දීක්ෂා ගුරු මග

ඉරිගු මිට ......


එක් සැදෑවක මිනිසුන් කිහිප දෙනෙක් ආශ‍්‍රමයට පැමිණ සිටියා.

ඒ වන විට අප ගුරුගේ ආශ‍්‍රමයට පැමිණ ගෙවිගොස් තිබුනේ සති තුනක පමණ කාලයකි.

ආශ‍්‍රමයේ එක් කුටියක තබා ඇති ඉරිගු අඹරන ගල් පැමිණ සිටි මිනිසුන්ට ලබා දෙන්නයැයි ගුරු අපට පැවසුවා.

ඔහුන් එම ගල් ආශ‍්‍රමයේ පහලින් ගලායන ඇළ අද්දර ඇති මංඩපය තුළ පිළිවෙලට තබනු ලැබුවා.

පසුදින ආශ‍්‍රමයේ සාම්ප‍්‍රධායික චාරිත‍්‍රයක් පැවැත්වෙන බව අප තේරුම් ගත්තේ ඒ මොහොතේදීයි.

පසුදින බොහෝ මිනිසුන් ආශ‍්‍රමයට පැමිණියා.

ඒ හැම කෙනෙක්ම ඉරුගු මිටක් රුගෙන විත් තිබුණා…..

අප සිව් දෙනාටත් ඉරුගු මිට බැගින් ලැබුණි.

වෛදික වත් පිලිවෙත් වලින් පසු ගුරු එක් අඹරුම් ගලක් අසල වාඩි වුණා. අපත් පිලිවෙලින් ගල් අසලින් වාඩි වුණා.

ඉරුගු මිට ගල තුළට දමා කර්මය අඹරන්නේයැයි සිතා ඉරුගු මිට පිටි වනතෙක් හොදින් අඹරන්නයැයි ගුරු පවසා ගුරු තම ඉරුගු මිට හොදින් අඹරන්නට උනා…….

ආශ‍්‍රමයට මා ආධුනිකයෙක් වු නිසා එද මට එහි හරයක් දැනුනේ නෑ…

නමුත් මා ඇඹරුවා…. ඉරිගු ඇට පිටි බවට පත්ව දෙපසින් බිමට වැටෙන තුරුම මා අත් ගල කැරකුවා….

ඉරිගු ඇට නිමවෙමින් පිටි පොළවට වැටෙද්දි මනස තුළ දැඩි නිසල බවක් ඇති වුණා….

ඉන්පසු සංයමයෙන් පිටි ටික එකතු කරගත් අප ගුරු පසුපසින් ගොස් ඇළට බැස්සා …

ගලා යන දිය පහරට ඇඹරු පිටිටික එක් කරනු ලැබුවා.

ඒ අන් කිසිවක් උදෙසා නොව අඹරා සිරුරින් ඉවත් කල කර්මය ගසාගෙන යෑම උදෙසාය….

එදින පුරාම ආශ‍්‍රමයට පැමිණි මිනිසුන් ඉරිගු අඹරා ගංදියට එක් කලේය.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

5 1 vote
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x