දීක්ෂා ගුරු මග

දෙවියන් පෙරලා යමක් බලාපොරොත්තු වෙනවාද ?. . .

මීට වසර කිහිපයකට කලින් සිදුවීමක් මට හදිසියේ මතක් වුණා.

දරු උපතක් සිදුවෙච්ච වෙලාවට අප කිල්ලකට මැදි වෙනවා.

එවන් අවස්ථා වලදී විශ්වයේ සුභ ශක්තීන් තුළින් අපට ලැබෙන උදව් උපකාර යම් කාලයකට නතර වෙනවා.

මෙන්න මෙහෙම වෙලාවකදී ආශ‍්‍රමය තුළින්ම ජිවිතය ගොඩනගාගත් එක් තරුණයෙක් තමන්ගේ ව්‍යාපාරයේ වර්ධනය වෙනුවෙන් යොදවපු ලක්ෂ ගණනක මුදලක් අහිමි වෙන්න යන අවස්ථාවකදි ආශ‍්‍රමයෙන් පිහිටක් ඉල්ලූවා…..

ඒ වෙලාව විශේෂි පිලියම් යෙදිය නොහැකි අවස්ථාවක් නමුත් මා දුටුවා කිල්ල තුල සිටියත් ඔහුට උදව් කල හැකි දෙවි කෙනෙක් සිටින බව….

මම ඔහුට උපදෙසක් දුන්නා..

ඔබ මෙන්න මේ දෙවියන්ට හොද භාරයක් වෙන්න.. ඔබේ කටයුත්ත ඉටු වු සැණින් භාරය ඔප්පු කරන්න…

ටික දිනකින්ම ඔහුගේ ගැටලූව විසදුණා.

ඔහු ආශ‍්‍රමයේ අම්මට කථාකර මෙන්න මෙහෙම දෙයක් අහලා තිබ්බා. මෙය මම දැනගත්තේ පසුව..

මම එදා මේ දෙවියන්ට පිත්තල පහනක් භාරවුණා. අම්මේ මම පහන් දෙකක්ම පුජ කලාට කමක් නැද්ද ?

කමක් නෑ එක ඔය දරුවගේ කැමත්තනේ.. කොවිලකට ගිහින් දෙවියන් වෙනුවෙන් පුජ කරන්න.
ඒ සිදුවීම එතනින් අවසන් වුණා…………….

මාස කිහිපයකට පසු එක් වරම ඔහුගේ ආයතන ජාලයම බිදවැටෙන්න පටන් ගත්තා. හවුල් කරුවෝ අමානාප වුණා.
මේ නිසා ඔහු නිමිත්තක් බලන්න ආශ‍්‍රමයට පැමිණියා.

මට පෙන්වන්නේ උස කුකුලා පහණක්…

මම ඇහුවා, මොකක්ද මේ පහණක් පෙන්වන්නේ මොකක් හරි පහණක් සම්භන්ධයෙන් ගැටලූවක් ඇති වුණාද ?

ගැටලූවක් ඇති වුනේ නෑ… මහත්තයා කලින් දවසක මට මෙන්න මේ දෙවියන්ට භාරයක් වෙන්න කිව්වා . මම භාර වුනේ පහණක් මම දෙකක්ම දුන්නා . මම අම්මගෙන් ඒ ගැන ඇහුවා .

අම්මා ඒ මොහොතේ එදා ඔහු ඇසු කරුණු ටික මතක් කලා..

මට ගැටලූව වැටහුණා.

ඔබ භාරවුනේ මොන පහනක්ද ?

පිත්තල පහණක්

පිත්තල පහණක් කියන්නේ උස කුකුලා පහනක් ද?

මම කටින් කිව්වේ පිත්තල පහනක් කියලා හිතේ මැවුනේ උස කුකුලා පහන තමයි .

එතකොට දෙවියන්ට දුන්නේ මොකක් ද ?

නෑ මහත්තයා කුකුලා පහන මම ගණන් බැලූවා 15000 විතර වෙනවා. මට 2500 යට එල්ලන පහනක් හමුවුණා. ඒ නිසා දෙකක්ම මම පුජ කලා….

ඔබේ සියලූ ප‍්‍රශ්ණ වලට හේතුව ඒකයි…

දෙවියන් පෙරලා යමක් බලාපොරොත්තු වෙනවද ?

මේකට විවිධ උත්තර තියේවි…………

මම බොහෙම සරල උත්තරයක් දෙන්නම්… ඔව්….

ඉෂ්ටාන් භෝගාන් හි වෝ දේවා දාස්‍යන්තේ යඥ භාවිතා :
තෛර් දත්තානප‍්‍රදාෙයෙහේ‍යා් යෝ භූංක්තේ ස්තෙන ඒවස :

දිවි පැවැත්ම සදහා අවශ්‍ය වන විවිධ දෑ භාරව සිටින උප දෙවිවරු ශාන්තිකර්මයන්ගෙන් සතුටට පත්ව ඔබ කැමති හා ඉල්ලා සිටින සියලූ දේ ප‍්‍රධානය කරන්නාහ.

ඒ දෙවිවරුන් උදෙසා ආපසු පුද නොකොට ලැබී ඇති ප‍්‍රධානයන් භූක්ති විදින්නා සැබැවින්ම සොරෙකි .

මම හිතනවා මේ කරුණ හොදින්ම පැහැදිලි වෙන්න ඇති කියලා. මේ කියපු කාරණය ටිකක් නොවෙයි ගොඩක් ගැඹුරුයි. දෙවියන්ව පිලිගැනීමට වඩා මේ කරුණ තේරුම් ගැනීම වැදගත් ….

මෙය හරියට තේරුම් ගන්න කෙනා ජිවිතය දිනනවා. අනික් අය දිනලා යලි පරදිනවා…

දීක්ෂා ගුරුවරයෙක්ට කරන්න පුලූවන් වෙන්නේ දෙවියන් හා මිනිසුන් අතර පාලම මොඩ නගන එක් විතරයි.

එතර වෙනවද? නැද්ද ? යලි හැරිලා එනවද ? අමතක කරලා දානවද ? කියන එක තියෙන්නේ තමන් තුළ …

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close