පයිරා වාස්තු

දෙවියන් ඉදිරියේ නිදාගැනීමෙන් බිදවැටුණු ශක්තිය . . .

වාස්තු දෝස නිවැරදිකිරීමෙන් පසු එම නිවාස පිලිබදව ආශ‍්‍රමයෙන් පසු විපරමක් සිදුකරනු ලබනවා. ඒ කියන්නේ වාස්තු නිසිලෙස නිවැරදි කිරීමෙන් පසු කාර්ය සිද්ධි අගය ස්ථාවරව පැවතීම හෝ වර්ධනය වීම සිදුවිය යුතුයි. යම් නිවසක එසේ නොවනවානම් නිවැසියන් යම් අලූත් දෝසයක් ඇතිකරගෙන බව අත්දැකීමෙන් මා දන්නවා.

ඊයේ මා මෙතෙක් ආශ‍්‍රමයෙන් වාස්තු නිවැරදි කල අයගේ නිවාස වල ශක්තිය පිරික්සමින් සිටියා.

සියල්ලම ඉතා සුභ මට්ටමේ පැවතියා. නමුත් එක් ස්ථානයක පමණක් කාර්ය සිද්දිය ධණ 10 දක්වා පහල බැස තිබුණා.

එය සංගීත පංතියක්. . . . එහි කොටස් දෙකක් පවතිනවා. . . මම ඒ ඒ ආයතනය අසුභ වීමට හේතුව එම ආයතනයේ එක් එක් ස්ථානය වෙන වෙනම පරික්ෂා කරමින් සොයන්නට වුණා.

සියල්ල සුභයි. නමුත් බුදු පහණ තියෙන තැනත් සරස්වති මැණියන්ගේ රූපය තියෙන තැනත් පමණක් අසුභයි.

ආශ‍්‍රමයේ අම්මා මෙම ආයතනයේ හිමිකාරියට දුරකථන ඇමතුමක් ගෙන මේ ස්ථාන දෙකට අලූතින් එක්කලේ මොනවාද කියා විමසා සිටියා.

බුදු පහන ලග ඵීදුරු පිරමීඩයක් තියලා.

එය එලියෙන් තබන්න කියා උපදෙස් දී යලි බුදු පහණ තැබු තැන ශක්තිය මැණ බැලූවා. දැන් ඒ ස්ථානය සුභ වෙලා.

ඒ එක්කම යලි දේව රූපය පැවති ස්ථානයේ ශක්තිය මැන බැදුවම ඒ ස්ථානයත් සුභ වෙලා. . .

ආශ‍්‍රමයේ අම්මා යලි විමසුවා මේ දේව පිලිමය අසල තිබිලා මොනවද දැන් අයින් කලේ කියලා. . .

අම්මේ උදේ පන්ති ඉවර වෙලා අයිත් හවස පන්ති පටන් ගන්නේ එතකන් මම එතන ටිකක් ඇල වෙලා හිටියා. . . .

නිදාගෙන සිටි ඇය දැන් අවදි වී පැමිණ දුරකථනයට පිලිතුරු දෙයි.

එසේනම් ගැටලූව වී ඇත්තේ දෙවියන් ඉදිරියේ නිදාගැනීමය. . . .

එසේනම් නිදන කාමරවල දෙවියන් වැදීම හා දෙවියන්ගේ රූප තබා ගැනීම ඉතා අසුභ බව අමුතුවෙන් කිව යුතු නැත .

ගණ දෙවියන් වදින ගැහැණු දරුවන් තම නිදන කාමරවල ගණදෙවියන්ට වන්දනා කරන අවස්ථා මාද ැක ඇත .

එය සමස්ත නිවස අසුභ වීමට කරුණකි.

නිවසක් අසුභ වෙන්න ලොකු ලොකු වැරදි වගේම නොහිතා කරන පුංචි දේවලූත් හේතු වෙනවා.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

1 1 vote
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x