දීක්ෂා ගුරු මග

වෛදික ශාස්ත‍්‍රය වු කලි සියලූ ශාස්ත‍්‍රයන්ගේ මුදුන් මුලයි ......


මේක ආශ‍්‍රමයට පුංචි සිදුවීමක්…. නමුත් විවිධ ආගම් සිමා වලට කොටු වෙලා ඉන්න හැමොටම මේක පුංචි කථාවක් වෙන්නේ නැති බව මම දන්නවා…

ඒ නිසාමයි මේක ලියන්න හිතුවේ…..

වෙනත් රටක ඉන්න හිතවතෙක්ට ලොකු ප‍්‍රශ්ණයක් තිබුණා.

එ ඔහුගේ මහ ගෙදර දැඩි ලෙසම හදිහුනියම් බලපෑම් වලට මැදි වෙලා තිබුණා…

ඔහුන්ගේ පවුලේ හැමෝම ඉතා හොදින් ක‍්‍රීස්තියානි භක්තිකයින්… එ නිසාම වෙනත් ක‍්‍රමවේද පිලිබද විස්වාසයක් ඔහුන් තුළ තිබුනේ නෑ….

කොහොම හරි මට මේ පිලිබදව ඔහු කිව්වට පස්සේ මම මේ උදෙසා කලයුතු සරල ක‍්‍රමවේදය කියලා දුන්නා…..

ඉඩම සුභ නම් දෝස ඇති වෙන්න බෑ….

සියලූ දෝස ඇති වෙන්නේ භූමියේ පවතින වාස්තු ගැටලූ හරහායි…

ඔහුන්ගේ ආගමික පසුබිම තුළ මේ ක‍්‍රමවේද පිලිබදව විස්වාසයක් පැවතියේ නෑ…..

ඔහු බොහොම සරල පිලිතුරකින් මේ ක‍්‍රමවේදයට යොමු වුණා….

මම මේ කිසිවක් විස්වාස කරන්නේ නෑ…. මම ඔබතුමාව විස්වාස කරනවා… හොද දෙයක් කරලා දෙන්න….

ඔහු ලංකාවෙත් නොසිටි මොහොතක ඔහුගේ භූමියේ සියලූ වාස්තු දෝශ නිවැරදි කරන්නට මග පෙන්වන්නට අවස්ථාව උදාවුණා…

කාලය ගෙවිලා ගියා. වසරකට පසු ඔහු නිවාඩුවකට ලංකාවට ආවා.

ඔහුගේ පවුලේ අයගේ බලකිරීමට තම භූමියේ හදිහුනියම් දෝස පවතිනවාද කියා බලන්න පල්ලියේ ෆාදර් කෙනෙක් ලගට යන්නට සිදු වුණා…

ඔහු යන්නට කලින් මේ බව මට දැණුම් දුන්නා….

මම කිව්වා එය වඩා සුදුසු බව…….

ඔහු ෆාදර්ව හමුවෙන්න ගිහින් පසුදින මා හමුවෙන්න පැමිණියා.

ෆාදර් ඔහුනගේ ක‍්‍රමයෙන් ඉඩම පරික්ෂා කරාලූ …..

එක් වරක්….. දෙවරක්….. තෙවරක්….. යළි යළිත් ඉඩමේ ශක්තිය එහි ඇති දෝස හදුනා ගන්නට උත්සහ කලාලූ…..

කුරුසිය නිරන්තරව ඉඩම සුබ බවම පෙන්නුවාලූ….

අවසානයේ
මේ ඉඩමේ කිසිම දෝසයක් නෑ…. මේ ඉඩම ඉතාම සුභයි
කියා කිව්වලූ..

වෛදික ක‍්‍රමය කෙරෙහි නොවෙයි එදා ඔහු විශ්වාසය තැබුවේ මා පිලිබදවයි….

එහෙත් අද මම දන්නවා ඔහු වෛදික ක‍්‍රමය ප‍්‍රතික්ෂේප නොකරන බව…..

අපි විවිධ ආගම් තුළින් සොබා දහමේ බලය කොටස් වලට බෙදා ගත්තට ඒ සියල්ලටම පෙරයි වෛදික දැණුම බිහිවුනේ….

පංච භූත තත්වය බිහිවන්නටත් කලියෙනුයි වෛදික දැණුම බිහිවුනේ….

එ නිසයි වෛදිකය ත‍්‍රී ගුණය මත පදනම් වෙන්නේ…….

මෙය හොදින් තේරුම් ගන්න .

අපේ ආගම් වෙනස් වෙන්න පුලූවන්.

හැබැයි ඒ හැමෝගේම ජිවිත තියෙන්නේ සෙබාදහම තුළයි.

සෙබාදහමේ විද්‍යාව නැතහොත් වෛදික දැණුම තුළින් මේ සියල්ල වෙනස් කරන්න පුලූවන්.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close