හෙළ නාමකරණය

තම නමට ගැලපෙන නමකින් ව්‍යාපාරයට මුල පුරන්න

තමන්ගේම ව්‍යාපාරයකට මුල පිරීම ජීවිතයේ කඩ ඉමක් වගේම විශාල අභියෝගයක් . අප එ වෙනුවෙන් සකස් කරනු ලබන වැඩපිලිවෙළ මත එහි ස්ථාවර බව තීරණය වීම සිදුවෙයි. බොහෝ අය හිතන දෙයක් තමයි බිස්නස් කරන්න අවශ්‍ය සල්ලි කියන එක… සල්ලි තිබු පමණින්ම එය කල නොහැකි බව සමාජය දෙස හොදින් බැල්වම ඕනෑම කෙනෙක්ට පැහැදිලිවන කරුණක්.. පටන් ඇගෙන කෝටි ගණන් පාඩුවෙලා වසාදමන ව්‍යාපාර අපි ඕන තරම් දකිනවා. තාත්තලා ගොඩනගපු ව්‍යාපාර දරුවොන්ට හිමිවුණාම විනාසවන අයුරු අපි දකිනවා.

ඇයි එහෙම වෙන්නේ . කියන එකට වඩා ව්‍යාපාරයකට මුල පරද්දී වරද්දගන්න ප්‍රධාන තැනක් ගැන කිව යුතුයි.

උප්පත්තියේදි අපිට තියන නාමය වගේම අපි ගොඩනගන ව්‍යාපාරයේ නාමයත් අපේ ජීවිත එක්කම බැඳිලා තියෙනවා. සමහර අවස්ථාවන් වලදී උප්පත්ති නාමය පැත්තකට ගිහිල්ලා අපි දාපු නමින් අපිව හඳුන්වන අවස්ථා පවා තියෙනවා.

ටිකක් හිතන්න අපි කඩයක් හෝ යම් ආයතනයක් පටන් අරගෙන එහි නම සඳහන් කරපු බෝඩ් එකක් සවි කරනවා. එතනින් යන වාහන සහ මිනිස්සුන්ට නිරතුරුව ඒ දකින වචනය කියවෙනවා.

සෙත් කවි සහ වස් කවි ගැන ඕන කෙනෙක් අහල තියෙනවනේ… සෙත් කවියක් වස්කවියක් හදන්නෙත් වචන ටිකක් එකට එකතු කරලා… හැම අකුරකම වචනයකම ගුප්ත බලයක් සැඟවිලා තියෙනවා. මේ ව්‍යාපාරයට දාපු නම සුභ වචනයක් වුනොත් ඉන් සුබ ප්‍රතිඵල ලැබෙනවා. බැරිවෙලාවත් එය අසුබ වචනයක් වුනොත් අසුබ ප්‍රතිඵල තමයි අත්විඳින්න වෙන්නේ ….

ඇත්තටම වචන වල බලයක් තියෙනවද ? තමන් ඇත්තටම බෞද්ධ නම් පිරිතේ ඇති බලය ගැන දන්නවා ඇති… පිරිත තුළ තියෙන්නෙත් වචනවල බලය…

එතකොට යමෙක් තමන්ට කියලා ව්‍යාපාරයක් ගොඩ නගනවා නම් එයට නමක් යෙදීම අනිවාර්ය දෙයක්… මොකද නැතිනම් ටික කාලයක් යද්දි එය සමාජගත වෙන්නේ මිනිස්සු කියන නම් වලින්…. හංදියේ කඩේ, වංගුවෙ electric shop එක , …. ආදී ලෙසින් නම් හැදෙනවා….

මෙවන් අවස්ථාවකදී අසුබ ආකාරයෙන් කියවෙන නම එහි හිමිකරුට විරුද්ධ වුණොත් , හිමිකරුට හානි පාඩු ගෙනෙනවානම් , එහෙමත් නැතිනම් මරණය ගෙනෙනවානම් එම ව්‍යාපාරය හරහා සාර්ථකත්වයකට යා නොහැකි වනවා.

තාත්තලා ගොඩනගපු ව්‍යාපාර දරුවොන්ට හිමිවුණාම විනාසවෙන්නේ ඔන්න ඔය කරුණ නිසාමයි . තාත්තගේ නමට ධනලාභ ගෙනාපු ව්‍යාපාරය එය උරුම වුණු දරුවාගේ නාමයට ගෙනෙන්නේ ධනහානි නම් ඒ ව්‍යාපාරය තුළින් ඔහුට සාර්ථක වෙන්න බැරි වෙනවා.

සමහර නාමයන් තියෙනවා එම නාමයන් තුළින් මධ්‍යස්ථ ප්‍රතිඵල ඇති කරන එවන් අවස්ථාවලදී පි කොහොමහරි ව්‍යාපාරය ඇදගෙන යනවා. ඒ තුළින් අපි යැපෙනවා . හැබැයි වසර ගණනක් ගිහින් හැරිල බැලුවත් අපි කාල ඇඳල ඉඳලා විතරයි… ඕගොල්ලන්ගේ වචනයෙන් කියනවා නම් ව්‍යාපාරය ඇතුලේ තිබිලා තියෙන්නෙ රෝලක්……

ව්‍යාපාරයකට නමක් දානකොට ආකර්ෂණීය බව , ජනප්‍රිය වන ස්වභාවය වගේම එය එහි හිමිකරුවාට ඇතිකරන ප්‍රථිඵලය කෙබදු ද කියන එක ගැනත් අවධානය යොමු කිරීම ඉතා වැදගත්…

එහිදී පළමු පියවර තමයි තමන් දැනට භාවිතා වන තමන්ගෙ නම තමන්ට සුබවාදී ම ද කියන කරුණ නිශ්චය කර ගැනීම. දෙවන පියවර තමයි ඒ සුභ නාමයට ගැලපෙන අයුරින් ව්‍යාපාරයට නාමයක් යෙදීම.

තුන්වන කරුණ කුත් තියෙනවා… ව්‍යාපාරික ට නාම පුවරුවක්රුවක් සවිකරනවා නම්, නාම පුවරුවට නියමිත දිග පළලක් තියෙනවා. අපිට හිතෙන හිතෙන ප්‍රමාණවලින් නාම පුවරු සවි කරන්න බැහැ.

ඒ හරහා ද ඇතිවන සුබ අසුබ තියෙනවා.

ශාස්ත‍්‍රවේදිණි
ශබ්ද විද්‍යා විශාරද
හේෂාක්‍යා සිරි පනාගොඩ

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close