දීක්ෂා ගුරු මග

සොබාදහමේ විද්‍යාව මනසින් දැකීම

වෛදිකය හා දීක්ෂා මග …

​වෛදිකයා වු කලි බහු දේව වාදයක් කරපින්නාගත් ප‍්‍රාථමික ජන කොටසක් ලෙසින් වර නගන්නට නූතන භෞතික වාදියා උත්සහ දරති.
චතුර්වේදය අවබෝධ කොට නොගන්නා නුතනවාදීයා සැබෑ වෛදිකය කෙලෙසකවත් අවබෝධ කර නොගනිනු ඇත.

මිනිසාගේ භෞතිකත්වය පාලනය කරනු ලබන සොබාදහමේ සැඟවුණු ශක්තීන් වෛදිකයෝ නියමාකාරයෙන් හදුනාගත්හ. මේ හදුනාගැනීම තුළම ඔහුන් තම කාර්යයන්ගේ සාර්ථකත්වය වෙනුවෙන් ශක්ති වන්දනය කරන්නට වුහ. ශක්ති වංදනය යනු ඒ ඒ ශක්තීන් විශේෂිත කොට සැලකීමයි. එය තේරුම්ගත හැකි ලෙස පවසතොත් අප වාහනයකට අවශ්‍ය ඉන්දන ලබා දෙන විට එම වාහනය ධාවනව වන්නාසේම විදුලි පංකාවකට විදුලිය ලබා දෙනවිට සුළං ලැබෙන්නා හා සම වු කාර්යයකි.

වෛදිකය තේරුම් නොගත් පුහුදුන් මිනිසුන් පසුකාලීනව ශක්තිය දෙවියන් ලෙස දකින්නට ඇත . මෙය ගැඹුරු දහමකි. එය අවබෝධ කර ගත යුතුය.
වෛදිකය වු කලී සනාතන ධර්මය යැයි හදුන්වනු ලබයි. සනාතන ධර්මය යනු සියලූ ආගම් වල මුල් හරය යන්නයි. වෛදිකය යනු අකාලික වු දහමකි. අකාලික යනු යුග භේදයකින් තොරව මනුෂ්‍ය ප‍්‍රජාවට මග පෙන්වන්නා වු විශ්ව සත්‍යයක්ය යන්නය.

මෙතෙක් බිහිවු ආගමික පසුබිම් තුළ මෙන්ම අනාගතයේ බිහිවන පරිසරය මුල්කොටගත් ඉගැන්වීම් හා හුරුකිරීම් තුළද මෙම සනාතන ධර්මයේ මුලයන් දැක ගත හැකි වනු ඇත.

චන්ද්‍රමා මනසෝ ජාතශ්වකෙෂා සුර්යයෝ
මුඛමාදිනද්‍රශවාග්නි ශව ප‍්‍රණද්වායුර ජායතේ

ස්වභාව ධර්මය මහා පුරුෂයෙකුට සමාන කරන වෛදිකයා එම පුරුෂයාගේ සිත චන්ද්‍රයාට සමාන කරති.
ඇස සුර්යයාට සමාන කරති. මුඛය අග්නිය ලෙසින්ද ප‍්‍රණය වායුව ලෙසින්ද දකිති.මෙහිදි තේරුම් ගැනිය යුතු සරල කරුණක් ඇත . එය නම් වෛදිකයා විශ්වය සමස්තයක් ලෙස දැකීමට දරණ උත්සහයයි.

චන්ද්‍රයා සුර්යයා වායුව කියු විට අපට හැගෙන්නේ වෙන් වෙන් වශයෙන් ඇති කොටස් කිහිපයකි. එහෙත් විශ්වය මහා පුරුෂයෙකැයි කී විට අපට හැගෙන්නේ සමස්තයක් එක්ව පිහිටි බවකි .
මේ ගැඹුරු වෛදික දැක්ම විශ්විය නය්‍යායන් තුළ නොරුදි පුද්ගල මුල සාධාකයන් කරාද ගලා එයි.
පොලව මත ජිවත් වන වෛදිකයා තැනී ඇත්තේද මහා පුරුෂයාගේ අංශූ මුල ස්වාභායයෙන්මය.
ඒනම් මිනිසා තැනි ඇත්තේ ප‍්‍රධාන කොටස් කිහිපයක එකතුවෙනි . එවානම් මනස ආත්මය හා ශරිරය යන කෙටස්ය.
මනස චන්ද්‍රයා විසින් පාලනය වෙයි.
ආත්මය සුර්යයා විසින් පාලනය කෙරෙති.
ශරිරය අග්නිය විසින් පවත්වාගෙන යනු ලබයි.
වායුව විසින් ජිවාත්මය හා පරමාත්මය එකට බැද තබති.
එනම් මිනිසාගේ ප‍්‍රණය යනු වායුවයි.

විශ්වය මම ලෙස දැකීම තුළ ඇත්තේ ඉතා ගැඹුරු සංකල්පයකි. මේ ගැඹුර තේරුම් ගැනීම තුළින් තමන් තුළින් විශ්වය දැකිමේ අවස්ථාව උදාවෙයි.
වෛදිකයා විශ්ව ගවේශකයෙකු වුයේ එලෙසය.

ආත්මානං රතිනං විද්ධි
ශරීරං රථම් ඒව ච
බුද්ධිං තු සාරථිං විද්ධි
මනඃ ප‍්‍රගහම් ඒව ච

ශරිරය නැමැති රථයේ සිටින මගියා පුද්ගලයාය. බුද්ධිය විසින් එම රථයේ රථාචාර්යයාය. එම රථාචාර්යයාට රථය පැදයන්නට උපකාරකරන උපකරණය වන්නේ සිතයි. පංචේන්ද්‍රියෝ යනු රථය ඇදින අසුන් පස්දෙනාය.

මෙය තේරුම් ගන්නා වෛදිකයෝ ආත්මය සිත හා ශරිරය ඉන්ද්‍රිය සංයමයෙන් පරම ආශ්වාදය කරා ගෙනියති. ඒ තුළ ඔහුන් ලෞකික මෙන්ම ලෝකෝත්තර ආශ්වාදය ලබති.මේ දහම තේරුම් ගත් මහා මුනිවරු පරම ශාන්තිය කරා ගමන් කරති.

වෛදික දහම වු කලී එකට බැදුණු මනුෂ්‍ය විඤණය ජිවිතය සහ ස්වාභාව ධර්මය තුළ එකාත්මික වීමට ලබාදෙන හුරුව කිවහොත් එහි වරදක් නැත .

දීක්ෂා ගුරු මගද එයයි.

ඒ ගැඹුරු වු මග වෛදිකයෝ ඉතා හොදින් අවබෝධ කොට ගත්හ.

ස වෛ මනඃ පදාරවින්ද්‍රියෝඃ

එය සරලව කියතහොත් සිත නම් වු සැඩ සුලග දමනය කොට ලෞකික මෙන්ම ලෝකෝත්තර ආශ්වාදය කරා මිනිසාව රුගෙන යෑමයි .

ගුරු යනු ආලෝකය දෙන්නා වීම තුළම කාළයේ හා අවකාශයේ ගැඹුරු බව හැකිලවීමෙන් සැඩ සුළග ධමනය කල හැකි මොහොත අවබෝධ කර ගැනීමේ අවස්ථාව දීක්ෂා ගුරුවරයාට හිමිවෙයි .

මේ දහම තේරුම් ගෙන එය මනුෂ්‍ය ජිවිතය හා බද්ධ කරන්නට ආලෝකය දෙන්නා දීක්ෂා ගුරු නම් වෙයි.

මේ ගැඹුරු දහමේ අවසන් හරය වනුයේ ආලෝකය දෙන්නට හැකිවෙනුයේ ආලෝකමත් වුවෙක්ට පමණි යන්නය .

උත්කෘෂ්ඨ වු ශ‍්‍රී කෘෂ්ණ එය විස්තර කලේ මෙලෙසය.
සර්ව ධර්මාන් පරිත්‍යජ්‍ය
මාම් එකං ශරණං ව‍්‍රජ
අහං ත්වාං සර්ව පාපෙහේ‍යා්
මෝක්ෂ්‍යයිශ්‍යමි මා ශූවඃ

දීක්ෂා ගුරු යනු මේ ගැඹුරු කලි යුග දහම තුළින් ආලෝකය උපදවා ගනු ලබන්නාය . දික්ෂා ගුරු ඇසුර ලබන්නා ආත්ම අවබෝධය කරා ඇති අනෙකුත් සියලූම ක‍්‍රීයා මාර්ග අතහැර ගුරු මග පිලිබද භක්ති සේවනයේ යෙදෙන්නේනම් ජිවිතයේ ඉහලම කාර්ය සිද්ධිය අත්පත් කර ගනු ලබන්නේය . එහිදි අතිත ජන්මයේදි සිදුකරන ලද කර්මයන්ද අහෝසි වී යන්නේය .

එහෙත් දික්ෂා ගුරු ඇසුර ලබන්නට හැකි වනුයේ විශ්වයෙන් අවසරය ලබන්නෙකුට පමණි.
අවසර ලැබීම යනු කුමක්ද ?

තේරුම් ගත යුතු ප‍්‍රධානම කරුණ එයයි. සෑම පුද්ගලයෙක්ම උපදින්නේ තම විදවීම නැතහොත් කර්මානුරූපි දඩුවම ජිවිත කාලයටම ගැලපෙන ලෙස සැලසුම් කොට ගෙනය. සරලව කිවහොත් උපතේ සිට මරණය දක්වා වු සියල්ල පෙළ ගස්සවාගෙනය.

දීක්ෂා ගුරු විසින් සිදුකරනු ලබන්නේ මෙම පෙළගැස්සවීම හා පෙළ ගැස්සවීමට හේතු වන්නාවු පුර්ව කර්මයන් අවබෝධ කොට දීමය. එය අවබෝධ කොට ගන්නා පුද්ගලයාට මෙම පෙළගැස්ම වෙනස් කර ගන්නා ආකාරයද දීක්ෂා ගුරු විසින් පෙන්වා දෙනු ලබයි. එනම් කර්මානුරූපි දඩුවම අහෝසි කර ගැනීම තුළින් විදවීම අහෝසි කර ගැනීමයි.

ඒ අවස්ථාව උදාවනුයේ යම් දිනක වීශ්වය තම කර්මයෙන් තමන්ව මිදවිය යුතුයැයි කියා තිරණය කලහොත් පමණි. එදිනට විශ්වය විසින් ලොව කොහේ හෝ සිටින දීක්ෂා ගුරුවරයෙකු ඉදිරියට රුගෙන යනු ඇත .

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close