හෙළ කුණඩලීණී

අවධි බව හා ශූන්‍යත්වය

අප පැමිණෙන්නේ කොහි සිටද අප පැමිණියේ කුමක් උදෙසාද අප පිටව යන්නේ කොහේටද කියා අප කිසිවෙක් දන්නේ නැත.

මෙය තේරුම් කර ගන්නට උත්සහ දරන්නේද නැත . එතරම් වු ගැඹුරකට යන්නට තියා අප අප ගැනවත් දන්නා දෙයක් නැත .

මෙය තේරුම් කර ගන්නට උත්සහ දරන සිමිත පිරිස එ උදෙසා යෙදා ගත යුතු මාර්ගය භාවනාවයැයි සිතති .

එ උත්සහය ජයගන්නට භාවනාවකින් ලැබෙන පිටුවහල ඉතා අල්පය.

වත්මන් භාවනා ක‍්‍රම දෙස බලන කලනම් එවා හිස් කළ වලට වඩා වෙනසක් නැත .

පොත පතින් අහුලා ගන්නන්ට හා අන් අයගේ දේ තමන්ගේ මෙන් කියන අයට නම් ආර්ය මාර්ගය සමථ හා විදර්ශණාව ගැන මෙහිදි කියන්නට බොහෝ දේ තියෙන බව අනිවාර්ය කරුණකි.

එහෙත් නමන් නිරායාසයෙන් ගන්නේ යැයි සිතනා හුස්ම ටිකත් තමන් කෘතිමව ගන්නා දෙයක් බව අවබෝධ කර ගන්නට මේ භාවනා හරහා ඔහුනට අවස්ථාව උදා වන්නේ නැත .

මදක් සරලව සිතන්න . නිරායාසයෙන් හුස්ම ගන්නේ කුඩා දරුවන් පමණය. ඔහුන් හුස්ම ගන්නේ බඩෙනි. හුස්ම ගැනිමේදි ඔහුනගේ පපුවට වඩා චලනය වන්නේ බඩය. දරුවන් සෞම වන්නේ එ නිසාය.

එහෙත් වැඩිහිටියන් වෙද්දී අප හුස්ම ගන්නේ හදවතෙනි. එවිට බඩට වඩා චලනය වන්නේ පපුවය. ඔහුන් තුළ වෛරය ක්‍රෝධය දළුලා වැඩෙන්නේ ඒ නිසාය.

යෝග ප‍්‍රණයාම හා අනෙකුත් සියලූ භාවනා ක‍්‍රමවේද හරහා අපට ලගාවිය හැක්කේ මනසේ හතර වන මට්ටම දක්වා පමණි.

මෙය මෙතනින් එහාට විග‍්‍රහ නොකල යුත්තකි. ආර්ය මාර්ගය ඇරඹෙන්නේ මනසේ හතර වන මට්ටමින් ඔබ්බටය.

මෙය තේරුම් ගන්නා අවසාන එලයට ලගාවෙති. අවසාන එලයයනු කුමක්ද ?

එක් පසෙකින් නිර්වාණයයි. අනෙක් පසින් මෝක්ෂයයි. නැතහොත් මහා මුද්‍ර්‍යාවයි. එසේම කුණඩලීණියේ අවධිවිමයි. අප පැමිණෙන්නේ කොහි සිටද යන්න අවබෝධ කර ගැනීමයි. අප පැමිණි කාර්යය පරිපුර්ණ කර ගැනීමයි.

කුමක් කුමනා ආකාරයෙන් කිවද භව අතර සැරිසැරීම නතර කිරීමයි.

යෝග ප‍්‍රණයාම හා අනෙකුත් සියලූ භාවනාවන් මොහොතකට පසෙකින් තබන්න.

හදවතින් හුස්ම ගැනීම නවතන්න. ස්වාභාවිකත්වයට ඉඩදෙන්න. රිසිසේ ඔබේ උදරයෙන් හුස්ම ගන්න. නිවුණු පුද්ගලයෙකු බිහිවිමේ පලමු පියවර ඔබ තුළින් විකසිත වෙවි.

මහා මුද්‍රාවේ කුණඩලිණියේ යතුර එයයි. මහා ස්වාභාවිකත්වයේ දොරටුව එයයි.

මෙය හොදින් තේරුම් ගන්න.

මෙය වටහා ගන්නාට එකක් පසුපස එකක් ලෙස සිතට එන සිතුවිලි අතර ඇති හිඩැස් දැක ගැනීමට හැකි වනු ඇත .

එනම් සිතුවිලි දෙකක් අතර ඇති පරතරය අවබෝධ කර ගැනීමයි.

අපට සිතුවිලි වලින් පලක් නැත . අවශ්‍ය වනුයේ සිතුවිලි අතර ඇති පරතරයයි. පරතරය ගැන අවධානවත් වෙයි නම් ඔබට කෙමෙන් කෙමෙන් සිතුවිලි අතර පරතරය වැඩි කර ගන්නට හැකි වනු ඇත .

එනම් ඔබ ඔබ තුළ ශූන්‍යත්වයට පත් වීමයි.

මහා මුද්‍රාවේ කුණඩලිණියේ හෝ අවසන් නිවිමේ මාර්ගය අවධි බව හා ශූන්‍යත්වයයි.

සියලූ දෙවියන් සියලූ ශක්තීන් මෙන්ම සියලූ ඥාණයන් ඇත්තේ මේ පරතරයන් තුළය. සිතුවිලි අතර ඇති පරතරය අවධියෙන් දකියිනම් ඔබ දෙවියන් දකිනු ඇත . ඥාණයන් ලබනු ඇත . ශක්තීන් පාලනය කරනු ඇත . ඔබ ඔබේ ආයාසය නැතහොත් හුරුව වෙනුවට ස්වාභාවිකත්වයට ඉඩ දෙන්න මහා පරිවර්ථනය එයයි.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද‍්‍ර
0777 96 44 74

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close