පයිරා වාස්තු

දකුණ ගැන යළි යළිත් සිතන්න


මා පසුගිය වසර කිහිපය තුළ කරපු එක් අධ්‍යනයක් තුළින් අවබෝධ කොට ගත් දෙයක් තමයි බිදවැටෙන විවාහයන්ට බෙහෝ සෙයින්ම එම නිවසේ දකුණු දිශාවේ පවතින වාස්තුමය දෝශයන් හේතුවන බව…..

වාස්තු වලට අනුව දකුණ කියන්නේ බිරිදට අයත් දිශාව…

මෙසේ කියපු ගමන් සරලව හිතෙන දෙය තමයි බිරිදගේ වරදින් විවාහය බිදවැටීම කියන කාරණය… එයම නොවෙයි.

සාම්ප‍්‍රධායිකව විවාහය අල්ලාගෙන සීටීම කියන කරුණේ වැඩි අයිතිය තියෙන්නේ බිරිදට…..

නමුත් දකුණු දිශාවේ ඇති වාස්තු ගැටලූ විසින් මෙම අල්ලාගෙන සීටිම කියන තත්වය දියකර හරිනවා. ඒ තුලින් සිදුවන්නේ විවාහ සබදතාවය බිදවැටීම….

මා පසුගිය කාලයේ බහුල ලෙස දුටුවා දකුණු දිශාවේ වාස්තුමය ගැටලූ සහිත නිවාස වල ජිවත් වන බිරිදවල් තම සැමියාගෙන වෙන්ව හුදකලාව ජිවත්වන බව….

මෙහි ගැටලූව ඒ නිවස තුළ ජිවත් වන දෙවන පරම්පරාවද එම අත්දැකීමටම මුහුණ දීමයි…..

නිවසේ අන් දිශා සියල්ලටම වඩා පවුල රුක ගැනීම උදෙසා වඩා වැදගත් වනුයේ දකුණු දිශාවය.

දියණියන් සිටින නිවසකදි දකුණු දිශාව කෙරෙහි දැඩි අවදානයක් යොමු කල යුතු අතර ප‍්‍රධාන දොර ගෙට්ටුව පිවිසුම් මාර්ගය ඒ දෙසින්ම පිහිටා ඇත්නම් දරුවන්ගේ ආරක්ෂාව හා ඔහුනගේ ක‍්‍රීයාකාරිත්වයන් සම්භන්ධයෙන් දෙමාපිය අවධානය යොමු කිරීම ඉතා වැදගත් කරුණකි.

නිවසේ ආර්ථික ස්ථාවරත්වය උදෙසා දකුණු දිශාවෙන් ලබාදෙන ජවය සමකල හැක්කේ බිරිදක් විසින් නිවසේ ආර්ථිකය පවත්වාගෙන යන්නට සපයනු ලබන ජවයටය.

එහෙත් පසුගිය කාලය තුළ මා දුටු පුධානම කරුණ වුයේ සාම්ප‍්‍රධායික වාස්තු තුළ දකුණ යනු අතහැර දැමු දිශාවක්ය යන්නය.

දීක්ෂා ගුරු
වාස්තු උපදේෂක
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

5 1 vote
Article Rating
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x