නොපෙනෙන ලෝකය

වාහනය සමග කොලඹ ආ අනියම් සැමියා ......

යමෙක් භාවිතා කර අලෙවි කරන වාහනයක් මිලදී ගන්න විට වාහනය නිශ්පාදිත වර්ෂය ගමන් කර ඇති දුර ප‍්‍රමාණය එහි ක‍්‍රීයාකාරිත්වය පෙනුම වටිනාකම ආදිය පිලිබදව වැඩි සැලකිල්ලක් දක්වනවා.

නමුත් අප ටිකක්වත් සොයා බලනවද ඇයි ඒ වාහනය විකුණන්නේ කියලා…. ?

විකුණන පුද්ගලයා හෝ වාහනය අලෙවිකරන ආයතනය වාහනය විකුණන්නට හේතු කාරණා ලෙස බොහෝ රසබර කථා කියාවි……..

එහෙත් එවා සත්‍ය වෙන්නේ වාහනය විකුණ ගන්නකන් විතරයි. අලූතෙන්ම ගත්ත වාහනයක් අඩු කිලෝමිටර් ගණනක් දුවලා විකුණනවන්ම් ඒ පිලිබදව නැවත නැවත සිතිය යුතුයි. මොකද ඒ වාහනය තමන් ගන්නේ එයට කැමැත්තෙන් එය විකුණන්නේ අඩුම තරමින් එහි ලිසිං එක හරි ගෙවාගෙන යන්න බැරි වෙන නිසයි. එසේනම් වාහනය ගත්තට පස්සේ තමන්ගේ ආර්ථිකය හරි ගැටලූවකට මැදි වෙලා තියෙනවා කියන එක තේරුම් ගත යුතුයි. නැත්තම් කිසිම කෙනෙක් තමන් ගන්න වාහනයක් විකුණන්නේ නෑ ….

මේ ටික කියන්න හේතුවුනේ පසුගිය දිනක සිදුවුණ සිදුවීමක් නිසය. එක් යුවලක්් වාහනයක් මිලදී ගත්තා. එත් පලමු ගමනේදීම අනපේකෂිත ලෙස එය අනතුරකට ලක්වෙනවා. අනතුරක් වීම සමන්‍යයි කියලා ඔනකෙනෙක්ට කියන්න පුලූවන් නමුත් මෙහි විශේෂයක් තියෙනවා… ඉදිරි විදුරුව නිකන්ම සිදුරු වෙනවා. එහෙම කිව්වොත් එය තරමක් විශේෂිත වේවි……

අවසානයේ ඔහුන් ආශ‍්‍රමයට පැමිණෙනවා නිමිත්තක් බලන්න.

මම නිමිත්ත බලන විට දකිනවා ඒ වාහනය අසලම ඉන්න ඉරි ඉරි ෂර්ට් එකක් ඇදගෙන ඉදිරියට ටිකක් බරවෙලා අත් නිකන් පැද්දි පැද්දී වගේ තියන් බන්න යම් ආත්මයක්. මම එය ඔහුනට කිව්වා…

වාහනයේ විදුරුව බිදෙනවත් එක්ක මම දැක්කා ඉරි ඉරි ඇදුමක් ඇදගත්ත පිරිමි කෙනෙක් වාහනේ ඇවිත් වැදුනා… මම විතරයි ඒක දැක්කේ… ඇත්තටම කව්රුත් එතන හිටියේ නෑ…. මම කිව්වට අනික් අය ඒක විස්වාස කලේ නැ…

ගැහැණු දරුවා එලෙස පැවසුවා.

මේ වාහනයත් එක්ක යම් ආත්මයක් ඉන්නවා… හැබැයි මේ වාහනේ අයිති කෙනෙක් නොවෙයි…

මම එදා ගෙදර ඇවිත් මේ ගැන අම්මට කිව්වම අම්මා කිව්වා වාහනය ගෙදර ගෙනාපුම දවසේ මිදුල අතුගාන කොට ඔය වගේම කෙනෙක් වාහනය ලගදී දැක්කා කියලා…..

මට අවශ්‍ය වුනා ඇයි මේ ආත්මය වාහනය සමග ඉන්නේ කියා සොයා බලන්න. මට මේ වාහනය තිබ්බ පරිසරය ලෙස පෙන්වන්නේ කදුකර පැත්තක තේවතු හිමියෙක්ගේ නිවසක්… පරණ මාදිලියේ ගෙයක් හා ආසන්නයේ නව නිවසක් තියෙනවා…

ඔය දරුවා වාහනේ ගත්තේ කදුකරය පැත්තෙන්ද?

නෑහැ…. කොලඹ කාර් සේල් එකකින්…

එහි මුල් අයිතිකාරයා පිලිබදව දන්නවද?

පොතේ තියෙන්නේ ………. කියලා.

ඒ කියන්නේ කදුකරය තමයි…

මේ වාහනය පාව්ච්චි කරලා තියෙන්නේ ඔහුගේ බිරිද බිරිදට වෙන සබදතාවයක් ඇති වෙලා … මේ දෙන්නා හමුවෙන්නේ මේ වාහනේ ඇතුලේ… මේක මනුස්සයට අහු වෙලා… එ මනුස්සයා අර පරණ ගේ ඇතුලේ එල්ලිලා මැරිලා….. මේක අහුවුනාට පස්සේ තමයි වාහනය විකුණන්න කොළඹ එවලා තියෙන්නේ….

අර මැරිච්ච මනුස්සයගේ හිත තවම තියෙන්නේ මේ වාහනයත් එක්ක… එයා කැමති නෑ වෙන කෙනෙක් මේකට නගිනවට….

ඔව් කාර් සේල් එකෙන් කිව්වා මේක ගෙදර ටික දිනක් පාව්ච්චිකල එකක් කියලා….

………………………………………………………………………………..

අවසානයේ මම පිලියමක් දුන්නා. හැබැයි එ අයට කදුකරයටම යන්න උනා. තේ වතු අතරින් පුංචි දිය පහරක් ගලාගෙන යන තැනක් හොයාගෙන.

දැන් ඒ ගැටලූව අවසානයි………

………………………………………………………………………..

මේ දෙය හොදින් තේරුම් ගන්න…

අලූතෙන් ගන්න වාහනය නිවස ව්‍යාපාරික ස්ථානය ඉඩම ආදිය පිලිබදව පෙනෙන ටික විතරක් හොයලා නතර වෙන්න එපා. නොපෙනෙන ටික පිලිබදවත් හෙයලා බලන්න.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

5 1 vote
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x