පයිරා වාස්තු

ජය භූමියක නිවස ගොඩනගන්න. එය රාජධානියක් වනු ඇත .


ඉතිහාසය දෙස හොදින් බැලීමේදි රට එක්සේසත් කල සෑම රජෙකුම නව නුවරක් ගොඩ නැගුවේය.

එයට හේතුවක් ඇත . රජු දීර්ඝ කාලයක් සමෘර්ධිමත්ව රාජ්‍ය විචාරන්නටනම් ජය භූමියක් පැවතිය යුතුය. ජය භූමියක් යනුවෙන් අදහස් වනුයේ සොබාදහමේ බලය තමන්ට උපරිමාකාරයෙන් ලැබෙන භූමියයි.

රාවණ යුගයේ සිටම අප රටතුළ රාජධානි ගොඩනැගු රජවරුන්ගේ ජයභූමි පිලිබදව මා සිදුකල ගණනය කිරිම් තුළින් අවබෝධ කරගත් සරල කාරණා කිහිපයක් පවතී.

රට එකසේසත් කිරමින් රට දියුණුව කරා ගෙන ගිය සෑම රජෙකුම වාස්තු ක‍්‍රමවේද හරහා තමන්ට ගැලපෙන භූමියක් තෝරා ගෙන තම රාජධානිය ගොඩ නගා ඇති බව පෙනීයයි.

ඉපැරණි වාස්තු සිද්දාන්තයන් තුළ තමන් තොරා ගන්නා භූමිය තුළින් තමන්ට ලැබෙන කරුණු සතක් පෙන්වා දී ඇත . ඒ අනුව දරු ඵල යස ඉසුරු දිර්ඝායුෂ රාජ්‍ය වර්ධනය සතුරන් විනාශය මෙන්ම මරණයද භූමිය විසින් රුගෙන එනු ලබයි.

මෙම ගැලපීම් ක‍්‍රමවේදය තුළ රාජධානියක පැවැත්ම තීරණය වීම උදෙසා රාජ්‍ය වර්ධනය කරන්නා වු භූමියක් තෝරාගත යුතුය.

රාවණ රජු ලංකාපුරය
පණ්ඩුකාභය රජු අනුරාධපුරය
විජයබාහු රජු පොලොන්නරුව
පැරකුම්බා රජු ජයවද්දන පුරය
බුවනෙකබාහු රජු ගම්පොල
මෙන්ම ජේ ආර් ජයවර්ධන ජනපති ශ‍්‍රී ජයවර්ධනපුරය

ආදී සියලූ රාජධානි ගොඩනැගු බිම් ඒ රජුට රාජ්‍ය වර්ධනය රුගෙන ආවේය.

මේහිදි භූමි ගැලපීමේ මුලිකම කාර්යය වනුයේ තම නාමයට ගැලපෙන ගමක් තෝරා ගැනීමය. ඒ ගැලපීම තුළින් දෙවනුව එය ජය භූමියක්ද යන්න ගණනය කල යුතු වෙයි.

විජයබාහු රජු පොලොන්නරුවේම තම රාජධානිය පිහිටුවීමට තීරණය කරනු ලබන අතර එය තමන්ට ගලපා ගැනීම උදෙසා සිදුකරනු ලබන්නේ තම නම සිරිසගබෝ විජයබාහු ලෙස වෙනස් කිරීමය. ඒ තුළින් තම නමට ගැලපෙන රාජ්‍ය වර්ධනය සහිත නුවරක් බවට එය පත්කරනු ලබයි.

දඹදෙණියේ රාජධානිය ගොඩනැගු තුන්වන විජයබාහු රජුට තම රාජධානිය ගොඩනගා රාජ්‍යය විචාරීමට අවස්ථාව උදාවනුයේ වසර හතරක් පමණි. එයට හේතුවනුයේ දඹදෙණිය විජයබාහු රජුට විනාශය නැතහොත් මරණය ගෙනෙන භූමියක් ලෙස ඉපැරණි වාස්තු සිද්ධාන්තය තුළින් පෙන්වා දීමයි.

වර්ථමානය වනවිට රජවරුන් හෝ රාජධානි නැත . එහෙත් මේ ඉපැරණි සිද්ධාන්තය භාවිතයට ගැනීමේ හැකියාවන් පවතී.

තමන්ට පදිංචියට සුදුසු ජය භූමිය තෝරා ගැනීමට මෙන්ම තම ව්‍යාපාරික කටයුතු ඇරඹිම උදෙසා වඩාත්ම සුදුසු රාජ්‍ය ලාභයන් ඉපැයිය හැකි භූමිය හදුනා ගැනීම උදෙසාත් මෙය වැදගත් වෙයි.

උරුමයක් ලෙස ලැබුණු හෝ දැනට මිලට ගෙන ඇති භූමියක් නම් එය ජයභූමියක් බවට පත්කර ගැනීම උදෙසා ක‍්‍රම දෙකක් යොදා ගත හැකිවෙයි. පලමු වැන්න නම් විජයබාහු රජු පොලොන්නරුව තම රාජධානිය කර ගැනීමට යෙදු උපක‍්‍රමයම යෙදීයය. නැතහොත් සර්ව සුභ නොවුවද එය සුභ භූමියක් බවට පත් කිරීමේ වාස්තු ක‍්‍රම යෙදීමයි.

මෙය සරලව පැවසුවහොත් ඉන්දික නම් පුද්ගලයා නව නිවසක් ඉදිකරන්නට හෝ ව්‍යාපාරයක් අරබන්නට කතරගමින් ඉඩමක් ගතහොත් ඔහු අපේක්ෂා කරන වර්ධනය වෙනුවට ඔහුට හානී සහ පාඩු විදීමට සිදුවෙයි.

එහෙත් ඉන්දික නම් පුද්ගලයා නව නිවසක් ඉදිකරන්නට හෝ ව්‍යාපාරයක් අරබන්නට දෙහිවලින් ඉඩමක් ගතහොත් ඔහු අපේක්ෂා කරන වර්ධනය දියුණුව රාජ්‍ය පිලිගැනීමද හිමිවෙයි.

නව නිවාස ඉදිකර පදිංචියට පැමිණ බිදවැටෙන පවුල් මෙන්ම ආර්ථිකයන් අප කොතෙකුත් දැක ඇත .

තමන් සිටින්නේ කොතනද යායුත්තේ කොතනටද යන්න පිලිබදව හදවතට තට්ටු කර අසන්න. ඉපැරණි ක‍්‍රමවේද තිරශ්චීනයැයි සිතන්නන්ට ඒ සිතුවිල්ලේම ඉන්නට ඉඩහැරින්න.

ශාස්ත‍්‍රවේදිණි
නදීකා චමාලි පනාගොඩ

0777 96 44 74

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close