තරු වළල්ල

කෑලි එක්කර ගත්තොත් පටලැවිලි ගොඩයි

අලූතින් ගෙයක් හදන විට අපි ටිකක් හරි ඒ ගෙදර වාස්තු පිලිබදව සැලකිලිමත්…

නමුත් කල් ගතවෙත්ම ඒ නිවසේ ඉඩකඩ මදියි කියලා හිතෙන කොට… ඒ වගේම අලූත් පැන්ටී‍්‍ර කබඞ් කිලිටි වෙනවා කියලා හිතෙන කොට එලියෙන් කුස්සියක් කාමරයක් වගේ දේවල් හදා ගන්නවා…

ගොඩක් වෙලාවට මෙහෙම හදන දේවල් වල සුභ අසුභ අහන්නේ එය හදන්න එන බාසුන්නේගෙන්… බාසුන්නේත් විවිධ උපදෙස් දෙනවා…

ගෙට අල්ලලා කාමරයක් හදන කොට එය ගෙයි දිග පලලට බධාවක් නොවන්න බිත්තිය අයිනට රෙජිෆෝම් කැබැල්ලක් තියන එක එවැනි උපදෙසක්….

මම දන්න වාස්තු ශාස්ත‍්‍රයේනම් වාස්තු දෝස ඉවත් කිරීමට රෙජිෆෝම් භාවිතා කරන බවක්නම් දන්නේ නෑ….

ඒ කියන්නේ ප‍්‍රධාන සැලැස්මට පිටින් ගෙට අල්ලලා හදන කෑලි නිවසේ වර්ග එලයට එක් වෙනවා. එය රෙජිෆෝම් කෑල්ලකින් වෙන් කරන්න බෑ…

ටිකක් හිතන්න….

රෙජිෆෝම් කෑල්ල අවුරුදු පහක් තිබ්බා තියලා හිතන්න. ඉන්පසුපොලවේ තියෙන ගල් වැලි පස් මඩ මේ සියල්ලම ඔය හිඩස අතර පිරෙනවා… එසේ ඇතිවන බැදීම සිමෙන්ති දැම්මා වගේම බැදෙනවා…

සිමෙන්ති කියන්නෙත් පරිසරයෙන්ම ගන්න දේවල් හරහා හදන දෙයක් ..

තවත් දෙයක් ගෙඩක් අය ෆවුන්ඬේෂම අතරට රෙජිෆෝම් කැබැල්ලක් තියලා බිත්ති බදිනවා . හැබැයි වහලය ගහද්දී ඉහල වහලයම දිකකරනවා . නැතිනම් ප‍්‍රඹාන බිත්තියට පරාල සම්භන්ධ කරනවා…

මෙම තත්වය තුළින් ඇතිවන ප‍්‍රධාන ගැටලූ බොහොමයක් පවතී.

ප‍්‍රධානම ගැටලූව වන්නේ නිවසේ සුභ වර්ග එලය වෙනස් වීමයි.

ඉන්පසුව නිවසේ මධ්‍ය ලක්ෂය වෙනස් වීම සිදුවෙනවා.

පිටින් කොටස එක් කර ගන්නා දීශාව මත නිවසේ ආර්ථිකය බිදවැටීම රෝගා බාධ වර්ධනය වීම නිවසේ සමගිය බිදවැටීම වැනි තත්වයන් නිර්මාණය වීම සිදු වෙනවා.

මෙලෙස ඉදිකල නිවෙස් උදෙසා සාම්ප‍්‍රධායික වාස්තු වේදින් දෙනු ලබන විසදුමක් වනුයේ නිවස හතරුස් වන ලෙස ෆවුන්ඬේෂන් එකක් යෙදීමයි.

මා මෙය සාර්ථක විසදුමක් ලෙස නොදකී..

එයට හේතුවක් ඇත . නිවසක් යන සංකල්පය සම්පුර්ණ වන්නේ ෆවුන්ඬේෂන් එකක් මත ගෙඩනැන්වුණු බිත්ති හා ඒ මත ඇති වහලයෙනි.

ෆවුන්ඬේෂන් එකක් යෙදු විට එය නිවසක් වන්නේ නම් අප ෆවුන්ඬේෂන් එකක් දැමු පසු ඉතිරි ඉදිකිරීම් නොකර ඒ මත පදිංචි විය යුතුය.

මෙයට පිලියම් නැද්ද ?

පිලියම් තියෙනවා.. පිරමීඩ වාස්තු තුළ .. එය සරලයි…

ගැඹුරින් හිතන්න……

බාසුන්නේහේ කියන්නේ වාස්තු වේදියෙක් නොවෙයි…

පටල ගන්න එපා… පටල ගත්තොත් ජිවිතයම පැටලේවි….

 

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

5 6 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x