පයිරා වාස්තු

මධ්‍ය ලක්‍ෂයේ සුපිරි බලය ....

අපි දන්නවා විශ්වයේ හැම දෙයකම මධ්‍යයට විශේෂිත බලයක් ගොඩ නැගෙනවා කියලා … එසේ ගොඩනැගෙන ශක්තීන්ගෙන් බොහෝ දේ කල හැකියි …

ටිකක් හිතන්න…

සෞර ග‍්‍රහ මණ්ඩලය මැද්දේ ඉර ඉන්නවා.. එයින් ආලෝකය උණුසුම වගේම බැදීම ඇතිවෙනවා…
කලූ කුහරයක් මැද්දෙන් ගැලැක්සි දෙකක් අතර ගමන් මාර්ගයක් තැනෙනවා…
මේ ආකාරයටම අපේ නිවසේ ව්‍යාපාරයේ මධ්‍යයට සුපිරි බලයක් එක් කල හැකියී..
එ එක් කිරීමෙන් සිදුවන්නේ එ නිවැසියන්ගේ බලාපොරොත්තු ඉටුවීම…
බලාපොරොත්තු කියන්නේ මොනවද ?
මට මේක ලියන්න හිතුනේ පසුගිය දිනවල ලත් අත්දැකීම් නිසා ….
ඔහු ව්‍යාපාරිකයෙක්… ඔහුට යම් කාරණයක් නිසා ඉතා ඉක්මණින් නිවසේ පවතින වාස්තු වැරදි නිවැරදි කල යුතු වෙනවා… එයට අවශ්‍ය පිරමීඩ ආශ‍්‍රමයේ බලගැන්වෙමින් පවතිනවා. එ පිරමීඩ අතර මධ්‍ය ලක්ෂය බලගන්වන සුපිරි පිරමීඩයකුත් පැවතියා.
දින දෙක තුනකට පසු ඔහු ආශ‍්‍රමයට පැමිණෙනවා පිරමීඩ රුගෙන යන්න ….
මහත්තයා මගේ හවුල් ව්‍යාපාරයේ කොටස් අයිතිය නිසිලෙස බෙදී තිබුනේ නෑ. මේ ව්‍යාපාරය පටන් ගත් දිනයේ ඉදන්ම මම මේ ගැටලූව නිරාකරණය කර දෙන ලෙස අනෙක් පාර්ෂව වලින් ඉල්ලූව එත් එක ඉටුවුනේ නෑ… එත් ඊයේ එක්වරම ඔහුන් ඇවිත් අපේ ලෝයර්ට එන්න කියලා කොටස් වලින් අඩක් මටම පැවරුවා. මට හිතාගන්නවත් බෑ ………
ඇත්තටම මෙය කොහොමද සිදුධ වෙන්නේ ?
පිරමීඩ මගින් වෙන්නේ විශ්වය සමග අපව බද්ධ වීමයි. එ නිසයි එහෙම වෙන්නේ….
………………………………………………………………………….
දෙවෙනි අත්දැකීම ගොඩක් වෙනස්….
පසුගිය කාලයේ ව්‍යාපාරික වශයෙන් බිදවැටිලා හිටපු දරුවෙක් ආශ‍්‍රමයට පැමිණෙනවා. ඔහු දැනට පදිංචි නිවසේ දැඩි වාස්තු ගැටලූ පැවතියා. එවා නිවැරදි කර ගන්න මා උපදෙස් දුන්නා.
මේ අතර තුර යලිත් ඔහු අලූත් ව්‍යාපාරයක් අරඹනවා . එය දිනකට විශාල මුදල් සංසරණයක් සහිත ව්‍යාපාරයක්…
මාස කිහිපයකට පසු ඔහු පිරා පද්මයකින් ආයතනයේ මධ්‍ය ලක්‍ෂය බලගන්වනවා.
එ සමගම ඉතා අහඹු ලෙෂ ඔහුට අසුවෙනවා. ආයතනයේ සේවකයින් ඉතා සියුම්ව කරනු ලබන මුදල් සොරකම් හා මුදල් විවිධ අයුරින් කරන ගැලපීම් පිලිබදව…
ඔහු එ පිලිබදව එහි මව් ශාඛාවේ අනෙකුත් ආයතන වලින් විමසා බැලූවද ඔහු සොයාගත් තොරතුරු පිලිබදව කිසිවෙකුත් එ වනවිටවත් දැණුවත් නෑ.
ඔහු ආරම්භයේදීම තම ආයතනයේ පාඩු ලැබිය හැකි මං වසා දමනවා.
තෙවන අත්දැකීම …..
නව නිවසක් ඉදිකිරීමේදී මම දෙන උපදෙස තමයි නිවස ආරම්භයේදීම නිවසේ මධ්‍ය ලක්‍ෂය බලගන්වන්න කියන එක..
එවිට සිදුවෙන්නේ නිවස ඉදිකිරීමේදී සිදුවන වැරදි නිවැරදි කිරීමට මනස මෙහෙයවීමයි.
ආශ‍්‍රමයට යන එන දරුවොන්ට මෙය පිලිබදව හොද අත්දැකීම් තියෙනවා..
මේ සිදුවීම කලින් ලියපු එකක්…
මේ දිනවල ඉදිකිරීම් කටයුතු කරගෙන යන නිවසක අත්තිවාරම් පුරවන්න පස් ගේනවා. නමුත් නිවසේ හිමිකරුට එ පස්වලින් අත්තිවාරම පුරවන්න හිත දෙන්නෙම නෑ. කොහොම හරි ඔය අතර තුර දිනක ඔහු ආශ‍්‍රමයට පැමිණෙනවා. මා ඔහුගෙන් ඇසුවා පස් ගෙනාපු තැන ගැන දැණුවත්ද කියලා ..
ඔහු කිව්වා නැහැ පස් ගේන්නේ කොන්ත‍්‍රාත්කරුවයි කියලා…
එ පස් ගෙනත් තියෙන්නේ ප‍්‍රබල හදිහුනියමකට ලක්වු ඉඩමකිනුයි… එ කියන්නේ තමන් අලූතින් හදන ගෙයි අත්තිවාරම පුරවන්නේ අසුභ පස් වලින්… එ නිසයි හිමිකරුවගේ මනසට මධ්‍ය ලක්‍ෂය බලගැන්වු පිරමීඩ පද්ධතිය විසින් බලපෑම් ඇති කරන්නේ….
මධ්‍ය ලක්‍ෂයේ සුපිරි බලය කියන්නේ අන්න එකටයි. ……….

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍

4.5 2 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x