සංචාරය

පතිවෘර්තාවේ බලයෙන් පරසිදුවු සීතා හනුමාන්ට දැණුම දුන් චන්ද්‍ර අංගනය ( දිවුරුම්පොල )

රාමායණයට අනුව රාම-රාවණ යුද්ධයෙන් රාවණ රජු පරාජයට පත් කරමින්ම රාම කුමරු ජයග්‍රහණය කළේය. ඉන්පසුව ාම කුමරු විසින් තමන්ට උදව් උපකාර කළ විභීෂණට ලංකා රාජ්‍යයේ රජකම පිරිනැමුණී.

විභීෂණ විසින් පළමු කාර්යය ලෙසම තම බිසව වූ සුරමා රැජිනව වැලිමඩට ආසන්නයේ ස්ත්‍රීපුර කන්දේ ගුහා තුල සගවා සිටි සීතා කුමරිය වෙත එවා එතෙක් ආහාර වර්ජනය කරමින් ඉතා දුර්වලව සිටි ඇයව නහවා  පිරිසිදු කර වටිනා වස්ත්‍රාභරණයෙන් සරසා රාම කුමරු පිටත් කර හැරි බව සඳහන් වේ.

එහෙත් වසර ගණනාවක් රාවණ රජුගේ සිරකාරියක ලෙස ගත කළ සීතා කුමරියගේ පතිවෘර්ථාව පිළිබඳව සැක කළ රාම කුමරු ඇයව එක්වරම භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇත. හැඟීම් පිරිසුදු භාවය ඔප්පු කිරීම උදෙසා අග්නි පරීක්ෂාවකට ලක් විය යුතු විය.

ලක්ෂ්මණ කුමරු තම සේනාව ඉදිරියේ විශාල ගිනි මැලයක් සකස් කොට එයට පැන තම පවිත්‍රතාවය ඔප්පු කරන්නැයි සීතා ගෙන් ඉල්ලීමක් කල බවත් ඇය තම රන් ආභරණ ගලවා තුඹසක් තුළ තබා තමන් සුරැකී පතිව්‍රතාවේ බලයෙන් මෙම අග්නිය නිවේවායි සිතා ගිනි මැලය තුළ වට කිහිපයක් ගමන් කළ බව ජනප්‍රවාදයේ සඳහන් වේ.

එසේ අග්නියට බට සීතා කුමරියව ඉතා කුඩා පිලිස්සුමකට හෝ ලක් නොවූ අතර ඇයගේ පතිවෘත්තාවේ බලයෙන් ගින්න නිවී ගිය බව කියවේ.

මෙම අග්නි පරීක්ෂාව උදෙසා ගිනිමැලය සකස් කළ ස්ථානය ලෙස හැඳින්වෙන්නේ වැලිමඩට නුදුරු දිවුරුම්වෙල බෝධිය පිහිටි ස්ථානයයි. අතීතයේදී එම ස්ථානය දිවුරුම්පොළ ලෙස හැදුනු අතර වර්තමානයේ දී එයා දිවුරුම්වෙල ලෙස භාවිතා වේ.

දෙතිස්ඵල බෝධින් වහන්සේ නමක් මෙම ස්ථානයේ රෝපණය කල බව ජනවහරේ වුවත් පැරණි නාමය පිලිබදව සදහනක් නැත. මෙම බෝධිය පිළිබඳ ඇති තවත් ජනශ්‍රුති යක් වනුයේ අග්බෝ රජු විසින් රත්‍රං පත්තරයක සිටවූ ජය ශ්‍රී මහා බෝධියේ අංකුරයක් මෙම ස්ථානයේ රෝපණය කළ බව ය.

වර්තමානයේ බෝධි මූලයේ ඇති කුඩා චෛත්‍යය සීතා කුමරියගේ ආභරණ නිධන් කොට හුඹස් මැටි වලින් ඉදිකර ඇති බවද ජනශ්‍රුතියේ කියවේ.

මගේ මතය හා මා භාවනාවෙන් දකින දෙයට වඩා වෙනස් වේ.

සීතා කුමරිය යනු රාවණ රජුගේ දියණිය වූ ෂොහිලි කුමරිය ම බවත් හනුමාන් යනු සීතා කුමරියගේ ආරක්ෂකයා ලෙසින් කටයුතු කළ රාවණ පවුලේ සමීපතමයෙක් වූ බවත් මහා රාවණ ලිපි පෙළේ මුල් ලිපි කිහිපයක දී පෙන්වා දුන් බව ඔබට මතක ඇති.

එසේම ආරක්ෂක ඇමති ලෙසින් කටයුතු කළ විභීෂණගේ විශ්වාසවන්තම සේවකයා වූයේද හනුමාන්ය. රාම රාවණ යුද්ධයේදී විභීෂණ වෙනුවෙන් ඉතා විශාල මෙහෙවරක් කළ හනුමාන් අග්නියෙන් හා ඡලයෙන් නොමැරී සිටින්නටත් ශරීර ප්‍රමාණය විශාල කරන්නටත් අවශ්‍ය දැනුම ලබාගන්නේ සීතා කුමරිය ගෙනි. ඒ ඇය තම පියා වූ රාවණ රජු වෙතින් උගත් දැනුමයි.

සීතා කුමරිය තම නවාතැන වූ ස්ත්‍රී පුරයෙන් බැස  හනුමාන් හට තමන් උගත් දැනුම කියා දෙන්නේ මෙම භූමිය තුළදීය. ඉතිහාසයෙන් සැගව ගිය චන්ද්‍ර අංගනය නම් ප්‍රදේශය මෙය බව මගේ අදහසයි. මෙම අදහස සනාථ කරන එක් කරුනක්ද ඇත. මෙයට වසර දෙකකට පමණ පෙර මහියංගනයේදී භාවනාවේදී සම්බන්ධ වූ මහා ලොකු මෑණියන් ඇයගේ ලෙන සහිත කඳුවැටිය කඳු පන්ති 7කින් යුත් බවත් එහි එක් කඳු පන්තියක් චන්ද්‍ර ගිර ලෙස හැඳින්වෙන බවත් පැවසීය.

මෙම භූමිය මැදි වී ඇත්තේ වෘත්තාකාරව පිහිටි කඳු පන්ති කිහිපයකිනි. ලිප්ටන් සීට් රාවණා ඇල්ල රාවණ ගුහාව හෝටන් තැන්න  ලෝකාන්තය හග්ගල පිදුරුතලාගල ස්ත්‍රීපුර ගුහාව යන  රාවණ ඉතිහාසයට සම්බන්ධ බොහෝ ස්ථාන මෙම කඳු වළල්ල තුළ පිහිටා ඇති අතර විශේෂත්වය වන්නේ මෙම බෝධිය පිහිටි ස්ථානයට මෙම තැන් සියල්ල දර්ශනය වීමයි.  එසේම මහියංගනයේ මහලොකු මෑණියන්ගේ ලෙන පිහිටි කඳුවැටිය ද එකිනෙකට සම්බන්ධව පවතී. ස්ත්‍රී පුරයේ සිට දෝවේ පන්සලට හා රාවණ ඇල්ලට ගමන් කිරීමට උමං මාර්ගයක් පැවැති බව කියවේ . මෑත කාලයේ යම් යම් සංවර්ධන කටයුතු වලදී මෙම උමං මාර්ගයේ කොටස් මතුවිය.

පසුගිය කාලයේ මෙම බෝධිය කපා දැමීම පිළිබඳ මතවාදයක් මතුවූ අතර පසුව එය ව්‍යාර්ථ විණි.

දීක්ෂා ගුරු

කාංචන මනමේන්ද්‍ර

Blog Comments

නමුණුකුල කන්ද පිළිබඳ තොරතුරු මොනවද මහත්මයාණෙනි

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close