පයිරා වාස්තු

ගෘහ මුලිකයාගේ ජවය ගැන සිතන්න...


විශ්වය අලූත් වීම තුලින් අප බලාපොරොත්තු වෙන්නේ ජිවිත ඇතුලේ කුමක් හෝ පිබිදීමක්…

සිංහලයන් විදියට අපට වැරදුණු තැන ගොඩක් තියෙනවා..

අපේ නිවස තුළ පිබිදීමක් ඇති කල හැකි පැති ගැන සොයාබැලීම ඉතා වැදගත්….

මම පසුගිය වසර කිහිපය තුළම අත්දැකීම් තුළින් දැකපු දෙයක් තමයි නිවස තුළ වාස්තුමය වශයෙන් ගෘහමුලිකයව බෙලහීන කිරීම.

ගෙදරක තාත්තා නැත්නම් සැමියා ඒ ගෙදර ගෘහමුලිකයා වෙන්නේ විශ්ව නියමයෙන්…..

එය මව හෝ බිරිද පිලිනොගත්තා කියාවත් ඇය නිවසේ ප‍්‍රධානියා ලෙස කටයුතු කලා කියාවත් මේ විශ්ව නියමය වෙනස් කල නොහැකියි.

එය වාස්තුමය වශයෙන් කියනවනම් ප‍්‍රධාන දොර සැමියාට නැත්තම් පියාටත් පිටුපස දෙර මවට නැත්නම් බිරිදටත් අයත් වෙනවා. මේ දෙක දෙකක් මිසක් කිසිම දිනක එකක් වෙන්නේ නෑ.

පලමු වරද තමයි මේ දෙරවල් දෙකේ බලය අවබෝධ කර නොගැනීම. අප ඉදිරි දොරින් කලයුතු දේවල් පසුපස දොරෙන්වත් පසුපස දොරෙන් කලයුතු දේ ඉදිරි දොරින්වත් නොකල යුතුයි.

උදාහරණයක් ලෙස හිතුවොත් ප‍්‍රධාන දොරින් කුණු එලියට රුගෙන යෑම ප‍්‍රධාන දොරින් එලියට කුණු අතුගා දැමීම නොකල යුතුයි. එසේ කිරිමෙන් ගෘහමුලිකයාගේ ජවය බිදවැටීම සිදුවනවා.

පසුපස දොරින් නම් ඒ ගොදරට අමුත්තන් හෝ සබදතා පැමණිම සිදුවේනම් ක‍්‍රමයෙන් ඒ නිවසේ පිරිමියාගේ වටිනාකම අඩුවී ගොස් අඩු වයසින් අහිමි වීමද සිදුවන්වා.

දෙවන කරුණ වන්නේ මේ දෙරටු දෙකට දෙන වටිනාකම් වල ස්වාභාවය. ප‍්‍රධාන දොර අනිවාර්යයෙන්ම සවිමත් නියමිත පරිමාණයට පවතින අලංකාරවත් එකක් විය යුතුයි. එයින් අදහස් කරන්නෙත් ගෘහමුලිකයා තුළ ඇතිවිය යුතු ගුණාංගයන්ය.

ප‍්‍රධාන නියමිත පරිමාණයෙන් තොරවීම වීදුරු ඇල්මිනියම් ප්ලාස්ටික් වලින් සෑදු දොරවල් යෙදීම හෝ දිරාගිය තත්වයන් ලක්වුවහොත් නොසිතන ලෙස ගෘහමුලිකයාගේ ආදායම් හා නිරෝගිබව බිදවැටීමට හේතු නිර්මාණය කරනු ලබනවා.

පිටුපස දෙර ශක්තිමත් වීම කියන කරුණට මුල්තැන දෙනුලබනවා. එහිදි අලංකාරය කියන එක ගැන සිතන්නේ නෑ. ඒ වගේම ප‍්‍රධාන දොරට වඩා අනිවාර්යයෙන්ම පොඩි දෙරක් මෙයට යොදන්නේ ගෙදර ගෘහණියට අවශ්‍ය ආරක්ෂව හා නිසි පැවැත්ම ලබා දිය යුතු නිසයි.

වැදගත්ම කරුණක් වනුයේ ප‍්‍රධාන දොරට ඉදිරියෙන් හා පසුපසින් ඇති දොරටුව අවහිරවන සාධකයන් මොනවාද යන්නය. මේ ත්තවයන් දෙක මත ගෘහමුලිකයාගේ පමණක් නොව සමස්ත නිවසසේම ආර්ථික වර්ධනය හා පරිහානීය රුදී පවතිනවා. එබැවින් ප‍්‍රධාන දෙරටුව දෙපසින්ම ඉතා නිරවුල්ප පැවතිය යුතුයි.

බොහෝ නිවාස වල බුදු පිලිම පාලම් පඩිපෙලවල් යකඩ දොරවල් ගස් මල් පෝච්චි කණු තාප්ප වගේ දේවල් වලින් ප‍්‍රධාන දොර අවහිරව පවතිනවා. මේ හරහා ඉහතින් දැක්වු දෝසයන්ට ඒ නිවැසියන් මැදිවනවා.

සෑම භූමියක්ම හා නිවසක්ම නියමිත ලෙස වර්ග කිරීමේදි හා දිශාගත කිරිමේදි ගෘහමුලිකයාට බිරිදට දරුවන්ට ආදී ලෙසින් බෙදනු ලබනවා. එහිදි ගෘහමුලිකයාට හිමිවන දිශාවේ පිහිටීමේ ස්වාභාවය මත ගෘහමුලිකයාගේ සමස්ත ජිවිතයම තීරණය වනවා.

ඔහුගේ ආර්ථිකය පමණක් නොවෙයි ජිවත්වීම හෝ මරණය පවා ඒ මත තීරණය වනවා.

වර්ථමානයේ මොඩන් හෝම් සංකල්පය තුළ මා දුටු දෙයක් තමයි මෙම වර්ග කිරීම් වලින් තොරව නිවස විවිධ හැඩයන්ගෙන් නිර්මාණය කිරීම හාරහාම ඒ නිවස තුළ සැමියාගේ බිරිදගේ මෙන්ම දරුවන්ගේ ආදී ලෙසින් ජවය තමන් විසින්ම බිද හෙලා ගනු ලබනවා.

මේ දිශා ගත වීම් තුළ අප ස්ථාන ගත කල යුුතු දේ හා ස්ථාන ගත නොකල යුතු දේ ලෙසින් පුර්ණ බෙදීමක් පවතී.

උදාහරණයක් ලෙස සැමියාගේ දිශාව තුළ වාහන නැවතුම ස්ථාන ගත වුවහොත් ඔහුගේ රුකියාව අස්ථාවර වීමත් අනියම් සබදතා නිර්මාණය වීමත් සිදුවනවා. වසර හයක් හතක් ගතවෙද්දි සැමියාට හෘර්ද රෝග වැලදීම අනිවාර්ය තත්වයක් බවට පත්වෙනවා.

මේම වර්ග කීරීමට අයත් වන ප‍්‍රදේශය තුළ පවතින ගස් වර්ග මල් වර්ග පොකුණු ඉතා කල්පනාකාරීව ස්ථාන ගත කල යුතුයි. ඉතා සුලූ වරදකින් නොසිතන ආකාරයේ අසුභ ප‍්‍රථිඑලයන්ට ලක්වීමට ගෘහමුලිකයාට සිදුවනවා. මේ සම්භන්ධයෙන් අත්දැකීම් කිහිපයක්ම මා කලින් ලියු ලිපිවල පවතී. කොහිල වල ඇතිකල පිලිකාව මෙන්ම රුකියාවට බාධාවක් වු අලූ කෙසෙල් ගස් පිලිබද සිදුවීම් මෙයට උදාහරණයන්ය.

ගෘහමුලිකයගේ ජවය වර්ධනය කරන්නට අපට හැකිනම් නිවස බිදනොවැටී පවත්වා ගැනීම එතරම් අපහසු දෙයක් නොවේවි.

ටිකක් හිතන්න…….

පැරණි සමාජයේ තාත්තා ගොවිතැන් කලත් ඒ තාත්තට තිබුණු තැන අද ගෙදර ඉන්න ගෘහමුලිකයට තියෙනවද කියලා යලි යලිත් හිතා බලන්න. ඒ ජවය අද තාත්තට තියෙනවනම් කතිර ඉල්ලගෙන එන මිනිසුන් මතම යැපෙන්න වෙන්නේ නෑ නේද ?

ඉතින් ජාතියක් ලෙස කොහේ හෝ අපට වැරදුණා. යලිත් ඒ වරද නිවැරදි කර ගන්නට උත්සහ දරමු.

මුලින්ම මේ වෙනස තමන්ගේ භූමියෙන්ම අරබන්න.

ගෘහමුලිකයා උදෙසා විශ්වයෙන් දෙන බලය ජවය පුර්ණවම ඔහුට හිමිවන්නට ඇති බධා ඉවත් කරන්න.

ඒ තුළින්ම තමන්ගේ නිවස ස්වාධින වේවි……

දීක්ෂා ගුරු
වාස්තු උපදේෂක
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

5 2 votes
Article Rating
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x