Kala yathra

බිම්බාවට්ටක ( සසර ගමනක ඇරඹුම 4)

වසර අනූවක් තරම් කාලයක් රාවණ යුගය තුළ වෙද හෙදකම්හි යෙදෙන පූර්ව තිංශිකා ඉන් නික්මී යළිත් මනුෂ්‍ය ආත්මභාවයක් ලබන්නේ එයින් වසර 1900 කට පමණ පසුවය. ඒ බිම්බා වට්ටක ලෙසය.

එම ආත්මයේ දී හෙළය ප්‍රාදේශීය පාලන ඒකක අටක් පවතින යුගයකි. මෙම ප්‍රාදේශීය පාලන ඒකක අටෙන් එකක් බිම්බාගෙ පියා විසින් පාලනය කරනු ලබයි . මෙම පාලන ඒකකය ඉතාමත් සශ්‍රීක ඒකකයකි. විශේෂ වශයෙන්ම හෙළයේ සියලු පාලන ඒකක උදෙසා තෙල් ලබා දෙන්නේ බිම්බාගේ පියා විසින්.

සියලු තාක්ෂණය දියුණු අද අපි දකින නැව් එදා බිම්බාගේ පියා සතුව පවතින තරම් ඉතා දියුණු සශ්‍රීක පාලන ඒකකයක්. බිම්බා ට සහෝදරයකු සහ සහෝදරියක සිටිනා අතර පියා විසින් නිෂ්පාදනය කරන තෙල් දේශ-දශාන්තරවල වෙළඳාමේ යෙදෙන්නේ බිම්බාගේ සහෝදරයා ය.
පවරා ගේ ආත්මීය කතාව තුළ මුණගැසෙන සටන්කාමී පළමු ආත්මය වන්නේ මෙම බිම්බාගේ ආත්මයයි. බිම්බාගේ පියා මෙම තෙල් නිෂ්පාදනය සඳහා මාධ්‍ය ලෙස යොදා ගන්නේ එළකිරිවලින් එලගි තෙල් නිෂ්පාදනයද කොප්පරාවලින් පොල්තෙල් නිෂ්පාදනයත්ද වන අතර හඳුනාගත නොහැකි කුරුලු විශේෂයක් තුළින් ද සත්ව තෙල් නිෂ්පාදනය කරන බව භාවනාව තුළින් දකින්නට ලැබුණා.

මෙම තෙල් නිෂ්පාදනය උදෙසා ඔවුන් ගවයන් ඇති කිරීම බහුල වශයෙන් සිදු කරනවා මෙම ගවයන් ආහාර පිණිස කැලෑවලට රැගෙන යාමේදීත් ඇතැම්විට ගම්මානය තුළදීත් යක්ෂ ගෝත්‍රිකයින්ගේ පැහැර ගැනීම් වලට නිරන්තරව ලක්වෙනවා.

මෙතැනදී කිවයුතු දෙයක්නම් මෙහි පෙන්වන යක්ෂ ගෝත්‍රිකයන් සැබැවින්ම යක්ෂයින්ගේ ස්වරූපය දරන කැලෑබද ගල්ගුහාවල වෙසෙන ඉතාම නොදියුණු ගෝත්‍රික කොට්ඨාශයකි. භාවනාව තුළින් මා දකින ස්වරූපය මෙය බැවින් මොවුන් යක්ෂ ගෝත්‍රිකයන් ලෙස හැඳින්වූවද ගුරුතුමා විසින් කතා කරනු ලබන සිව්හෙළයේ යක්ෂ ගෝත්‍රිකයන් යනු මොවුන් දැයි මා නොදනී. ඔවුන් මෙසේ බිම්බා ගේ පියා සතු ගවයින් පැහැරගනු ලබන්නේ තම ආහාර පරිභෝජනය පිණිසය.

වයසින් වැඩෙන බිම්බා කුඩාකල පටන් පියාගේ වෙළඳාම් කටයුතු උදෙසා සිදුවන මෙම පැහැරගැනීම් මංකොල්ලකෑම් ආදී අකටයුතුකම් දැකීම නිසාම තමන්ටම ආවේණික වූ විශාල යුද බලඇණියක් ගොඩනගනු ලබයි.

මෙය ඉතා විශාල බලඇණියකි. බිම්බාගේ පාලන ප්‍රදේශ ය ලංකාවේ බටහිර සහ වයඹ දක්වා පැතුරුණු කැලෑබද සහ කුඹුරු සහිත තැනිතලා ප්‍රදේශයකි. මෙම තැනිතලා ප්‍රදේශයේ දීර්ඝ සටන් පුහුණුව හි නිරතවන බිම්බා ඇතුළු පිරිස සටනෙහි ඉතාම දක්ෂ සේනාවක් බවට පත්වේ . විශේෂයෙන් බිම්බා තම සටන් කලාව පිණිස කාය ශක්තිය මෙන්ම මානසික ශක්තියද එක්තැන් කරගනු ලබයි. එනම් මෙම භවයේදී ද බිම්බා සිය පූර්වාත්මයේ දීමෙන් සිය ආධ්ආයාත්මික ශක්තිය තුළින් ලබන බලසම්පන්න යුද අවි සහිත තැනැත්තියක වේ.

මෙම බිම්බාගේ ආත්මය පිළිබඳව භාවනාවෙන් කරුණු විමසීමේදී දකින්නට ලැබුණු විශේෂත්වය නම් දිනක් වෙස්සගිරියේ දී මා හට මෙම ස්ථානය පිළිබඳ සබඳතාවයක් පවතිනවාදැයි කරනු ලබන පැනයකට දුන් පිළිතුර නම් කලක් වෙස්සගිරිය සුදු පාලකයින් විසින් ග්‍රහණයට ගත් අවස්ථාවක රාත්‍රියේ දී හුදෙකලාව අශ්වයකු මත නැගී විදුලි සැරයක වේගයෙන් පැමිණෙන තැනැත්තියක් දිනකට එකා දෙදෙනා බැගින් සුදු ජාතිකයන් හිස වෙන්කර කිසිවෙකුටත් අසු නොවී නැවත යළි පලායන බවයි. පවනට බඳු වේගයෙන් පැමිණෙන ඇය එපමණම වේගයෙන් එකෙකු හෝ දෙන්නෙකුගේ හිස කඳින් වෙන්කොට පවනක් සේ ම පලායයි. වෙස්සගිරිය සුදු පාලකයින් අතහැර දමන්නේ මෙම අද්භූත මාරයා හඳුනාගත නොහැකි නිසාවෙන් බව එදා වෙස්සගිරියේ දී දැනගන්නට ලැබිණි

එහිදී දුටුව අශ්වාරෝහකයා ද බිම්බා ද දෙදෙනෙකු නොව එකෙකු බව බිම්බා ගේ කතාව විමසීමේද දකින්නට ලැබුණි.

කඩු ශිල්පය දුනු ශිල්පය අංගම් ශිල්පය ආදී වූ සටන් ක්‍රම ගණනාවක්ම ඉතා හොඳින් ප්‍රගුණ කරන බිම්බා සිය බලඇණිය ම එකී සටන් හී පුහුණු කරවයි . බිම්බාගේ බලඇණිය කොයිතරම් කාය බලශක්තිය ඇත්තේ ද කීවොත් විශාල ලියදි භූමිවල සටන් පුහුණුව සඳහා සකසන ලද සටන් පුහුණු භූමි පැවැති බවක්දක්නට ලැබේ.

එකවර හය හත් දෙනකු ඔසවාගෙන සිටින ලී රවුමක් මත අතිවේගයෙන් කඩු ශිල්පය අංගම් ශිල්පය පුරුදු පුහුණු කරන්නට තරම් බිමබාගේ බලඇණිය අති දක්ෂ විය.

ඇය තම සොහොයුරා තුළින් පියාණන් වෙත ඉටුවිය යුතු යුතුකම නොපිරිහෙලා ඉටු කළාය විශේෂයෙන්ම සත්ව ආරක්ෂකයින් හෙවත් සොබාදහමේ දෙවියන්ගේ සම්බන්ධතාවය ඇති වන්නේ පවරා ට මෙම ආත්මය තුළදීය සටන් පුහුණුව සේම ආධ්‍යාත්මික ශක්තිය ගොඩනැංවීමෙහිලා වැඩි කාල වේලාවක් යොමුකරවන බිම්බා ට එකී ආත්මය තුළ වැඩි වශයෙන් ආධ්‍යාත්මික ආයුධවල බලය ලැබේ.

එකී ආත්මයෙ ලද ආයුධවල බලය වර්තමාන බවය දක්වාම ආත්මීයව පවරා සමග ගමන්කරමින් පවතී. මේ කතාව ලියන මොහොත වනවිටද තවමත් නොලැබුණු බිම්බාගේ ආත්මයේදී ලැබුණු ආයුධ කීපයක බලය පූර්ණය කරගත යුතුව ඇත.

බිම්බා මෙම භවය තුළ ද දීර්ඝායුෂ ලබයි . එකල පරමායුෂ වසර එකසිය විස්සක් එකසිය හතළිහක් අතරත් පවතින අතර බිම්බා වසර සියය ක පමණ කාලයක් දීර්ඝායුෂ ලබයි

පියාගේ ඇවෑමෙන් තම ප්‍රාදේශීය පාලනය පැවරෙන්නේ බිම්බාටය. පියාටද වඩා සාර්ථකව පාලන කටයුතු කරන බිම්බාගෙ පූර්ව ආත්මීය වෛරය මෙම ආත්මය කරා නොපැමිනෙන අතර ඇයට සාමාන්‍ය විවාහයක් සිදුවන අතර සටන් භූමියකදී ඇගේ ස්වාමියා තරුණ වයසේදීම මියයයි.
බිම්බා හුදෙකලා ව දිගටම සිය ඒකකය පාලනය කරමින් දිවි ගෙවන අතර ජීවිතයේ අවසන් කාලයේදී කැලෑතුල දීර්ඝකාලීන ධ්‍යාන වැඩිම කටයුතු සඳහා යොමු වී ඇත.

මෙම කතාව තුළ දකින්නට ලැබුණු විශේෂත්වයක් නම් බිම්බාගේ පාලනය ඒකකය පැවති ලංකාවේ බටහිර හා වයඹ ආශ්‍රිත ප්‍රදේශයතුල ඇය විසින් ජලය සහිත විල් ගණනාවක් තනා ඇති බවයි . මෙම විල් මනුෂ්‍ය පරිභෝජනයට මෙන්ම සත්ව පරිභෝජනයද මූලික අරමුණ කරගනිමින් තනන ලද විල් වේ.

කොයි තරම් දක්ෂ සටන් ශිල්පියෙක් වුවද සොබාදහමේ දෙවියන් සමග සබඳතා පැවතියද පියාගේ ව්‍යාපාරය තුළ කුරුලු විශේෂයක් මුල්කරගනිමින් කරන ලද සත්ව තෙල් නිෂ්පාදනය බිම්බා විසින්ද පියාගෙන් පසු සිදුකිරීම නිසා ඇතිවුන කර්මයක් හේතුවෙන් ජීවිතයේ සැඳෑ සමයේදී ඇගේ එක් පාදයක ඉදිරි කොටස ඉවත්කරන්නට බිම්බාට සිදුවේ.නමුත් සිය විනය හා පුහුණුව තුළ එය ඇයට සිය කටයුතු පිණිස බාධාවක් නොවන්නේය.

එහෙත් ආධ්‍යාත්මික ශක්තිය සහ සම්බන්ධතා ද මොනතරම් ආයුධවල බලය ද යුද ශක්තිය ද මෙකී නොකී සියලු දේ කර්මය අභියස වැදගත් නොවන බව වටහාගැනීමට මෙය හොඳ උදාහරණයකි.

ශාස්ත‍්‍රවේදිණි
නදිකා චමාලි පනාගොඩ

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close