පිළිවෙත් හා ශාන්තිකර්ම

නිරෝගී හෙල පරපුරක් තනන රාවණ යන්ත‍්‍රය

හෙළ ඉතිහාසය සෙවීම උදෙසා පුරාවිද්‍යා සාධක සේවීමට වඩා පහසු හා විස්වාසණිය ක‍්‍රමය අධි මානසික ශක්තින් භාවිතා කිරීම බව මම 2010 වසරේ සිට පෙන්වා දුන්නා………

රාවණ රාජාභිශේක මංග්‍යලයට දින කිහිපයකට පෙර එම පිළිමයේ හා පුජාවේ විස්තර අධි මානසික ශක්තින් තුළින් රාවණ දෙවියන් හා සම්භන්ධ වෙමින් ලබා ගන්නා අවස්ථාවේදි කලු ගලකින් සාදා පිළිමය ඉදිරියේ තබන්නට යැයි මට යන්ත‍්‍රයක් පෙන්නුවා ……

උඩින් තියෙන්නේ ඒ යන්ත‍්‍රය…..

දින තුනක් තුළ මහත් වෙහෙසක් දරා අප එය මහා කලු ගලක ස්ථාපනය කලා….

පසු කලෙක මට රාවණ පුත‍්‍ර ඉන්ද‍්‍රජිත්ගේ ක‍්‍රීයෝඔඩ්ඩිෂය ලැබුණා එහි පලමු පිටුවේම ඇති යන්ත‍්‍රය මෙයට සමානයි. පුදුමය එය නොවෙයි භාවනාවෙන් එම යන්ත‍්‍රයෙන් ලැබෙන ප‍්‍රයෝජන ලෙසින් සදහන් කල කරුණුම එම පොතේ සදහන් කර තිබීමයි.

මම මේ සටහන යොදන විටම මට එක් කරුණක් මතක් වුනා.

අපි කිහිප දෙනෙක් හදිසියේ වසර කිහිපයකට කලින් කතරගම ගියා. රාත‍්‍රියේ තමයි රාවණ පිලිමය ලගට යන්න පුලුවන් වුනේ . එතන පාලුවට ගිහින් ….

මගේ හිතට පණිවිඩයක් ආවා…..

ඉතින් අප ඉක්මනින් එතන සුද්ද කලා…..

රාවණ පිලිමය ඉදිරියේ බිම මට ඉරි කැළි වගයක් අදින්න කියලා එකින් එකට උපදෙස් ලැබුණා. ඇදලා බලන විට සයකොන් තරුවක්.

ඉන්පසු හැම කොනකම පහනක් බැගින් පහන් 12 තබන්නට අණ ලැබුණා.

එහි පහන් වැටේ හරියටම පහන් 12 තිබ්බා.

පොඩි අය හැර වැඩිහිටියන් සිටල්ලටම පහනක් ඉදිරියේ හිටගන්න කිව්වා.

අපි කොළඹින් ගියේ 6 දෙනයි. අපිට තිස්සෙන් කිහිප දෙනෙක් එක් වුණා.

පහන් ඉදිරියේ එිටගෙන බැලුවම පොඩි අය හැර හරියටම 12 දෙනෙක් අපි අතර ඉදලා……

ඉන්පසු මංත‍්‍ර ධ්‍යනයක් ලැබුණා…..

අවසානයේ පරිසරයේම අන්දකාරය බිදගෙන ඒ මැදට ආලෝකයක් පැමිණියා….

එදා එතන හිටපු කිහිප දෙනෙක්ම එය දැක්කා…….

එදා අපි බිම ඇන්ද තරුවට වඩා මෙම ගල් තරුව සංකීර්ණ වුනේ ඒ මැද කලු ගලින් සයකොන් පහනක් නිර්මාණය කල යුතු වීමයි.

ඒ යන්ත‍්‍රය ක‍්‍රීයාත්මක වෙන්නේ මේ පහන දැල්වීමෙනුයි.

මෙම සය කොන් සහිත පහන දල්වා මාස 3 සිට මාස 12 දක්වා ළදරුවන් රාවණ පිළිමය දෙසට දෙපා සිටින සේ අල්වා යටි පතුල් වලට පහනේ රස්නය වදින සේ ඇල්වීමෙන් නිරෝගි භාවය හා ආරක්ෂාව ඇතිවේ.

දරු එල අපේක්ෂා කරන තරුණියන්ද මෙම පහන දල්වා තම දකුණතේ අත්ල පහනට අල්ලා පාර්ථනා කිරිමේන නිරෝගි පුතුන් ලැබීමට භාග්‍යය උදා කර ගනිති

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර

5 3 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x