පිළිවෙත් හා ශාන්තිකර්ම

වන්දනාවේ බලය යනු මන්ත‍්‍ර යෝග බලයමද?


පසුගිය සතියේ දිනක ආශ‍්‍රමයට ආව දැරිවියක් ඇගේ කාලාන්තරයක් පුරා වරින් වර හිස ඔසවන චර්ම රෝගී ස්භාවයක් ගැන මා එක්ක කිව්වා

මා ඇයගේ චක‍්‍ර පිළීබඳව පරික්ෂා කර බැලීමේදි දකින්න ලැබුනේ සුලූ ප‍්‍රමාණයකින් හෝ සුභ ශක්තියක් සහිතව තිබුනේ මුලාධාර චක‍්‍රය පමණක් බවයි

මා ඇගේ සියලූ චක‍්‍ර වල අසුබ ශක්තීන් ඉවත්කර සුබ තත්වයට පත්කලා එදින රාති‍්‍රයේ දිගූනින්දකට පසු ඇයට ඉතා ලොකු සුවයක් දැනෙන බව ඇය පසුදින මා සමග කීවා

කලින් යොදාගෙන තිබු වෙනත් කටයුත්තකට ඇගේ දියණිය රුගෙන ඇය නැවත අද පාන්දර ආශ‍්‍රමයට පැමිණියා

දියණියගේ ස්නායු අබාධයක් උදෙසා තෙල් ගැල්විමකට පෙර වීශ්ව අවසරය ලබාදිමටයි අද නියමිතව තිබුනේ

මේ සඳහා අද මම තවත් එවැනිම වෛද්‍ය ශිෂයෙකුද කැදවා තිබුනා

ඔහුද අධික ලෙස සිය මනස පොත කෙරෙහිම යෙදවිම තුල ස්නායු ආබාධයකට ලක්ව තිබු දරුවෙක්

දැන් මොවුන් තිදෙනා ආශ‍්‍රමයේ පුජා කාමරය ඉදිරිපිට සිය මනස එක්තැන් කොටගෙන වාඩිවී නමස්කාර සහිතව සිටිද්දී මා පමණක් වන්දනා කටයුතු වල යෙදුනා

පැය එකහමාරක පමණ වන්දනා කටයුතු වලින් පසුව සියලූ විශ්වීය ශක්තීන්ගේ සහ දෙවියන්ගේ අවසර ආශිර්වාදය සහිතව මා ඔවුන් තිදෙනාට විශ්ව ශක්තියේ බලයෙන් සුවපත් කිරීම් සඳහා යොමු උනා

මා පුදුමයට පත්කරමින් මා මෙතෙක් නොලද අත්දැකිමක් මට ලැබුනා

ඒ දරුවන් තිදෙනාගේම චක‍්‍ර හතම ඉතාම සුබ ලෙස පැවතුනා

පලමුව මගේ පරික්ෂාවට ලක්වුනේ පාසල් වයසේ දියණියයි

දෙවනුව වෛද්‍ය ශිෂ්‍යයා සහ අවසනට පෙර කී දියනියගේ මවයි

තිදෙනාගේම චක‍්‍ර ඉතාම සුබව පැවතුනා

මා ඔවුන් ආශ‍්‍රමයෙන් නික්ම ගිය පසු බොහෝ වෙලාවක් මේ ගැන කල්පනා කලා

අවසන මා මගේ ගුරු සොයා යලිත් පුජා කාමරයට ගියා

මෙය සිදු වුයේ කෙසේද මා ගුරුන්ගෙන් විමසුවා

‘‘ එය මන්ත‍්‍ර යෝගයේ බලයයි ”

ගුරුන් නික්මුනා

මා තවත් ඒ ගැන සිතුවා

‘‘ වන්දනාවේ බලය යනු මන්ත‍්‍ර යෝග බලයමද ?”

ශාස්ත‍්‍රවේදිණි
ශබ්ද විද්‍යා විශාරද
නදීකා චමාලී පනාගොඩ
0777 964474

5 4 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x