පයිරා වාස්තු

ඉඩමේ බෑවුම ශුභ දිසාවට ද?

පදිංචිය සදහා නිවසක් ඉදිකිරීමේ දී ඒ සදහා තෝරා ගත යුතු ඉඩම ඉතා වැදගත් සාධකයකි.

අප ඉඩම්වල දෝෂ තත්ත්වයන් හ`දුනා ගත හැකි ක‍්‍රම කිහිපයක් පෙන්වා දුන්නෙමු.

ඉඩමේ පවතින බෑවුම අනුව ද එම ඉඩමේ පවතින ශුභ අශුභ පිළිබද අවබෝධයක් ලබා ගත හැකිය.

උතුරු දිශාවට බෑවුම් සහිත ඉඩමක නිවස ගොඩ නැඟූ විට එම නිවසට ධනය ලැබෙන අතර ආර්ථික අපහසුතා ඇති නොවෙයි.

ඊසාන දිශාවට බෑවුම් සහිත නම් ධනය මෙන් ම සැපවත් බව ලැබෙයි. දරුවන් උසස් ලෙස ඉගෙන ගනියි.

නැගෙනහිර දිශාවට බෑවුම් සහිත නම් එහි වෙසෙන අයට දියුණුව මෙන් ම තම අරමුණ ඉටුවීම ද සිදු වෙයි.

ගිනිකොණ දෙසට බෑවුම පවතී නම් හිතේ ගිනි ඇති වන අතර ගින්දරෙන් පීඩා ඇති වෙයි.

දකුණු දෙසට බෑවුම සහිත ඉඩමෙන් මරණ බය ඇති වෙයි. මේ හරහා සිතේ පීඩා වර්ධනය වෙයි.

නිරිත දිශාවට බෑවුමක් පවතී නම් නිරන්තරව ධන හානි මෙන් ම ගේ දොර විනාශ වීම සිදුවෙයි.

බස්නාහිරට බෑවුම් වූ භූමියෙන් හානි හා පාඩු සිදුවන අතර දරු පල නොලැබීම සිදුවෙයි.

වයඹට බෑවුම් වූ නිවෙස් ඉදි කළ ද එම භූමියේ වැඩි කලක් වාසය කිරීමට නොහැකි වෙයි.

වාස්තු ශාස්ත‍්‍රය තුළ වැරදි බැවුම් සහිත භූමි සුභ කිරීම උදෙසා භාවිතා කරනු ලබන සරල විසදුම් පවතී.

එම පිළියම් යෙදීම තුළින් එම බෑවුමේ පිහිටීම මගින් ඇතිකරනු ලබන දෝශ තත්වයන් පාලනය කල හැකි වෙයි.

ශාස්ත‍්‍රවේදිණි
නදීකා චමාලි පනාගොඩ

0777 96 44 74

5 1 vote
Article Rating
guest

1 Comment
Inline Feedbacks
View all comments
බුද්ධික
බුද්ධික
May 23, 2021 3:53 pm

බස්නාහිරට මුහුනත, බෑවුම, පාර සහිත ඉඩමක වාස්තු දෝෂ මග හැර නිවසක් ඉදිකරනේ කොහොමද ?

Translate »

You cannot copy content of this page

1
0
Would love your thoughts, please comment.x
()
x