තරු වළල්ල

ඔබටත් ගැස්රයිටිස්ද ?


පසුගිය කාලයේ එක් දිනක එක් කාන්තාවක් ඇගේ පැවති රෝගී ගතියක් උදෙසා ප‍්‍රතිකාර උදෙසා ආශ‍්‍රමයට පැමිණියා.

ඒ ඇගේ වසර පහලවකටත් අදික කාලයක් තිස්සේ තියෙන අධික ගැස්රයිටීස් තත්වය උදෙසා.

ඇය මේ ලෙඬේට හේතුව සොයා ගන්න ලංකාවේ නොගිය තැනක් නැති බව ඇයගේ වචන වලින්ම මට තේරුණා.
මේ වන විට ඇය ආමාශගත ශල්‍යකර්ම කිහිපයක් කරලා තිබ්බා.

ඒ විතරක් නොවෙයි කැමරා මගින් කිහිප වරක්ම බඩවැල් වල තුවාල පරික්ෂා කරලා තිබ්බා.

සාස්තර කියන තැන් වලින් මේ ලෙඬේට හේතුලෙස විවිධ කාරණා කිය තිබුණා. මලගිය කෙනෙක් ඇති කරන රෝගයක් යමෙක් ශරිරගත කරවලූ හුණියමක් ආදි ලෙසින් බොහෝ දේ කියා තිබුණා.

ඉතිං මේ වසර 15 තුළ ඒ දෝස ඉවත් කරන්න ලක්ෂ ගණනින් මුදල්ද වියදම් කර තිබුණා.

ප‍්‍රතිකාර කිරිමට වඩා මගේ මනස වැඩි අවධානය යොමු කලේ ලෙඬේ මුලය හොයන්න.

මොහොතකට මම මනස විශ්වයට මුදා හැරියා.

ඒ ඇගේ රෝගයේ මුල සොයා………..

මම දුටුවේ ඇගේ නිවස හා වතුර ටැංකිය පමණයි.

මම දකින ගෙදර ස්වභාවය ඇයට පැහැදිලි කරාම ඇය ඒ ඇගේ නිවස බව හදුනා ගත්තා.

ඔබේ නිවසේ ජලටැංකිය තියෙන්නේ මේන්න මේ දිශාවේ නේද ?

ඔව්…. පෝරණුව උඩ

ඔය ගෙදරට ඇවිත් කොච්චර කාලයක් වෙනවද ?

අවුරුදු දහ අටක් විතර

ඒ ගෙදරට එන්න කිලින් මේ ලෙඬේ තිබ්බද ?

නැහැ

ගෙදර තව කෙනෙක් ඉන්නවා නේද මේ ලෙඬේම තියෙන ?

ඔව් …. ලගදි ඉදන් මගේ ලොකු දුවටත් ගැස්රයිටීස් තියෙනවා.

කොච්චර කාලයක ඉදන්ද ?

අවුරුදු 4 විතර ඉදන්….

දැන් ඒ දරුවද වැඩි පුර කුස්සියේ ඉන්නේ……?

ඔව් මට අසනීප නිසා දුව තමයි කෑම උයන්නේ

ප‍්‍රතිකාර අවශ්‍ය නෑ…… ඔය ගොල්ලන්ගේ වතුර ටැංකිය තියෙන තැනින් වගේම තියෙන දිශාවෙන් වෙනස් කරන්න. නිකන්ම ගැස්රයිටීස් ලෙඬේ හොදවෙයි.

……………………………………………………………………………………………………

පසු සටහන

මට මෙය සටමන් කරන්න හිතුනේ ඊයේ හවස ඒ කාන්තාව ආශ‍්‍රමයට පැමිණියා. ඒ ස්තුති කරන්න. ඇය ඇගේ නිවසේ ජල ටැංකිය තිබු තැනින් වෙනස් කරලා ගත වුනේ මාස එකහාමාරක් පමණලූ .

ඇගේ ලෙඬේ ගැන දැන් ඇයට හැගීමක්වත් නෑ . වසර 15 දුක්වින්දේ ලක්ෂ ගණන් මුදල් හානි කරගත්තේ කොතරම් පොඩි දෙයක් නිසාදැයි ඇය පසුතැවෙනවා.

ඒ ඇයගේ කර්මය…………………………..

වාස්තු උපදේෂක
වෛදික ජ්‍යොතිෂවේදි
කාංචන මනමේන්ද්‍ර
0777 96 44 74

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close