තරු වළල්ල

පරමාත්මීය සත්‍යයෙන් උකහාගත් විශ්වමය දෘෂ්ඨිය...

මා රට තුළ ඇතිවන යම් ගැටලු වලට වරින් වර විසදුම් දෙනවා.

මේ පිලියම් වල හරය යම් අයට තේරුම් ගත නොහැකියි. මේ පිලියම් පිලිගන්නනම් මේ පිලියම් වල මුලාශ‍්‍ර ලබාදෙන්නයැයි පැවු අයද එ අතර වෙති.

මා මේ ලිපිය ලියන්නේ ඔහුන් වෙනුවෙන් නොවෙයි. මොකද මේ ලිපිය ඔහුන්ට තේරුම් ගත නොහැකි බව මා දන්නවා. මේ ලිපිය ලියන්නේ තේරුම් ගතහැකි කිහිප දෙනෙක් වෙනුවෙන්ම පමණයි.

මගේ ගුරු දීක්ෂා ගුරුවරයෙකු නොවෙයි. සිද්ධාචාර්යවරයෙක්…

ගුරු අසල මා තවම ආගන්තුකයෙකු පමණයි…….

සිද්ධාචාර්ය යනු කවුරුද ?

කුණ්ඩලිණිය තුළින් ප‍්‍රභාෂ්වරය දකින්නා අපිරිමිත සමාධියට පත්වෙති.

මා මෙය අර්ථගන්වනුයේ නිවීම ලෙසිණි.

නිවිමෙන් පසු මුලික බෙදිම් දෙකක් ඇත. නැතහොත් තෝරාගත හැකි මාර්ග දෙකක් ඇත .

ඒ වුකලී අවබෝධයෙන් තේරුම් ගත යුතු දෙමගකි.

පලමු වැන්න වනුයේ භෞතික මාර්ගය අතහැර දෙවියන් හා සමවීමේ මාර්ගය තේරා ගැනීමයි.

දෙවැන්න වනුයේ තම පරමාත්මිය වු මනස තුළින් භෞතිකත්ව පාලනයට නතුකර ගැනීමයි.

පලමු මාර්ගය තුළින් මහා යෝගින් හා සෘෂිවරුන් බිහිවන අතර අවසානයේ ඔහුන් දේවත්වයෙන් පුද ලබති.

ඒ ඔහුන්ගේ අභ්‍යන්තරය තුල දැල්වෙන මහා ප‍්‍රභාෂ්වරය හේතුවෙනි. එවන් යෝගින්ට කාලය හෝ පරිසරය පිලිබදව ගැටලු නිර්මාණය වන්නේ නැත.

එයට හේතුව ඇතුලත හා පිටත යන මුලික බෙදීමෙන් ඔවුහු විනිර්මුක්තව ඇති හෙයිණි.

දෙවන මාර්ගය අවසානයේ සිද්ධාචාර්යවරයෙකු බිහිවෙයි.

පරමාත්මය හා මනස එකාත්මීය වීම තුළින් උකහාගන්නා දසවැදෑරුම් වු දැණුම භෞතිකත්වය පාලනය උදෙසා යෙදවීම සිද්ධාචාර්යරයාගේ කාර්යයි.

අතීතයේ ලියවුණු සියලූ විද්‍යාවන්ට අදාල පොතපත වු කලි මෙම සිද්ධාචාර්ය වරුන්ගේ උත්තරීතර වු මනසේ ප‍්‍රථිඑලයන්ය.

දීක්ෂා ගුරුවරයෙකු භාවිතා කරනුයේද එවන් වු පරමාත්මීය පිලියම් මිස පොත පතේ ලියවී ඇති පිලියම් නොවේ. පොතපතේ ඇති පිලියම් ලබා දෙන්නට ගුරු කෙනෙක් අවශ්‍ය නැත . අකුරු කියවිය හැකි ඕනෑම අයෙක්ට එවා භාවිතා කල හැකිය.

එහෙත් දීක්ෂා ගුරුවරයෙකු අවශ්‍ය වනුයේ විසදා ගත නොහැකි වු භෞතිකමය තත්වයක් පාලනය කර ගැනීම වුදෙසාය. නැතහොත් පොතේ පිලියම් වලින් පලක් නොවන අවස්ථාවකදීය.

එවන් අවස්ථාවකදි උපයෝගී කර ගත යුත්තේ පරමාත්මිය මනසීන් දකින විසදුමක් මිස පුද්ගල මනසින් දකින පිලියමක් නොවේ.
එක් උදාහරණයකින් මෙය පැහැදිලි කලහොත් දිගු විස්තරකිරීමකට වඩා පැහැදිලි වනු ඇත .

පසුගිය කාලයේ යම් දිනක ආශ‍්‍රමයට පැමිණි එක් පවුලකට වසර හැත්තෑ හතරකට පෙර කල ප‍්‍රබල කොඩිවිණයක් විය. එනම් පරම්පරා තුනක් තිස්සේ මේ ගැටලූවට විසදුම් හොයමින් සිටි ඔහුනට කිසිදු විසදුමක් නොහැකි වී ඇත .

භාවනාව තුළින් ඔහුනට දුන්නේ ඉතා සරල විසදුමකි . එනම් යම් නැකතක් තුළ කලූ ගලක් කඩා දැමීමය. මේ සිදුවීමට වසරක් පමණ ගෙවිගොස් ඇති අතර මේ වනවිට ඔහුන් වෙනස අත්විදිමින් සිටිති.

පරමාත්මිය පිලියමක ඇති වෙනස මෙයයි. පොතේ ඇති පිලියම් මෙයට බොහෝ සෙයින් වෙනස් බව අමුතුවෙන් කිව යුතු නැත. වසර හැත්තෑ හතරක් පොතේ පිලියම් තුළින් ඔහුනට විසදුමක් ලැබී තිබුනේ නැත .

බොහෝ අයට තේරුම් ගත නොහැකි වෙනස ඇත්තේ මෙතනය.

දීක්ෂා ගුරුවරයෙකු හෝ සිද්ධාචාර්ය වරයෙක් වෙත යෑමට හෝ ඔහුගේ ක‍්‍රමවේදයක් තුළින් භෞතිකත්වය අභිබවනය කිරීමට අවස්ථාව උදාවනුයේ විශ්වය විසින් තොරාගනු ලබන ඉතා සීමිත වු පිරිසකට පමණි.

එයට හේතුවක්ද ඇත .

භෞතිකත්වය අභිබවනය කීරීම යනු කර්මය අභිබවා යෑමකි.

යමෙක්ට තම කර්මයෙන් මිදීමට හැකි වනුයේ ඒ වුදෙසා විශ්වයෙන් දෙන අවසරයක් තුළ පමණි. ඒ අවසරය ලැබෙනුයේ ඉතා සීමිත වු පිරිසකට මිස සරල බහුතරයකට නොවේ.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close