හෙළ කුණඩලීණී

ක‍්‍රිස්ටල් මගින් චක‍්‍ර බලගැන්වීම

[the_ad id=”23322″]

ක‍්‍රිස්ටල් මගින් චක‍්‍ර බලගැන්වීම

ක‍්‍රිස්ටල් යනු පොළව තුළ සැඟවුණු අද්විතීය ශක්තියක් සහිත පාෂාණ විශේෂයකි. ක‍්‍රිස්ටල් වර්ග බොහෝ ප‍්‍රමාණයක් ලෝකය පුරා පවතින අතර එක් එක් ක‍්‍රිස්ටල් වර්ගය භාවිත කළ හැකි කාර්යයන්ද එකිනෙකට වෙනස් වෙයි.

ඉන්දියාවේ මෙන්ම ලංකාවේද භාවිත වන රත්න ජ්‍යොතිෂ්‍යද මෙම පළිඟු තාක්ෂණයේම කොටසකි. වර්තමානයේදී අප මැණික් යන්නට ආරෝපණය කරන ලද වටිනාකමක් හා අලංකාරය මත මැණික් විෂය පරාසය තුළ නතර වුවද රත්න ජ්‍යොතිෂ්‍ය හරහා සිදුවනුයේ පළිඟුවක් බලගැන්විය හැකි ගණිතමය ක‍්‍රමවේදයන් අනුව ගල කැපීමයි. වර්තමානයේදී නම් එවන්නක් සිදු නොවන අතර අපලවලට ගල් පැළඳවීම රත්න ජ්‍යොතිෂ්‍යය ලෙස හඳුන්වාදීම සිදුකරයි. ලොව පුරා අසුර ශිෂ්ටාචාරවලට ව්‍යාප්ත වූ මෙම පළිඟු තාක්ෂණය යුරෝපයේ ව්‍යාප්ත විකා ශාස්ත‍්‍රය තුළ හා චීනයේද භාවිත වෙයි. ගලක් බලගැන්විය හැකි කැපුම් ක‍්‍රම සැඟවී ගොස් ඇත.

රාවණ පළිඟු තාක්ෂණය තුළ පැවති කොටස් ලොව පුරා ව්‍යාප්තව ගොස් ඇති අතර ඒවා එක්කර ගැනීම හරහා පළිඟු තාක්ෂණ යන පුළුල් පරාසය අවබෝධ කර ගැනීමට හැකි වෙයි. ටිබෙටයේ බහුල ලෙස පළිඟු යොදා ගනිමින් කරනු ලබන සුව කිරීම්, පාරිසරික තත්ත්වයන් පාලනය කිරීම් ආදී වූ බොහෝ ක‍්‍රමවේදයන් අදටත් ඉතිරිව පවතියි. එයට හේතුවන්නට ඇත්තේ රාවණ දශවිද්‍යාවන්ගෙන් පරාසයන් අටකට අයත් දැනුම අශෝක අධිරාජ්‍යයා විසින් ග‍්‍රන්ථාරූඪ කර ටිබෙටයේ සඟවා දැමීම විය හැකිය. මෙලෙස බලන කල පළිඟු තාක්ෂණයද කල්යත්ම අපෙන් ගිලිහී ටිබෙටයට ගියා විය හැකිය.

ගලක් බලගැන්වීම යන වචනය තුළින් අදහස් කරනු ලැබුවේ පළිඟුවක් යනු අධික ශක්ති ප‍්‍රමාණයක් ගබඩාකරගත හැකි පාෂාණ විශේෂයක් බවයි. මෙම පාෂාණය වර්තමාන විදුලි ධාරාවකට සවිකරන ට‍්‍රාන්ස්පෝමරයක් ලෙසින් එකල භාවිතයට ගනුලැබිණි. එනම් සූර්ය ශක්තිය ගබඩා කිරීම පරාවර්තනය කිරීම වැඩි කිරීම (බලය අධිවර්ධනයකට ලක් කිරීම* මෙන්ම බලය අඩු කිරීම මේ හරහා සිදු කෙරුණි. වර්තමානයේදී ලංකාවේ මැණික් කැපීම අලංකාරය උදෙසා පමණක් සිදුකළද පෙර රාවණ යුගයේදී මැණික් හෝ පළිඟු පැළඳීමට හේතුවූයේද ඉහත ශක්තිය දෝලනය කිරීමයි. උදාහරණයක් ලෙස මෙලෙස සිතමු. යම් පළිඟුවක් කැපිය හැකි ආකාර තුනක් පිළිබඳ සලකා බලමු. (රූපයට අනුව* එහි පළමු කෙටි කැපුම මඟින් පිටත ඇති ශක්තිය ගල හරහා ගමන් කරවීමේදී වර්ධනය කර යම් කාර්යයක් සඳහා යොදාගත හැකි වෙයි. දෙවැනි අවස්ථාවේදී සිදුවනුයේ පිටතින් එල්ල කරනු ලබන ශක්තිය එකෙණෙහිම පරාවර්තනය කර නැවත හරවා යැවීමයි.

ලංකාවේ බොහෝ තැන්වලින් විවිධ හැඩයන් සහිතව කැපුම් කරන පළිඟු ලැබුණද ඒ පිළිබඳ හැදෑරීමක් තවම සිදුවී නැත. අනෙක් කරුණ අධිශක්තියක් සහිත අකුණක් එහෙම නැත්නම් ධන ආරෝපිත ඉලෙක්ට්‍රෝන පරාවර්තනය කිරීමට එසේත් නොවේනම් ග‍්‍රහණය කරනොගෙන සිටීමට පළිඟු භාවිත කළ හැකි බව අපේ හෙළයෝ අවබෝධ කරගත්තේද මේ තාක්ෂණය හරහාමයි. දාගැබ්වලට චූඩා මාණික්‍යය සවිවෙන්නේ ඒ ආකාරයටයි.

වර්තමාන ලෝකයේ ඇති සියලූම රෝගවලට පළිඟු හරහා ප‍්‍රතිකාර කිරීමේ ක‍්‍රමවේද රාවණ පළිඟු තාක්ෂණය තුළ පැවතියේය. එයට භාවිත කරනු ලබන්නේ අපේ ශරීරයේ ප‍්‍රධාන චක‍්‍ර හත පාලනය කළ හැකි ගල් සහ සූර්ය කිරණ නිශ්චිතව ශරීර අභ්‍යන්තරයට යොමුකළ හැකි පළිඟු එකතුවකින් හරහා සාදාගන්නා කුඩා මෙවලමකි. මෙය වර්තමානයේදීද ටිබෙටයේ භාවිත වන අතර මෙම උපකරණය පුලස්ති ඍෂි විසින් නිර්මාණය කරන ලද්දකි. මෙම උපකරණය මඟින් ශරීරයේ යම් යම් ස්ථානවලට ඇතිකරන ශක්ති ගමන් කරවීමක් හරහා පිළිකා වැනි දරුණු රෝග සුව කිරීමේ හැකියාවද පවතී.

අප අද උත්සහ දරන්නේ ක‍්‍රිස්ටල් උපයෝගී කර ගැනීම හරහා කුණ්ඩලීණි ශක්තිය නැතහොත් ශරීරය තුළ සැඟව ඇති ප‍්‍රධාන චක‍්‍ර හත මනා ක‍්‍රියාකාරීත්වයකට පත් කර ගනු ලබන්නේ කෙළෙසද යන්න හඳුන්වාදීමටය. අතීත හෙළය තුළ මනස දියුණු කිරීමට සමගාමීව පරිබාහිර ශක්තී ප‍්‍රභවයන් හරහා එය වේගවත්ව වර්ධනය කර ගැනීමේ ක‍්‍රම භාවිතයට ගැනිණි.

එහිදී මූලික වශයෙන් ප‍්‍රධාන චක‍්‍ර හත උදෙසා බලය සපයන ක‍්‍රිස්ටල් වර්ග 7ක් හඳුනා ගැනීමට හැකි වෙයි. ක‍්‍රිස්ටල් ප‍්‍රතිකාරවලදී සිදුකරනුයේ මෙම පලිඟු උපයෝගී කර ගනිමින් අදාළ චක‍්‍රයේ ක‍්‍රිියාකාරිත්වය තුළ පවතින දුබලතා අවම කර ගැනීම උදෙසා බාහිරින් ශක්තිය සැපයීමයි.

පලිඟු ප‍්‍රතිකාරවලදී එම පුද්ගලයාගේ හිස උතුර දිශාවට සිටින ලෙසත් පාද දකුණ දිශාවට සිටින ලෙසත් පොළව මට්ටමේ සිට අඟල් 33 උසින් දිගා කරවනු ලබයි. එනම් අසුන සකස් කළ යුත්තේ අඟල් 33 උස මට්ටමකටය. මේ ආකාරයෙන් දිශාගත කිරීමට හා උස පිහිටුවීමට හේතුවනුයේ ස්වාභාවික ශක්තීන් ගමන් කරනා ආකාරයෙන් උපරිම ප‍්‍රයෝජන ලබාගැනීමයි.

ඉන්පසුව අදාළ පුද්ගලයාව ශබ්ද තරංග හා මානසික ක‍්‍රියාවලියක් හරහා සැහැල්ලූ ස්වාභාවයකට පත් කරනු ලබයි. ඉන්පසුව අදාළ පලිඟු විනාඩි 24ක් ඒ ඒ චක‍්‍රය මත තබා පුද්ගලයාව නිසලව තබයි. මෙහිදී සිදුවන්නේ මනස ශරීරය හා පලිඟු එකාග‍්‍රවීම හරහා පරිබාහිර ශක්තීන් ශරීරය තුළට ගමන් කිරීමයි. මේ හරහා ශරීරයේ චක‍්‍ර හොඳින් ක‍්‍රියාත්මක වීම සිදුවෙයි.

මෙය තරමක දීර්ඝ ක‍්‍රියාවලියක් මෙන්ම සංකීර්ණ ක‍්‍රියාවලියකි. එහෙත් මේ සඳහා භාවිත කළ හැකි ඉතා පහසු ක‍්‍රමයක්ද ඇත. ඒ සඳහා තමන්ගේ මැද ඇඟිල්ලේ කෙළවරේ සිට අත්ල මධ්‍ය දක්වා දිගකින් යුත් සුදු පැහැති ක‍්‍රිස්ටල් කැබැල්ලක් අවශ්‍ය වේ.

ස්වාභාවික පලිඟු මේ සඳහා වඩා යෝග්‍ය වෙයි. ස්වාභාවික පලිඟුවල කැපුම් දාර මෙන් පංචාශ‍්‍ර හෝ ශඩාශ‍්‍රාකාර ස්වාභාවයක් පවතී. එසේම බොහෝ විට එක් කෙළවරක ස්වාභාවිකවම තැනුණු උලක් පවතී. අපට චක‍්‍ර අවධි කිරීම උදෙසා අවශ්‍ය පලිඟුවේ එක් කෙළවරක් පැතලිව හෝ රවුම් හැඩයෙන් පැවතිය යුතු අතර අනෙක් කෙළවර උල් හැඩයෙන් තිබිය යුතුය.

උල් හැඩයෙන් පුරුෂ ශක්තියත් පැතලි හැඩයෙන් ස්ත‍්‍රී ශක්තියත් නිකුත් කරනු ලබයි.

මෙසේ තෝරගනු ලබන පලිඟුව සූර්ය උදාවත් සමගම තැඹිලි ගෙඩියක ඇස්ස ඉවත් කර තැඹිලි ගෙඩිය තුළට දමා පැය 24ක් ස්වාභාවික පරිසරයට නිරාවරණය කර තැබිය යුතුය. ඒ හරහා සිදුවනුයේ පලිඟුවේ ඇති අහිතකර ශක්තින් ඉවත් කර ගැනීමයි.

චක‍්‍ර බලගැන්වීම

මෙසේ සාදාගන්නා බල පලිඟුව උපයෝගී කර ගනිමින් තම ශරීරයේ කුණඩලිණි චක‍්‍ර 7 නිරන්තරව බල ගැන්වීමක් කළ හැකි වෙයි. ඒ සඳහා ප‍්‍රථමයෙන්ම තමන්ගේ විශ්වාසය මත යම් ශක්තියක් උදෙසා පහනක් දල්වා ඒ ආසන්නයේ විනාඩි කිහපයක් ධ්‍යාන වැඞීමක් සිදු කරන්න. (මනස සන්සුන් කර ගැනීම*

ඉන්පසුව වඩා වැදගත් වන්නේ තම ශරීරය තුළ චක‍්‍ර පිහිටා ඇති ප‍්‍රදේශ පිළිබඳ අවබෝධයයි. (රූප සටහනට අනුව තේරුම් ගන්න* ඉන්පසුව හිටගෙන සිටින ඉරියව්වේ සිට දකුණු අතේ මාපට ඇඟිල්ල අල්ල මධ්‍යයට තබා අනෙක් ඇඟිලි හතරින් හොඳින් අල්ලා ගෙන අත ලිහිල් කර සීරුවෙන් සිටින ආකාරයට තබා ගන්න.

වම් අතේ මාපට ඇඟිල්ල හා දඹර ඇඟිල්ල පමණක් උපයෝගී කර ගනිමින් පලිඟුව මධ්‍යයෙන් අල්ලා ගන්න. ඉන්පසුව ඒ ඒ චක‍්‍රයට පහත දැක්වන පරිදි පලිඟුවේ එක් එක් අග‍්‍ර තබා ශරීරයේ යට සිට ශරීරය දිගේ ඉහළට හුස්ම ඇදී එන ආකාරයට ප‍්‍රාණයමහී සඳහන් ආකාරයට හුස්ම වට 3ක් සිදුකරන්න.

1. මුලාධාර – පැතලි අග‍්‍රය (ස්ත‍්‍රී ශක්තිය*
2. ස්ව අධිෂ්ඨානය – උල් අග‍්‍රය (පුරුෂ ශක්තිය*
3. මණිපුර – කිසිදු අග‍්‍රයක් භාවිත නොවේ
4. අනාභාත – පැතලි අග‍්‍රය (ස්ත‍්‍රී ශක්තිය*
5. විශුද්ධි – කිසිදු අග‍්‍රයක් භාවිත නොවේ
6. ආඥා – පැතලි අග‍්‍රය (ස්ත‍්‍රී ශක්තිය*
7. සහස‍්‍රා – උල් අග‍්‍රය (පුරුෂ ශක්තිය*

මෙහිදී හුස්ම වාර 15 උපයෝගී කර ගැනීම සිදුවෙයි. පළමු චක‍්‍රයට පලිඟුව තබා හුස්ම ඉහළට අදින විට ශරීරයේ පැද්දීමක් හෝ දෙපසට වැනීමක් සිදුවන අතර එය නිදහසේ සිදුවීම උදෙසා ඉඩ ලබාදිය යුතුය. එහිදී සිදුවන්යේ ඉඩ හා පිංගල නාඩිය වේගවත්ව ක‍්‍රියාත්මක වීම හරහා චක‍්‍ර අවධිවෙමින් ශක්තිය ඉහළට ගමන් කිරීමයි.

මෙය උදෑසන හා රාත‍්‍රී කාලය තුළ දිනකට දෙවරක් කළ යුතු අතර ආරම්භයේ සිටම චක‍්‍ර ක‍්‍රියාත්මක වීම සිදුවෙයි. මෙසේ චක‍්‍ර ක‍්‍රියාත්මක වීමෙන් පසු රුද්‍ර භාවනා හෝ මන්ත‍්‍ර භාවනාවල යෙදීම හරහා කුණ්ඩලණී ශක්තිය උපරිම මට්ටමකට වර්ධනය කර ගැනීම හැකියාව ලැබෙයි. මෙය ලංකාවේ පළමු වරට කළ හෙළිදරව් කිරීමකි.

හෘද රෝග හෝ වෙනත් රෝගී තත්ත්වයන් සහිත අය මෙය සිදු කිරීමෙන් වළකින්න. මෙය ක‍්‍රමවේදය පැහැදිලි කිරීමක් මිස මේ පිළිබඳ කිසිදු වගකීමකින් බැඳී නොමැති බව අවධාරණය කරමි.

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close