නොපෙනෙන ලෝකය

එල්ලා මැරූ දරුවා නැවත පැමිණෙයි ......


අප අවට ඇති සියල්ල අපට දකින්නට බැරි බව අමුතුවෙන් කිවයුතු දෙයක් නොවෙයි.

එහෙත් මේ සත්‍ය ගොඩක් අය තේරුම් ගන්නේ නෑ.

එහෙත් නොපෙනෙන දේ පෙනේන දෙයට වඩා ගැඹුරු බව මේ සිදුවීමෙන් තේරුම් ගන්නට පුලූවන් වේවි…..

පසුගිය කාලයේ දිනක එක් තරුණියක් ආශ‍්‍රමයට පැමිණියා. ඇයගේ ජිවිතය වෙලාගෙන පැවති ගැටලූ කිහිපයක් නිරාකරණය කර ගැනීමට.

මේ ගැටලූ වලට විසදුම් යොදමින් ඉන්න අවස්ථාවකදී මා දුටුවා වයස අවුරුදු දොලහක් පමණ යැයි සිතිය හැකි නිල් කොට කලිසමක් පමණක් ඇදි පිරිමි දරුවෙක් අස්වාභාවික ලෙස ඇගේ පිටුවසින් සිටිනු මා දුටුවා.

මේ දරුවාගේ අත් ඉදිරියට බරවෙලා වැනි වැනි තිබුණා. හිස පහතට කඩා වැටිලා. මගේ මනසට ඒ දරුවා දුටු සැණින් සිහියට ආවේ එල්ලි තියෙන මල සිරුරක්…..

මම මේ සිදුවීම ඒ තරුණියට කිව්වා…

ඔව් මහත්තයෝ මම ගොඩ දවසට හීනෙනුත් මේ වගේ ලමයෙක්ව දකිනවා…

මම මගේ මනස අතීතයට යැව්වා.

වසර හතරකට කලින් ඔබ හිටියේ මේ වගේ නිවසකද ?

මම ඒ නිවසේ හා පරිසරයේ ලක්ෂණ කිව්වා…

ඔව් ඔය අපි හිටපු කුරුණෑගල ගෙදර

ඔය ගෙදරට ගිය දවසේ ඉදන් නේද ඔය ලමයව දකින්නේ…

ඔය ගෙදරදී හැමතිස්සේම කවුරු හරි තමන් දෙස බලා ඉන්නවා කියලා හිතිලා නැද්ද ?

ඔව් මහත්තයෝ මට ඒක හැමතිස්සේම හිතෙනවා…

මම විතරයි බොහෝ දිනවල ගෙදර හිටියේ සැමියා හමුදාවේ හින්දා එයා ආවේ මාසෙකට සැරයක් වගේ. මම හිතුවා මම තනියම ඉන්න නිසා වෙන්න ඇති එහෙම හිතෙන්නේ කියලා…..

කාමරයේ දොරවල් ඉබේ වැහුණද ?

ආ ඔව් එක තමයි ලොකුම ගැටලූව වුනේ මම නිදාගන්න යන්නේ කාමරයේ දොර ඇරලා රූ මැද්දේ නිකන්ම දඩාං ගාලා මහ හයියෙන් දොර ඉබේම වැහෙනවා. මම හිතුවා හුලගට වෙන්න ඇති කියලා … නමුත් හුලන් තිබ්බෙත් නෑ…

මම දැන් ඉන්නේ එහේ නොවෙයි. නමුත් එහෙදි අපේ පවුල කැඩිලා වෙන් වුණා. මාව අනතුරකට ලක්වුණා. දැන් සියල්ල වෙලා ඉවරයි.

ඔය ගොල්ලො විතරයි ඔච්චර කල් ඔය ගෙදර හිටියේ….

ඔය ගෙදරට එන අය හැමෝම ටික දිනකින් යනවා…

ඔය ගෙදරට සම්භන්ධ යම් ලමයෙක් එල්ලිලා මැරිලා හෝ මරලා තියෙනවා. මේ ලමයා වෛරයෙන් සැරිසරනවා….

තාමත් ඒ දරුවා තමන්ට බලපෑම් ඇති කරනවා… ගෙදරින් ආවත්.

අවසානයේ මම ඒ දරුවගේ ආත්මයෙන් ඇයව නිදහස් කර ගැනීමට අවශ්‍ය පිලියම් ලබා දුන්නා…

පසු දිනක ඇය ආශ‍්‍රමයට පැමිණියා.

මහත්තයා මම අපි හිටපු ගෙවල් ලග අදුරන කෙනෙක්ට කෝල් කරලා ලමයා ගැන විස්තර ඇහුවා.

ඒ අය මුලින්ම කිව්වේ නෑ. ඇයි අහන්නේ කියලා ඇහුවා.

මම විස්තරේ කිව්වම ඒ අය කිව්වා.

ඔව් ඔය ගෙදර හොල්මන් තියෙනවා.

අපි කිව්වේ නැත්තේ ඔයා බයවෙයි කියලා.

ඔයා බය නැතිව තනියෙනුත් හිටිය නිසා….

ඔය ගෙදර දොර ජනෙල් ඉබේ වැහෙනවා…

ගෙදරට කුලියට ආපු අය දැකලා තියෙනවාලූ ලමයෙක් ගේ ඇතුලේ ඇවිදිනවා හරි අමුතු විදියට….

අපි අවට ඉන්නේ අපි විතරක්ම නොවෙයි. හොදින්ම තේරුම් ගත යුතු ප‍්‍රධානම දේ මේකයි.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close