නොපෙනෙන ලෝකය

තරුණ ඔබ නිදන්නේ තනියම කියා විශ්වාසද ?

වර්ථමාන සමාජයේ තරුණියන්ගෙන් වැඩි ප‍්‍රමාණයක් මලගිය දෝස නැතහොත් අමනුෂ දෝෂ හරහා පිඩා විදිමින් සිටිති.
මෙය මෙලෙස පැවසු විට බොහෝ අය උපහාසයෙන් සිනාසෙනු ඇත .

එහෙත් එය යථාර්ථයකි. මෙම දෝශ පවතින විට සිදුවන්නේ කුමක්ද ? මෙය අවබෝධ කරගැනීම ඉතා වැදගත්ය. මෙම දෝස හරහා බහුලවම ඇතිවන්නේ මානසික පිඩාවන් දිගින් දිගට නිර්මාණය කිරීමයි. ශාරිරිකව පිඩා නිර්මාණය කිරීමත් කල්පවතින හා හදුනාගත නොහැකි රෝගී තත්වයන් නිර්මාණය කිරීම දෙවන අවස්ථාවයි. ශාරිරික වර්ධනය බිද වැටිම මෙන්ම ශරිරය දුර්වල කිරීමත් මෙම බලපෑම් තුලින්ම සිදුවෙයි. බොහෝවිට ගැහැණු දරුවන් අස්වාභාවික ලෙස කෙට්ටු වීමටද මෙම දෝශ බලපෑම් ඇති කරනු ලබයි.

හේතු විරහිතව සබදතා බිදවැටිම උදෙසා කරුණු නිර්මාණය කිරීමට මලගිය ආත්මයන්ට ප‍්‍රබල හැකියාවක් පවති . මෙම පසුබිම තුළ ආදර සබදතා හා විවාහ සබදතා බිදවැටීමට මෙම මලගිය දෝස ප‍්‍රධාන වශයෙන්ම හේතු වෙයි.පවුල තුළ සතුට බිදවැටිමට ප‍්‍රධානම හේතුවක් ලෙසින්ද මෙය දක්වා ලිය හැකිය . විවාහයෙන් පසු බොහෝවිට සිදුවන දරුඵල අහිමි වීම් වලටද මෙම දෝශ ඉවහල් වෙයි.

පැරණි සමාජයට වඩා වත්මන් සමාජයේ තරුණියන් තුළ මෙම දෝෂ තත්වය වර්ධනය වීමට හේතුව වනුයේ වර්ථමානයේ මියයන පිරිසෙන් ඉතා විශාල ප‍්‍රමාණයක් පේ‍්‍රත හා භූත ආත්මයන් තුළ ඉපදීමයි. එයට හේතුවනුයේ අදික ආශාවන් තුළ තෙරපි මියයෑමයි. අනෙක් කරුණ වනුයේ පසුගිය දශක කිහිපය තුළ ඉතා විශාල ප‍්‍රමාණයක් තරුණයන් පිඩාවන් තුළ මියයෑම හරහා ප්‍රෙත ආත්මව ඉපදීමයි.

මාගේ් අත්දැකීම් තුළ මේ ආත්ම ජිවත් වනුයේ අවසන් සිතුවිල්ල තුළ නොව අවසන් මොහොත තුළය. එනම් එක් මොහොතක් තුළ පවතින තත්වයන් පරාසයක් තුළය. සංකීරණ වු ආශාවන් තූළය.

වර්ථමාන අමනුෂ්‍ය ආත්ම වල පවතින විශේෂත්වය වනුයේ තරුණ ශරිර වලට ඇති අධික ලොල් වු ස්වාභාවයයි. මෙයට බලපාන ප‍්‍රධානම හේතුව වනුයේ අඩු වයසින් මිය ගිය තරුණ ජිවිත ප‍්‍රමාණය ඉහල යෑම හා ඔහුන් ඉටු කර ගත නොහැකි වු ආශාවන් තුළ සිරිවී සිටිමයි.

මෙවන් අත්මයන් හී බලපෑමට ලක්වනුයේ බෙහෝ විට අපේම වරදිණි. ආශ‍්‍රමයට පැමිණි සමහර තරුණියන්ට මෙම බලපෑම් ඇතිවී ඇත්තේ එලිමහන් භූමි තුළ ඇතිවු ලිංගිකමය සබදතා හරහාම. අප සරලව දන්නා දෙයක් වනුයේ යම් තරුණියකගේ ශරිරයක් නිරාවරණය වනු දුටුවහොත් එය හැංගී බලාසිටින පිරිස් ඕනෑ තරම් සමාජය තුළ සිටින බවය. එය මලගිය කොනෙක්ට ආදේශකර සිතුව හොත් හැංගෙන්නට දෙයක් නැත . ලගටම ඇවිත් බලා සිටින්නට හෝ ශරිරය තුළට රිංගන්නටද හැකියාව ඇත .

කාමර වල ජනේල ආවරණ නොකර ඇදුම් මාරු කිරීම හා ජනෙල් හැරදා නිදාගැනීම හරහාද මෙම බලපෑම් ඇති වෙයි. ජිවත් වන මිනිසුන්ගේ දැකීම මලගිය කෙනෙක්ට ආදෙශ කර සිතා බැලූවහොත් මෙම ගැටලූව ලිහාගැනීමට හැකි වෙයි.

යම් තරුණියක් මෙම දෝෂ හරහා පිඩා විදිනම් එය අවබෝධ කර ගත හැකි ප‍්‍රධාන කාරණා කිහිපයක් පවති. ඉන් ප‍්‍රධානම කාරණය වන්නේ දිගින් දිගටම සිහිනෙන් බියවීමයි. දෙවැන්න වනුයේ භයංකර හා විරූපි සිහින දර්ශණය වීමයි. එසේම සිහිනෙන් සිදුවන ලිංගික එක්වීම් මෙහි වර්ධනීය තත්වයයි. දිගු කාලිනව මෙවන් තත්වයන් පැවතීම තුළ ශාරිරිකව රෝගී ගති මතුවන අතර මානසිකව බිදවැටීම්ද නිර්මාණය වීම සිදුවෙයි. මෙහි පවතින ප‍්‍රධානම ගැටලූව වනුයේ ආදර සබදතා ගොඩනගා ගැනීමෙන් පසු මෙම මලගිය ආත්ම විසින් තමන් බලපෑම් කරන තරුණියන්ව දැඩි ලෙස පිඩාවට පත්කිරිමයි. සබදතා බිද දැමිම .

මානසික හා ශාරිරික පිඩා නිර්මාණය කිරිම සිදු කරනු ලබයි. මලගිය ආත්මයක ග‍්‍රහණයට ලක්ව ඇති තිරුණියක් විශම ලිංගික සබදතාවයක් පැවැත්වු අවස්ථා වලදි එම ආත්මය විසින් එම තරුණියට දැඩි පිඩා ඇති කිරිමට විවිධාකාරයේ ශාරිරික රෝගි ගති නිර්මාණය කරණු ලබයි. මෙහිදි ඇතිකරන ප‍්‍රධානම දෝෂය වන්නේ ඔසප් චක‍්‍රය පිඩාකාරි ලෙස අක‍්‍රමවත් කිරිමයි. එසේම සිහිනෙන් බිය කිරිම හා ශාරිරික අප‍්‍රණිකතා ඇති කරනු ලබයි. බොහෝ විට ආදර සබදතාවයක් ලිංගික එක්විමක් දක්වා දුරදිග යන අවස්ථා වලදි එම සබදතා හේතු විරහිතව බිද දැමිමට මෙම මලගිය ආත්ම ක‍්‍රියාත්මක වෙයි. මේ දෝශ හේතුවෙන්ම වර්ථමාන සමාජයේ දරුවන් නොලබන කාන්තාවන් ප‍්‍රමාණයද ඉතා ඉහල අගයක් ගනු ලබයි .

වෛදික ජ්‍යෙතිෂය තුළින් පැහැදිලිවම මෙම දෝෂ තත්වයෙන් පෙළෙන්නීයන් හදුනා ගත හැකි වෙයි. ජන්මියාව එ මොහොත තුළ පිඩාවට පත් කරන ආත්මයන් හදුනා ගත් හැකි වෙයි.

එහිදි තමන්ට බලපෑම් ඇති කරන ආත්මයේ ස්වාභාවයද වර්ග කර හදුනාගත හැකි වෙයි.

දුකින් පසුවන් මලගිය ආත්මයක්ද
වෛරයෙන් පසුවන් මලගිය ආත්මයක්ද
ශරිරයට කැමැත්තෙන් පසුවන් මලගිය ආත්මයක්ද
වැඩිවියට පත්වු අවස්ථාවේ ලංවු මල යක්ෂ ආත්මයක්ද

මෙය නිසි ලෙස හදුනා ගැනීම තුළින් තොවිල් පවිල් වලින් තොරව මෙම දෝශ තත්වයන් සරල ලෙසින් බැහැර කල හැකි වෙයි.

මලගිය ආත්මයක් ඉවත් කිරීම උදෙසා ඒ ආත්මයේ ආශාව හදුනා ගැනීම ඉතා වැදගත් වෙයි.

බඩගින්නේ ඉන්නා කෙනෙක්ට බණ කියා වැඩක් නැත .

මත්පැන්වලට ගිජු වුවෙක් නම් තැබිලි බොන්නට දීමෙන්ද එලක් නැත .

පිලිනොගන්නා අයට විදවන්නට දී පිලිගන්නා අය මෙය අවබෝධ කර ගත යුතු දෙයකි.

වෛදික ජ්‍යෙතිෂවේදි
කාංචන ගීත මනමේන්ද්‍ර
0777 96 44 74

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close