රාවණ වංශිකයෝ

වජ‍්‍රය යනු රාවණ රජුට අයත් ආයුධයක් නොවේ

වජ‍්‍රය පිළිබද බොහෝ කතා බහ පසුගිය කාලය තුළ කරලියට පැමිණියේය. සමහරුන් එය වශි බෝලයක් ලෙසින් දුටුවේය.
එය දැන් රාවණ රජුට සම්භන්ධ වුවක් ලෙසින් අර්ථකතනය කරන්නට සමහරුන් උත්සහ දරති.

වජ‍්‍රය හා රාවණ ශක්තිය අතර ඇති ශක්ති වෙනස මෙන්ම ඉන්ද්‍ර දෙවියන් හා වජ‍්‍රය අතර ඇති සහසම්භන්ධය පිළිබදව මෙතෙක් ලංකාව තුළ කෙරුණු නිර්වචනයක් නැත .

එය හරියට 2010 න් පසු නිදා සිටි රාවණ පරපුරේ අය ඇහැරවන තෙක් ඒ පිළිබදව ලංකාව තුළ මෙන්ම මධ්‍යයන් තුළද කථාබහක් නොතිබීම මෙන්මය.

ඉන්ද්‍ර දෙවියන් යනු සියලූ දෙවියන් බිහිවීමට පෙර වෛදික යුගයේ පිළිගැනීමට ලක්වු පලමු දෙවියාය.

වෛදිකයෝ දෙවියා යනුවෙන් අදහස් කලේ පරමාත්මීය වු ශක්තියයි. එනම් විශ්වයේ ඇති අසීමිත වු විශ්ව ශක්තියයි.

සියලූ දෙවියන් බිහිවන්නේ වෛදික යුගයෙන් පසුවය.

රාවණ සිටින්නේ වෛදික යුගයෙන් මෙන්ම දෙවියන් බිහිවීමෙන්ද පසුවය.

රාවණ රජුන්ට පසු බිහිවු දෙවිවරුද සිටිති.

ඒ බණ්ඩාර දෙවිවරුන්ය.

ඉන්ද්‍රසත‍්‍රාතොත වෘත‍්‍රහා පරස්ථානො වරේෂා ඃ
ස රක්ෂතා චරමාතඃ ස මධ්‍යතඃ ස පශ්චාත්
ස පුරසතාත‍්‍රතො අස්තු
( අර්ථ වේදය)

ඉන්ද්‍ර දෙවියන්ගේ අත ඇති වජ‍්‍රයෙන් සංකේතවත් කරන්නේ ස්වකීය බලමහීමයෙන් සමස්තය එනම් විශ්වය හා පෘතුවිය අක්ෂයෙන් බැදි චක‍්‍රයක් සේ එක්ව රදවා පවත්වා ගන්නා බවය.

මෙය ගැඹුරු කාරණයකි. ශුධ්‍ය ජිවියාගේ සිට මිනිසා දක්වාද ගල්කැටයේ සිට චක‍්‍රවාටය දක්වාද සියල්ලම සැදී ඇත්තේ චක‍්‍ර වලිණි. සංසාර චක‍්‍රය අශ්ඨලෝක ධර්ම චක‍්‍රය ආදී බුදුන් දෙසු මේ ගැබුරු දහම වෛදිකයන්ගේ ගැඹුරු චින්තනයේ මුලිකම හරය විය.

දෙපස ඇති චක‍්‍ර වලින් හා මැද ඇති අක්ෂයෙන් සංකේතවත් වුයේ ශක්ති අතර බැදීමයි.

එනම් තම අභිලාෂයන් පුර්ණය කිරීම වුදෙසාත් ඉන්ද්‍රයන් හා එක් වීම උදෙසාත් ඇති එකම මග තමා තුළ ඇති චක‍්‍ර භ‍්‍රමණය හා පරමාත්මීය චක‍්‍ර භමණය අක්ෂයකින් බැදි චක‍්‍ර දෙකක භ‍්‍රමණය සමාපාත වන අයුරුන් සමපාත කිරීමය.

රාවණ යනු වෛදික යුගයේ ජීවත්වු පුලස්ති සෘෂිගේ ශක්තියේ නැවත ඉපදීම වු මහකාල සෘෂිගෙන් දසමහා විද්‍යාවන් උගත් අයෙකි.

රාවණ ඉන්ද්‍ර දෙවියන් පැරදුවායැයි පවසීම යනු සංකේතයකි.

වෛදිකයේ ඉන්ද්‍රදෙවියන් ලෙසින් සැලකුවේ පරමාත්මීය ශක්තියටය. කුණ්ඩලිණිය අවදිකරන්නා ජීව ශක්තිය පරමාත්මීය ශක්තිය හා සමපාත කරතී.

මහායානීක දහම බිහිවන්නේ පසුකාලීනවය. ඔහුන් පෙන්වා දුන්නේද බුද්ධත්වයද මේ අක්ෂය හා චක‍්‍ර භ‍්‍රමණය හැ බැදී පවතින බවය.

මහයානීක බුදුන්ගෙන් නිරූපණය කරන ලද්දේ අනන්ත බුද්ද නැතහොත් සෑම කෙනෙක් තුළම බුදු කෙනෙක් ඇතිය යන්නය.

ගෞතම බුදුන්ට පෙරද මේ දහම තේරුම් ගත් බෝධිසත්ව වරු සිටියහ. එය භාවනායෝගී හීමිවරුන්ගෙන් අසා දැනගැනීම වඩා සුදුසුය.

මාරයාගෙන් නිරූපණය කරන ලද්දේ භෞතික සංවර්ධනයයි. අක්ෂයකින් බැදි චක‍්‍ර භමණය තුළින් භෞතික සම්පත්ද දිනාගත හැකි වෙයි. දීක්ෂා ගුරුවරුන් අදටද මග පෙන්වන්නේ මේ උදෙසාය.

බුද්දත්වයට පත්වීමට මෝමාන්දකාරය පරාජය කල යුතුය.

ඉන්ද්‍ර දෙවියන්ව වෛදිකයෝ හදුන්වනුයේ වෘත ඝාතක යන නමිණි.

වෘත යනු විශ්වයේ ඇති අඥාන අන්දකාරයයි. එනම් මොහන්දකාරය යනුද එයමයි.

මෙය තේරුම් නොගන්නෝ රනින් හෝ පස්ලෝ වලින් කල වජ‍්‍රයක් කරකවති. එහෙත් සැබෑ වජ‍්‍රය ඇත්තේ තම සිරූර තුළය.

රාවණ සතුවද වජ‍්‍රයක් පැවතියේය. ඔහු එය හොදින් කැරකුවේය .අවසන ඔහු ඉන්ද්‍රයා පැරදුවේය . ඒ තුළින් කුණ්ඩලීණිය අවධි කලේය.

පසුකාලීනව මහයානිකයෝ ලෝහයෙන් තනන වජ‍්‍රය බලයන්වන්නට හැකි මංත‍්‍ර තැනුහ. එය ලෝහයක ලියන සුරයක් බල ගැන්වීම හා සමානය. හිස් හතරක් ඇති වජ‍්‍රයෙන් බලයද හිස් අටක් ඇති වජ‍්‍රයෙන් බලය හා ආධ්‍යාත්මික ශක්තියද දැබීමේ හැකියාව ඇතිවෙයි. එහෙත් මෙය මංත‍්‍ර ශක්තියකි.

චක‍්‍ර ආරෝපණය කර ගත් පුද්ගලයාට වජ‍්‍රයෙන් එම බලය වැඩි කලක් පවත්වාගෙන යා හැකිවෙයි.

මේ ගැඹුරු හරය තේරුම් ගැණිමටද මනස ගැඹුරු විය යුතුය.

දීක්ෂා ගුරුවරයෙකු කිසිලෙසක අනෙකාට නොවැටහෙන ගැඹුරු හරයන් පැහැදිලි කිරීමට උත්සහ කරන්නේ නැත .එහෙත් පසුගිය කාලයේ රාවණ නාමය සමහරුන් බොහෝ විකෘති කිරීම් වලට ලක් කලේය. එබැවින් මෙය පැහැදිලි කල යුතුව ඇත .

 

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close