තරු වළල්ල

ආලෝකයෙන් ඔබ්බෙහි වු ප‍්‍රභාස්වරය දකින්න.....


හිරුගෙන් අප ආලෝකය ලබන්නෙමු.

ඒ හිරුගෙන්ම ජිවය ලබන සදුගෙන් අප ජිවය ලබන්නෙමු.

හිරුට වඩා අපට සමිපව ඇත්තේ ආලෝකයයි. අප ආලෝකය දකිති. ආලෝකය විදිති.

එහෙත් සැබෑ ආලෝකයේ අරුත නොදනිති.

මාද එහි අරුත නොදත් කාලයක් විය.

මගේ ගුරු එක් දිනක්

ඔබ ආලෝකයෙන් ඔබ්බෙහි වු ප‍්‍රභාස්වරය දකින්නට උත්සහ දරන්න . එවිට ඔබ විශ්වයම දකිනු ඇතැයි පැවසීය .

එදා නොවැටහුණු ගැඹුර අද මට වැටහේ…..

අප දෙඇස් හැර දකින ආලෝකය යමෙක් දෙඇස් වසා දකියිද එය ප‍්‍රභාස්වරයයි.

මෙය සරල කියමනකි. එත් මෙහි ගැඹුර අවබෝධයෙන්ම දත යුතුය.

යෝගී මනසේ ගැඹුරු ආගාධයේ සුර්යයා දැල්වෙයි. එයින් පොෂණය ලබන සදද වෙයි. අනන්ත වු තරුද එහි වෙයි. මනසේ ගැඹුරු සමාධිය ලබන යෝගියා දකිනුයේ මේ සියල්ලෙන් පැන නගින අපිරිමිත වු ආලෝකයයි.

එය සුර්යාලෝකය ලෙසද චන්ද්‍ර්‍යා ලෝකය ලෙසද අපිරිමිත තරු එලිය ලෙසද වෙන් නොවන්නේය.

එය ඒ සියලූ ආලෝකයන් අභිබවා ගිය ආලෝකයකි. එය අපිරිමිතය. සර්වව්‍යාපීය.

සොබාදහමේ ගැඹුරු හරය ඇත්තේ එ තුළය.

සියලූ විද්‍යාවන් ඇත්තේ එ තුළය.

තෙවැදැරුම් වු සකල විද සංකල්පයන් ඇත්තේ එ තුළය.

එය ආලෝකය නොව ප‍්‍රභාස්වරයයි.

ප‍්‍රභාස්වරය දකින යෝගියා පරම ආනන්දය විදිනු ඇත .

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

4.8 5 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x