හෙළ නාමකරණය

දරුවාගේ නම වස් කවියක් කර නොගන්න

බොහොම පුංචි විවේකයක් ලැබුණා ඒ අතරෙදි මේ දැනුවත්භාවය දරුවන් වෙත දිය යුතු යැයි සිතුනා. පසුගිය කාල වකවානුව ම ගෙවුනේ දරුවන්ගේ නම් වල සුබ අසුබ තාවයන් සොයන්නට. ඒවායේ තිබුන ප්‍රතිඵල වලින් මුළු මනස ම පීඩාකාරී වෙලා . ඒ තරමටම නාමයේ ඵලය අනුව අත්විඳින ජීවිතය ගැන කියා දෙද්දී සියලුම දරුවන් පෙරළා මා වෙත ලියා තිබූ දේවල් සෝචනීයයි. ඇත්තටම දැනුවත්ව හෝ නොදැනුවත්ව මව් දෙමව්පියන් බොහෝ දරුවන්ට බැඳ තිබුණේ වස් කවි.

හැමදාම මේ ටික කොට කොටා කීවත් තවමත් ඔලුවට නොගත් බොහෝ පිරිසක් මේ පුංචි බිම් කඩේ ඉන්නවා. මුහුණු පොත තුල බොහෝ සුලබව දකින්නට තිබෙන දෙයක් තමයි

පුංචි බබෙකුට මේ අකුරෙන් නමක් කියන්නකො,
මේ නම පුංචි බබෙකුට ලස්සනද ,
මේ නම් අතරින් හොදම නම කියන්නකො

යනුවෙන් ඇතැම් දෙමාපියන් මුහුණු පොතේ සමාජය තුළින් කර ඇති ආයාචනාවන්.

ඒ හැම තැනකම කොමෙන්ටු ලෙස බොහෝ නාමකරණ පිටුවල ලින්ක් යොදා තිබෙනු ද දකින්නට ලැබුණා.

ඒ පිටු අතර ශබ්ද විද්‍යාව කෙසේ වෙතත් සිංහල වත් හරි හැටි නොදන්නා පිරිස් විසින් මුදල් ඉපයීමේ චේතනාව පමණක් පදනම් කරගනිමින් පවත්වාගෙන යන පිටු තිබෙනු දුටුවා.

තවත් සමහර පිටු සිංහල උපාධිධාරී විද්වතුන් යැයි සම්මත දරුවන් විසින් පවත්වාගෙන යන පිටු.

මම වගකීමෙන් මෙන්න මේ දේ කියනවා. නාම පට බන්ධනය යනු සිංහල නොවේ ශබ්ද විද්‍යාවයි.

ඊට හොඳම උදාහරණය නම් පසුගිය කාලයේ මට යොමුවී තිබුනා දැරැවකුගේ නාමයක්. ඒ නාමය තුළ මවුපිය විනාශය ඇති කරන බව මම නාම ඵල විග්‍රහය තුළ දී සදහන් කර තිබුනා. නාම ඵල විග්‍රහය සඳහා යොමුවී තිබුණේ පියා. එම පියා පෙරළා මට ලියා තිබුණ දෙය නම් මේ වන විට මාපිය විනාශය අත්විඳිමින් සිටින බවයි. වයස අවුරුදු හතක් වන මෙම දරුවාගේ මව හා පියා ඒ වන විටද විවාහයෙන් වෙන් වීම උදෙසා නීතිමය මාර්ගයට යොමු වී අවසන්…. පුදුමය දරුවාගේ නාමය පටබැඳ ඇත්තේ මව සහ මවගේ හොදම මිත්‍රයකු විසින් එකතු වී. ඊට හේතුව ඔවුන් දෙදෙනාම සිංහල භාෂා ව උදෙසා විශේෂ ගෞරව උපාධි සහිත දෙදෙනෙක්. තමන්ගේ උපාධිය ම තමන්ගේ විවාහයේ බිඳවැටීමට හේතුවක් බවට පත්ව තිබුණා.

මේ හේතුව නිසා නමක් වස්කවියක් නොවිය යුත්තේ ඇයි කියලා කියලා දෙන්න හිතුනා.

නමක් තුළින් දැනුවත්ව හෝ නොදැනුවත්ව වුවත් යම් ග්‍රහයින් බලාත්මක වෙනවා. අපේ ජීවිතයට හානිකරදායක තත්වයන් ඇතිකරන පීඩාකාරී ග්‍රහයන් බලවත් වීම තුළ අපේ ජීවිතය අපායක් බවට පත් කරන්නට නාමයකටම පුළුවන්.

පසුගිය කාලය වකවානුවේදී බොහෝ විට අහන්න ලැබුණු වයසනකාරී මරණයන් ,අහඹු ලෙස හීන ආයුෂ සහිතව මියගිය දරුවන් ගේ නාමයන් විග්‍රහ කර බැලීමේදී මෙම තත්ත්වය හොඳින්ම දුටුවා. ඒ නිසා කැමති වුණත් අකැමැති වුණත් දැනුවත්ව වුවත් නොදැනුවත්ව වුවත් නාමය හේතුකොටගෙන අසුබ ග්‍රහයින් බලවත් වීම
ඉතා ප්‍රබල වරදක්.

නමක් පට බැඳීමේදී ඒ නාමය සහිත දරුවා විශ්වය සමග බැඳීම සිදු කළ යුතුයි. විශ්වයේ පිහිට ආශිර්වාදය ශක්තිය අවසරය යනාදී විශ්වය සමඟ ඒකාත්මික වීමෙන් ලැබෙන සුබවාදී ප්‍රතිඵලය ලැබෙන්නේ එවන් දරුවකුට පමණයි.

ඒ වගේම දරුවෙකුට දෙපයින් නැගී සිටිමේ මානසික සහ කායික ශක්තිය ලැබිය යුතුයි. දරැවෙකුගේ දෙපා සම්බන්ධ ගැටළු පමණක් නොවෙයි ස්ථාවරත්වය සම්බන්ධයෙන් පවා මෙම තත්ත්වය බලපානු ලබනවා.

අපි හිතන්නේ නාමයක් පටබදිද්දී එහි විපාකය ලැබෙන්නේ නාමයෙ අයිතිකරුට පමණක් කියා. නමුත් එම නමට යොදාගත් අක්ෂර මුල්කරගෙන මව් දෙමව්පියන්ට, සහෝදර සහෝදරියන්ට , ඥාතීන්ට, දූවරුන්ට, පුත්‍රයන්ට සහ කලත්‍රයාට …. යන මේ සියලු පාර්ශවයන් කෙරෙහි අත්විඳීමට සිදුවන ප්‍රතිඵල සොයා බැලිය යුතුයි. වර්තමානයේ අපි බොහෝවිට අත්විඳින සමාජය තුළ බහුල අද්දැකීම් මේ තුළ විග්‍රහ කළ හැකියි. ඒසේම වර්තමාන සමාජය තුළ අපිට බොහෝ විට අහන්න ලැබෙන දෙයක් තමයි සමහර දරුවන් වෙනුවෙන් දෙමව්පියන් දරන වියහියදම් ඵල රහිත වීම. දෙමාපියන් බලාපොරොත්තු වන ආකාරයෙන් ඒවා තුළින් ප්‍රතිඵලයක් ගන්නට බැරි වීම. නාමාක්ෂරය තුළ ඒ දේ පවා හොඳින් සනිටුහන් වෙනවා. මේ කාරණා හොඳින් සුද්ද කිරීමෙන් නාමයක් නොබැඳීම තුළ ඉහත කී ප්‍රතිඵල බොහෝ අය අද අත්දැකීම් ලෙස විඳිනවා.

අනාදිමත් කාලයක් පුරා ලිත් පොතට වහල්වී ශාස්ත්‍රවේදී න් විසින්ද ජාතිය වනසා තිබෙනු දුටුවා. ශබ්ධ විද්‍යාව තුල අසුබ ප්‍රතිඵල උදා කරන බව ප්‍රතිඵල සමග ම පැහැදිලිව දක්වා තිබෙද්දීත් ඒ පිළිබඳව හැදෑරීමක් නැති කම මත ලිත් පොත ට වහල්වී ශාස්ත්‍රවේදී න් පවා නාම පට බන්ධනයන් අසුබ ගණ තුළ සිදුකර තිබුණා. සාහිත්‍යයට හා ශබ්ද විද්‍යාවට ගණ යෙදීම එකක් නොව දෙකක් බව බොහෝ පරිණත ශාස්ත්‍රවේදී න් පවා නොදන්නා දෙයක් වීම කණගාටුවට කරුණකි.

ඒ තුළ ලංකාවේ ඉතා පැරණි කුල පරම්පරාවන් පවා තම පරම්පරාවේ පැවැත්ම විනාශ කොට තිබුණා.

ඒ වගේම බොහෝ අනාදිමත් කාලයක පටන් ක්‍රමක්‍රමයෙන් බලවත් ජාතියක් වූ හෙලයා දුබල ව ඇත්තේ පුද්ගල පෞරුෂත්වය ප්‍රබල බව තුළ පිහිටුවා නාමය බැඳීම සිදුකර නොතිබීම නිසයි.

ගුවනින් පහරදී බොහෝ දේශ දේශාන්තර තම යටත් විජිතය න් බවට පත්කරගත් බලි රජු හා දේවයානියගේ පරපුරක අපි අද ගෙදර කෑම වේල ගෙදර ලිපේ උයා පිහා ගන්නට බැරි ජාතියක් බවට පත්වී අවසන්….

බලවත් නොවුණු නාමයක් ජාතියම නිදි ගන්වන්නට සමත් වී ඇති හැටි……

නාමයක් පට බැඳීම තුළින්

එම නාමය හිමිකරුගේ ජීවිතයට යහපත උදාකරන ග්‍රහයන් බලවත් කරලමින් ඒ හරහා ලැබිය හැකි හා ලැබිය යුතු යහපත ජීවිත කරා කැඳවා ගත යුතු ය.

විශ්වීය ඒකාත්මික බව එසේ නැතිනම් විශ්වයේ පිහිට ආශිර්වාදය අවසරය රැකවරණය ජීවිත කරා පැවතිය යුතුය.

දෙපයින් නැගී සිටීමට මානසික සහ කායික ශක්තිය ලැබිය යුතුය.

නාමය හිමිකරුවාට පමණක් නොව එම නාමය තුළින් ඔහුගේ මව්පිය සහෝදර ඥාති කලත්‍ර දූ-දරු යන පිරිවරට අයහපතක් ඇති නොකළ යුතුය.

එසේම බලවත් පරපුරක් තැනිය හැකි බලවත් පෞරුෂත්වයකින් යුතු අයෙකු විය යුතුය.

එවන් වූ නාමයක් සෙත් කවියක් ම වන්නේය එසේ නොවූ නාමය වස්කවියක් වීම වළකනු නොහැකි ය.

ඔබට අවශ්‍ය වන්නේ මේ හෙළයට බලවත් ගුණවත් සමෘද්ධිමත් හෙළයෙකු එක් කරලීමට නම් ඔබේ දරුවාට වස්කවියක් බැඳීමෙන් වලකින්න.

ශාස්ත‍්‍රවේදිණි
ශබ්ද විද්‍යා විශාරද
හේෂාක්‍යා සිරි පනාගොඩ

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close