු කිරීමේ ප‍්‍රථිවිපාකයයි.

ඔබ නොදන්නා කරුණක්ද ඇත . අපට හුරුකර ඇත්තේ අයහපත් ක‍්‍රීයාවන් උදෙසා සාප ඇතිවන බව උවත් යහපත් චේතනාවෙන් සිදුකරන ක‍්‍රීයාවන් උදෙසාද සාප ඇතිවන අයුරු කර්මය විග‍්‍රහ කිරීමේදි හදුනා ගත හැකි වෙයි.

එනම් සාපයක් ඇති වීමට හේතු වු ක‍්‍රීයාව තමන් සිදුකර ඇත්තේ යහපත් චේතනාවෙන්ද නැතහොත් අයහපත් චේතනාවෙන්ද යන්න වෙන්කර ගැනීමේ හැකියාව වෛදික ශාස්ත‍්‍රය තුළ පවතීය යන්නය. ජන්මින්ගේ කර්මයේ ගැඹුරේ සැගවී ඇති මෙම විවිධා කාරවු සාපයන් හදුනා ගැනිමේන් ඉන් ඇතිකරන විදවීම පාලනය කල හැකි වෙයි.

යහපත් චේතනාවෙන් සිදුකරනු ලබන කටයුත්තක් උදෙසා සාප ඇති විය හැකිද යන්න පිලිබදව ඔබ තුළ ගැටලූවක් මතු වනු ඇත . එය සරල උදාහරණයකින් පැහැදිලි කර ගනිමු.

ලංකාව බෞද්ද රටක් බැවින් හා තමන් ජිවත් වන පරිසරය බෞද්ධ බැවින් ඔබ ඔබේ නිවස ඉදිරිපිට බුදු පිලිමයක් තබා ගමටම ඇසේන ලෙස පිරිත් දමන්නේ යැයි සිතන්න. එය එබ සත්භාවයෙන් කල කටයුත්තකි. එහෙත් ටික දිනක් ගත වන විට අහල පහල ගෙවල් වලට මෙය පිඩාවක් බවට පත්වෙයි. කිසිවෙකු තමන්ට මුහුණට විරුද්ධත්වය ප‍්‍රකාශ නොකලද ඔහුන්ගේ හිත්වල ඇතිවන පිඩාව සාපයක් ලෙසින් ඊලග මිනිස් ආත්මයට රුගෙන යනු ලබයි. මේ හරහා සිදුවනුයේ තමා උත්පත්තිය ලබන හෝ ජිවත් වීමට තෝරා ගනු ලබන පරිසරය තුළින් විවිධා කාරයේ පිඩාවන් තමා කරා පැමිණිමයි.

තමන්ට සාප ඇති වීමට හේතු වු කරුණම හරහා යලි පිඩා විදීමක් සිදුවන්නේ නැත . පිඩාව ක‍්‍රීයාත්මක වනුයේ එයට පටහැනිම වු ආකාරයකිනි. තම රුකියාව වෘර්ථිය වුදෙසා සමාජයෙන් අතිවන බලපෑමක් හෝ තම ආදර සබදතාවයට තමා වටා ජිවත්වන පිරිසෙන් ඇතිවන බලපෑමක් ලෙසින් පරිභාහිරම වු සාදකයක් මතින් මෙම පිඩාව කියාත්මක වීම සිදුවෙයි.

වෛදික කර්ම එල ජ්‍යෙතිෂය හරහා සිදුවන්නේ මෙම කර්මයන් ක‍්‍රීයාත්මක වන ආකාරය ගැඹුරින් හදුනා ගැනීමයි. මෙම සාපයන් පිලිබදව ගැඹුරින් සලකා බැලීමේදි සාපයන්ගෙන් මිදිම නැතහොත් තම ගැටලූ කාරි තත්වයන්ගෙන් මිදීම උදෙසා ගතවන කාලය තීරණය වනුයේ එම සාපය ඇතිකල පුද්ගලයා හා ඒ මොහොත තුළ තමා සිටි ආධ්‍යාත්මික මට්ටම් වල පරතරය මතය.

ආධ්‍යාත්මික මට්ටමින් ඉහල පුද්ගලයෙකුගෙන් මෙන්ම ආධාත්මික මට්ටමින් අඩුම පුද්ගලයෙකු වෙතින් ඇතිවන සාපයන් විසින් ඇති කරනු ලබන පිඩාව ඉතා ප‍්‍රබලය.

වෛදික කර්මඑල ජ්‍යෙතිෂ ක‍්‍රමවේදයන් පාරම්පරිකව දීක්ෂා ගුරු කුලයන් තුළ පමණක් පවතී. මෙහි පවතින ගැඹුර වනුයේ යම් ජන්මියෙකුගේ කර්මය අහෝසි කිරීම උදෙසා දෙන පිලියම් හා සමපාත වීමට දීක්ෂා ගුරුවරයා සමත් විය යුතු වීමයි. එසේම සමස්ත විශ්වයේම රාදා පැවැත්ම වු තුන් වැදැරුම් වු නියාම දර්මයන්ගේ මෙන්ම සොබා දහමේ පාලන දර්මයන්ගේ දැණුම අත්‍යාවශ්‍ය වු සාදකයන්ය. එසේ නොවු කල සිදුවනුයේ ජන්මියාට පෙර ගුරුන් විශ්ව සාපයට ලක්වීමය.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

Blog Comments

❤️

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close