පිළිවෙත් හා ශාන්තිකර්ම

දෙවියන් කියා දුන් කිල්ලේ බලපෑම

කිල්ලක බලපෑම පිළිබඳව ඇණ කොටා ගන්නන්ට හෝ තර්කණයට නොවේ.
පිළිගත හැකි අයට පිලි ගන්නටත් එසේ කළ නොහැකි පාණ්ඩිත්යන්ට බැහැර කිරීමටත්ය.

දිනක් ආශ‍්‍රමයේ සිදු කරන ලද විශේෂ පුජාවක් පිණිස දෙවියන් විසින් නියම කෙරුනු දෑ සොයන්නට ගම වටා යමින් සිටි මොහොතකදී දුර්ලභම මල් වර්ගයක් හොදින් දන්නා කියන තැනක තිබී එය කඩා ගන්නට ඒ වත්තට
මා ඇතුල් වුනෙමි.

වහා පිටමං වනු, මට විශේෂ අණක් ලැබුනි.

තම භූමියට මා ඇතුල් වෙනු දුටු සේදිරිස් මාමා හිස බැඳි ලේන්සුවද අතට ගෙන කට පුරා සිනා සී පෙර මගට එන හැටි දුටු මට ඒ අහිංසක ගැමි මිනිසාගේ නිර්ව්‍යාජ ගරුත්වයට හා ආගන්තුක සත්කාරයට ක්ෂණිකව පිටු පා යන්නට නොහැකි වීම හේතුවෙන් සම්්‍යප‍්‍රයෝගයෙන් වෙන බැහැරක් යද්දී සේදීරිස් මාමා දැකලයි හැරුනේ කියමින් මොහොතක් අල්ලාපයේ යෙදී
ආ කාරණය පසෙක තබා හිස් අතින් යලි ගුරු පාරට ගොඩ වීමට මට සිදුවිය.

ඒ වන විට පුජාවට උවමනා කළමනා බොහොමයක් සුදානම් කොට තිබුනද කුමක් හෝ අත්වැරදීමක් සිදුවුනු බව දැනීමෙන් ඉතිරි කළමනා සෙවීම පසෙක තබා කඩි මුඩියේ ආශ‍්‍රමයට පැමිණියෙමි.

අත්වැරදිම කුමක්දැයි ගුරුතුමාගෙන් වැඩිදුර දැනගත් මට දෙලොව රත් විය. කිලි ගෙදරකින් මල් කඩන්ට සැරසිලානේ ඒකයි මේ.

හත්තිලව්වයි කිලි ගෙදරකින් මලක් කඩා ගැනීමත් අකැපද ? මට ඇතිවුයේ විශාල කුකුසකි.

ඊටත් සේදිරිස් මාමාගේ බාල දුවට දරුවා ලැබිලා දැන්් තුන් මාසෙකුත් ගෙවුනා නෙව ගංතුලාන වල කොහොම කීවත් කොළඔ නම් කපුමහත්තයලා කියන්නේ පිරිමි දරුවෙකු ලැබුනොත් දින 14 යි ගැහැනු දරුවෙකු ලැබුනොත් දින 21 යි කියලනේ.

අනේ අපේ මහත්තයෝ මට මේක ටිකක් විස්තර කරදෙන්නකො
අම්මට පුලූවන්නේ මම මොකටද ආධයාත්මික ගුරුගෙන් අසාගන්ට කී ගුරුතුමා මටම එය පැවරුවේය.

මම මගේ භාවනාවේ ගුරුන් සොයා සමාධී ගත වුනෙමි

ගුරු දේවෝත්තමයානෝ මා ඉදිරිපිට ය
අවසරයි ගුරු දේවොත්තමයානෙනි
ඔබ වහන්සේගේ අණින් මාගේ මනස දන්නා දැනුම හා නොදන්නා දැනුම අතර ව්‍යාකූල වුයෙමි කිල්ල පිලිබඳව යහපත කියා දෙනු මැනවි

උන්වහන්සේගෙන් ලද දැනුම මෙතෙක් ආශ‍්‍රමයට ආ ගිය දරුවනට කියා දුනිමි ඒත් ඒ සෑම වාරයකම බොහෝ දරුවන්ගේ ඉල්ලීම වුයේ මේ පිළිබඳව සටහනක් තබන ලෙසය.

කාල වේලාව මදකම ඊට හරස් වුවද අදද ආශ‍්‍රමයට පැමිනෙන්නට දින ලබා තිබු දරුවෙකු නොසිතා නොදැන කල වරදක් නිසාවෙන් කිල්ල පිළිබඳව මා ලද ඒ ස්වර්ණමය වු දැනුම හුදෙක් අවැසි වන්නන්ගේ යහපත පිණිස ලියා දන්වමි.

කිල්ල සිව් වැදෑරුම්ය

1 වැඳුම් කිල්ල –
දරුවෙකු උපදින මොහොතේ ඇතිවන කිල්ලයි

2 කොටහළු කිල්ල –
ගැහැණු දරුවකුගේ වැඩිවිය පැමිණිමේ කිල්ලයි

3 මාසික ආර්තව කිල්ල –
වැඩිවිය පත් ගැහැණු දරුවෙකු දින 28 කට වරක් ලක්වන ආර්ථවය හෙවත් අපිරිසිදුවීම

4 මළ කිල්ල –
උපන්නකුගේ මරණය සිදුවීමෙන් ඇතිවන කිල්ලයි

කිල්ලක බලපෑම පවතින කාල සීමාව

යම් ගෘහයක කිල්ලක් ඇති වීද එම ගෘහයේ වෙසෙන අයට හා ළඟම ලේ ඥාතිනට එම කිල්ලේ ස්භාවය අනුව එහි බලපැම ඇතිවන කාල සිමාව පහත පරිදි වේ

වැඳුම් කිල්ලකදී හා මළ කිල්ලකදී – දින 125 කි

කොටහළු කිල්ලකදී – දින 165 කි

කිල්ලේ ස්භාවය කුමක් වුවද එම ගෘහයේ නොවසන හා ළඟම ලේ ඥාතියෙකු නොවුවද යමෙක් මෙම කිලි තුනෙන් එකක් ඇති වු ගෙදරකින් වතුර ටිකක් ගෙන මුහුණ සෝදා ගත්තද ඔහුද එම කිල්ලට යටත් අයෙක් බවට පත් වේ

මෑතක් වන තුරුම සමාජ ගත වුයේ කිල්ලක් ඇති ගෙදරකින් ලූණු උණු හුණු මුහු නොකිරීමෙන් එනම් භාවිතා නොකිරීමෙන් එම කිල්ලට හසු නොවන බවකි

ලූණු යනු ලූණු යෙදු ආහාරය
උණූ යනු විශේෂයෙන්ම රස්නය සහිත පාන වර්ගය
හුණු යනු බුලත් විටය

නමුත් වර්ථමානයේ නම් එයද නැත කිලි ගෙදර යන්නේම අපේ ඇත්තන් කන්නට බොන්නටය
කොටහළුවකට නම් ඇගිලි ගනිමින් බලා ඉඳිති

ඉස්සර එවන් කිල්ලක් ඇති වු ගෘහයක අය ගඟ ඉහලින් නෑම නොකල යුතු බවත් ඔවුන් සිය ජල අවශ්‍යතා සපුරා ගත යුතු වන්නේ ගම් සීමාවේ ගෙඟ් පහලම ඉසව්වෙන් බවට ස්වයං වාරණයක් පැරැුන්නන් අතර වු බවද දැනගන්නට ලැබුණි

ක‍්‍රමයෙන් ගම්මාන ක‍්‍රමය දියුණු වෙමින් සෑම බිම් අඟලකම ගෙයක් ඉදිවිමත් පැරැුන්නන් තුල වු ඒ අපුර්ව ස්වයං වාරණයන් මමත්වය හා සුද්දාගේ රෝම ලන්දේසී නීතියේ අයිතිවාසිකම් යටතේ හැලූනු නිසාත් අද වන විට මෙය කොයි තරම් දුරකට ප‍්‍රායේගිකදැයි ප‍්‍රශ්න සහගතය

කිල්ල යනු වැසුනු යන්න බවත් දෙවියන්ගෙන් වැසුනු කාලය යන්නෙන් පැරැුන්නෝ එය හදුන්වා ඇත
එයටද හේතුවකි

මෙම කිල්ලේ බලපැම ඇති කාල සිමාව තුලදීම දෙවියන් හා සම්බන්ධ කිසිදු කාරණාවකට සම්බන්ධ වීමට කිල්ලේ බලපෑම ඇති අයට හැකියාවක් නැත

නමුත් අද විකෘතිකරණය ප‍්‍රායොගිකරණය වු සමාජය සියලූ කිලි තුන් මසින් අහවරව දෙවියන් උදෙසා පුද පුජා තැබීමද සිරිතකි අළුත උපන් දරුවා තුන් මස ලබද්දී කිරි සත්පත්තිනි අම්මාට ආරාධනා කොට තබන කිරි දානයද එවැන්නකි

කිල්ලක් ඇති වු ගෘහයකින් සමස්ත සමාජය (එදා නම් ගම * කෙරෙහි බලපාන්නාවු කිලි ස්භාවය කිල්ලෙන් තුන් මස ඉක්ම යාමෙන් පහව යන බවත් කිල්ලේ අයිතිකරුවන්ට එය දින 125 ම බලපාන බවත් මෙහි විශේෂ දායකය

දින 90 ඉක්ම යන තුරු කිල්ලට ලක්වු පාර්ශවයන් විසින් තම අශුද්ධභාවය තුල ඇතිවන පිඩාවන් අවම කර ගැනීම උදෙසා කල යුතු පිළියම් විශේෂ කීපයක්ම පවතී

තවත් දවසක ඒ පිළියම් ලියන තෙක් හිතන්න ………………………

නොදැනුවත්ව තමන්ගේ නොවන කිල්ලක් තමන්ගේ කර ගැනිමට පෙර තමන් කිල්ලකට නතු වු පසු එකී බලපැම් සහිත කාල සීමාව තුලදී තමනට කිසිඳු දෙවි කෙනෙකුගේ පිහිටක් ආශිර්වාදයක් ලබන්නට නොහැකි වන බැවින්
ඊට පෙර දැනුවත්ව මිදෙන්න

දන්න දේම හරියි කියලා තර්ක කරන බහුශූත සමාජයට නොවේ. නොදන්නා බව දන්නා සහ නොදන්නා දේ ඉගෙනිමට මුහුණු පොත පරිශිලනය කරන බොහෝ දෙනාට

ශාස්ත‍්‍රවේදීණී
හෙළ වාස්තු උපදේශක
නදීකා චමාලී පනාගොඩ

5 5 votes
Article Rating
Subscribe
Notify of
guest

3 Comments
Inline Feedbacks
View all comments
sudam priyanga
sudam priyanga
July 21, 2020 11:58 am

Bohoma Pin

Delpoagoda gamage Chaminda
Delpoagoda gamage Chaminda
June 18, 2021 5:09 pm

මේ පිළිබඳව අපව දැනුවත් කිරීම ගැන අම්මාට පුණ්‍යානුමෝදනා කරමි. ගොඩක් ස්තුතියි අම්මේ

Nadeeshani
Nadeeshani
December 14, 2022 1:41 pm

🙏🙏🙏
බොහෝමයක් පින් සිදුවේවා….
🙏🙏🙏

Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
3
0
Would love your thoughts, please comment.x
()
x