සංචාරය

සීතා කොටුවට යටවුණු සංඛනාථය සොයා ගිය ගමන

18 වංගුව අවසන් වෙන්නේ කඳුමුදුන් හතක් සහිත මහා ලොකු මෑණියන්ගේ ඉසව්වෙන්.. මහලොකු මෑණියෝ කියලා කියන්නේ සමන් දෙවියන්ගේ අක්කට මේ කඳුවැටියෙම අයිතිය තියෙන්නේ මහ ලොකු මෑණියන්ට.

මහියංගනය දෙසින් හසලක පසු කරත්ම ගුරුළුපොත නම් වූ දහඅට වංගුවේ ආරම්භක සීමාව හමුවේ. සීතා කොටුව නමින් ප්‍රසිද්ධියට පත්වූ පුරාවිද්‍යාත්මක ස්ථානයක් මේ ආසන්නයේ වෙයි.

රාවණ රජතුමා විසින් සීතා කුමරිය පැහැරගෙන පැමිණ මෙම කඳුවැටියේ සීතා කොටුව නම් ස්ථානයේ සඟවාගෙන සිටි බවත්තා සීතා දේවියගේ ආරක්ෂාවට යක්ෂ ගෝත්‍රික කාන්තාවන් යොදවා තිබූ බවත් රාමායණයේ සඳහන් වේ.

ගුරුළුපොත යන නම තුළ ගුරුලා පත බැවුන තැන යන අර්ථය සැඟවී පවතී. ගුරුළු යන අර්ථයෙන් මතුකර පෙන්වන්නට උත්සහ දරන්නේ යම් ගුවනින් එන වාහනයක් නතර කළ ස්ථානයක් පිළිබඳ විය යුතුය. රාවණ රජුගේ වාහනය දඬුමොණරය වූ අතර විෂ්ණු දෙවියන්ගේ වාහනය ගුරුළු වාහනය ලෙසින් දෙවියන් හා සම්බන්ධ ඉතිහාස කතා තුළ දැකගත හැකිවේ.

මගේ විශ්වාසයට අනුව මෙය හෙළ යුගයෙනුත් ඔබ්බට වූ කාල වකවානුවට අයත් අරිස්ථි පබ්බතයකි. අරිස්ථි පබ්බත යන වචනයෙන් අදහස් කෙරෙනුයේ ආරක්ෂක කන්ද යන්නයි. ලංකාවේ ස්ථාන කිහිපයක මෙවැනි ආරක්ෂක කඳු දැකගත හැකිවේ. රිටිගල යනු එවැන්නකි.

ගුරුළුපොත සීතා කොටුව ප්‍රදේශය සමස්ත පුරාවිද්‍යාත්මක කැණීම් වලට ලක් වූ ප්‍රදේශයක් නොවේ. එය හුදෙක්ම ඉන්දියානු සංචාරකයන්ගේ ආකර්ෂණය ලබා ගැනීම උදෙසා සීතා දේවිය හා සම්බන්ධව ගොඩනැඟූ මතවාදයකට පණ දීම උදෙසා පමණක් සීමා වී ඇති බව පෙනී යයි.

හොඳින් බැලූ විට වනාන්තරේ වැඩි භූමි ප්‍රදේශයක් පුරා විසිර පවතින පුරාවිද්‍යාත්මක සාධකය නිදන් හොරුන්ගේ කුඩා ජල විදුලි බලාගාර වෙත ජලය ගෙන යන්නන් ගේ ග්‍රහණයට නතුව විනාශ වී යන ආකාරය දැකගත හැකිවේ. මෙම ප්‍රදේශය පුරාම නිසි පුරාවිද්‍යාත්මක ඇගයීමක් සිදු කරන්නේ නම් රිටිගල මෙන්ම ඉතා විශාල පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ගොඩනැගිලි සංකීර්ණයක් පවතින බව මතුකර දැක්විය හැකි වනු ඇත.

සුපුරුදු ලෙස මේ ස්ථානයට පැමිණීමෙන් පසු මෙහි සත්‍ය ඉතිහාසය කුමක්ද සෙවීම උදෙසා ම භාවනාවට යොමු විණි. ඒ සමගම පරිසරය සුවඳවත් වෙමින් ගස්කොළන්වල සෙලවෙන්නට විය. සීතා කොටුව මැද පිහිටි ගසට පිටුපසින් සුදු අසකු පිට නැගී යම් දෙවි කෙනෙක් හා සම වූ ආත්මයක් ගුවනෙහි දැකගත හැකිවිය. මෙහිදී මා ගුවනෙහි යන්න අදහස් කළේ අශ්වයාගේ පාද බිම ගෑවෙන ස්වභාවයක් පැවතියේ නැති බැවිනි.

ඒ දෙවියන් පැවසුවේ තමන් මේ ස්ථානයේ අරක්ෂකයා බවයි. ඒ ස්ථානයේ පැරැණි නම වූයේ සංඛනාථය යන්නයි. වසර 15,000 කට එහා ගිය ඉතිහාසයකට එම භූමිය සම්බන්ධ බවය.

සංඛනාථය යනුවෙන් මෙම ස්ථානය හැඳින්වීමට හේතු වූයේ මෙම ස්ථානය පිහිටි භූමියට ඉහළින් විශාල සංඛ දෙකක හැඩයකින් යුත් අධි සංඛ්‍යාත ග්‍රහණය කරගත හැකි උපකරණ දෙකක් පැවතීමයි. සරලව පවසන්නේ නම් වර්තමාන රේඩාර් උපකරණයකට සමාන උපකරණයක් මේ ස්ථානය සවිකොට තිබුණි.

නැගෙනහිර දෙසින් රට තුළට එන සියලුම යානා සහ නැව් නිරීක්ෂණය කරනු ලැබුවේ මෙම සංඛනාථය මගිනි. නව සූර්ය යුගයේදී මෙම පද්ධති යළි සක්‍රීය වන බව මා හට මුල්වරට තොරතුරු ලබා දුන්නේ මෙම දෙවියන්ය.

එහිදී එම දෙවියන් පැවසු තොරතුරු සත්‍ය යැයි අප පිළිගන්නේ කෙසේ දැයි විමසූ විට නැගෙනහිර දිසාවට අත දිගු කොට මේ කෙලින් මුහුද දෙස බලන්න එහි වෙරළේ දුන්නක හැඩයක් දක්නට ලැබේවි. ඒ ආසන්නයේ ඇති කඳුවැටිය මෙම සංඛනාථය හා සබැඳි බලශක්ති ප්‍රභවයි.

ඒ මොහොතේ අප සමඟ ගිය එක් දරුවෙකු හෝ තමා අත වූ පරිගණකයෙන් ගූගල් මැප් කර පෙන්නු දිශාව නිරීක්ෂණය කරන්නට විය. මා භාවනාවෙන් මිදුණු සැනින් ඔහු පැවසුවේ

” ගුරුතුමා මේ බලන්න කියපු විදිහටම වෙරලේ දුන්නක හැඩයක් තියෙනවා ” යනුවෙනි.

රිටිගල දක්නට ඇති ගොඩනැගිලි ඉදිකිරීම් තාක්ෂණයන්ට බොහෝ සමාන තාක්ෂණයක් මෙම ඉදිකිරීම් තුළද දක්නට ඇත.ඒ හා බලන කල මෙම ඉදිකිරීම් දෙකම යම් සමකාලීන යුගයකට අයත් බව සිතිය හැකිය.

මෙම කඳු මුදුන් 7 හෙල බුදු යුගය හා සම්බන්ධ බොහෝ සිදුවීම් සඟවාගෙන සිටින බව මහලොකු මෑණියන්ගේ හෙළිකිරීම් තුළින් අප අවබෝධ කොට ගතිමු.

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close