තරු වළල්ල

අලුතින් ගෙයක් හදන්න හිතන දරුවන්ට ...........

1 පලමුව සුදුසු ඉඩමක් තෝරා ගන්න

2 මිලදී ගන්නේ නම් ඊට පෙරද උරුමයෙන් ලැබුනු එකක් නම් ගෘහාරම්භ කටයුතු වලට මුල පිරිමට පෙරද
අදාල භූමියට පවතින අදෘශ්‍යමාන දෝශ තිබේදැයි හදුනාගෙන ඒ සදහා නිසි පිලියම් කොට එයින් මිදෙන්න

3 ඉවත් කල යුතු වෘක්ෂ වේ නම් පැරණි ගොඩනැගිලි වේනම් ඒවා යම් දේවතා හෝ වෙනත් අදෘශ්‍යමානආත්මයන්හි වාසස්ථාන දැයි දැන ඒවා විධිමත් ලෙස ඉවත් කරන්න

4 මෙකී භූමියෙහි මා ගෘහයක් තනවන්නේමියි අදහසින් නැකැත් ප‍්‍රකාරව භූමියට ඇතුල්ව නැතැක් ප‍්‍රකාරව භුමිය වල්හැර පිරිසිදු කර ගන්න

5 භූමියට අදාලව වාස්තු පිරික්සීමෙන් භූමී වාස්තු දෝශ වලින් භුමිය නිදහස් කරන්න

6 ගෘහ මුලීක වඩු රියනට හා උපන් ග‍්‍රහ බලයට සීහුම්ව තමන්ට වඩා සුදුසු ගෘහ පිණ්ඩය වාස්තු විද්‍යානුකූලව සකස් කර ගන්න

7 ඊට ගරු කොට කටයුතු කරන සැලසුම් ශිල්පියෙකුගේ සේවය ලබාගෙන නිසි ගෘහ සැලස්මක් සකස් කර ගන්න

8 එම සැලැස්ම වාස්තු දෝශ පහ කොට වාස්තුවිද්‍යානූකූල කොට ගන්න

9 සැලස්ම අදාල පලාත් පාලන ආයතන තුලින් බලාත්මක කොට ගන්න

10 නිසි නැකැත් සකස් කරන්නට කාල වේලා සහිතව නැකැත් ලබා ගැනීම සදහා යොමුවන්න

11 මුලික අඩිතාලම කෙරෙහි අවශ්‍ය කළමනා තම ආදායමින් ඒ අතර තුර ටිනෙක් ටික සම්පාදනය කොට ගන්න

12 ණය විමෙන් තොරව මගේ දාඩිය මහන්සියෙන් මම මේ ගේ හදනවා යන උදාර සිතුවිල්ල හොදින් මනසේ ධාරණය කොට ගන්න

13 කිසිදු විටක අයතා ආකාරයෙන් ලබන ධනයෙන් හෝ ණය විමෙන් ගේ දොර හදන්නට පිඔුරු පත් හදන්නට එපා

14 බහිරවයින් පුදන්න බහිරවයින් පුදනවා යනු මලවුන් පුදනවා නොවේ මෙය හොදින් තේරුම් ගෙන බහිරවයින් පමණක් පුදන්න

15 නිසි නැකැත් ප‍්‍රකාරව ශූභ මුහුර්තියකින් ගෘහාරම්භ කරන්න

ඒකාන්තයෙන්ම ඔබේ නිවස ගොඩනැගෙනු ඇත

ශාස්ත‍්‍රවේදීණී
හෙළ වාස්තු උපදේශක
නදීකා චමාලී පනාගොඩ

5 6 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x