සංචාරය

පෘතුවියේ ජීවය තැනු චක‍්‍රවාලය සොයා පඩුවස් නුවරට යෑම

වාරියපොල බිංගිරිය මාර්ගයේ කිලෝමීටර් 17 පමණ ගිය විට හෙල ඉතිහාසයේ සුවිශේෂි රාජධානියක් වෙත පිවිසිය හැකිවෙයි.

පුරාවිද්‍යාත්මක කියැවීමට අනුව මෙය වු කලී මායා රටපාලකයා බවට පත් පරාක්‍රමබාහු යුව රජු විසින් ක්‍රිස්තු වර්ෂ දොලොස්වන සියවසේදී නිර්මාණය කරන ලද පරාක්‍රම පුරයයි

එහෙත් ජනප්‍රවාදයට අනුව නම් මෙම රාජ්‍ය හිමිකරුවා වන්නේ ක්‍රිස්තු පූර්ව පස්වන සියවසේ විසූ පණ්ඩුවාසදේව රජුය. පණ්ඩුවාසුදේව රජු යනු විජය රජුගෙන් පසු රාජ්‍ය පාලකයා බවට පත් වූ රජුය.

උන්මාද චිත්‍රා කුමරිය සිරකර තිබූ එක්ටැම් ගෙය පිහිටි ප්‍රදේශය ලෙස සැලකෙන්නේද මෙම භූමිය යයි.

පඬුවස්නුවර රාජධානිය තුළ උන්මාද චිත්‍රා සිරකර තැබූ එක්ටැම්ගේ පිහිටි බවට කිසිදු පුරාවිද්‍යාත්මක තහවුරු කිරීමක් මෙතෙක් සිදුකර නොමැත.

රාජධානියට ඇතුල් වන විටම දක්නට ඇත්තේ අඩි විස්සක් පමණ පළලකින් යුත් දිය අගලකින් හා ශක්තිමත් පවුරකින් ආරක්ෂාවු පරාක්‍රමබාහු රජුගේ මාලිගාවයි.

මැද මිදුලක් සහිතව ඉතා දියුණු වාස්තු සිද්ධාන්තවලට ගැළපෙන ලෙසින් නිර්මාණය කර ඇති මෙම මාලිගය හෙළයාගේ තාක්ෂණික නිපුනත්වය මනාව පෙන්නුම් කරන ස්ථානයක් යැයි සඳහන් කළ හැකිය.

මෙම මාළිගා සංකීර්ණය හොඳින් නිරීක්ෂණය කරන්නෙකුට සුදු ජාතිකයන් විසින් අපෙන් සොරකම් කරගෙන ගිය බොහෝ තාක්ෂණික අංගයන් අප සතුව පැවති බව අවබෝධ කරගත හැකිවෙයි.

මා ඇයි මෙසේ පවසන්නේ බොහොම සරල කාරණාවක් නිසයි.
…………………………………………………………………
වර්ථමාන නිවසක ප‍්‍රධානම අංගයක් තමයි ඇටෑච් බාත් රූම් එක.
කාමරයකට සම්භන්ද කල හෝ නිවස තුළට සම්භන්ද කල වැසිකිලිය හා නාන කාමරය අපි පොදු භාවිතයේදී බාත් රූම් එක කියලා කියනවා.

ඇත්තෙන්ම මෙය අපේ හෙළ දැණුම තුළ මෙය වැරදි සංකල්පයක් නානාකාමරය හා වැසිකිලිය කියන්නේ ශක්ති දෙකක් මේ දෙක එක තැනක පිහිටන්න බෑ. ඒ නිසයි හෙළයේ වැසිකිලිය එක තැනකත් නානා ගෙය එකතැනකත් නිර්මාණය කලේ.
අනික් කාරණය වැසිකිලිය කියන්නේ අසුභ ශක්ති ගබඩාවක් බව අපේ පැරන්නෝ දැන් සිටියා. මේ නිසයි එය නිවසින් අඩි විස්සක් පමණ ඈතින් නිර්මාණය කලේ.
…………………………………………………………………………
මට කියන්න අවශ්‍ය වුනේ එය නොවෙයි.

ඇටෑච් බාත් රූම් එක සුද්ධට පුරුදු කලේ අපියි කියන එක කියන්නයි. පරාක්‍රමපුර රජමාළිගාවේ මෙන්න මේ ආකාරයටයි බාත්රූම් එකක් දක්නට තියෙනවා. ග්‍රහ විද්‍යාවට අනුව නම් එය නිර්මාණය වෙන්නේ දොලොස්වන සියවසේදී…..

නිකමට හරි හිතුවද සුද්දා කොල අතු අදින යුගයේ ඒ වගේම ශරිරකෘත්‍යය උදේසා කෑලෑ වලට දුවන කාලයේ අපේ මිනිස්සු ඇටෑච් බාත් රූම් බාවිතා කලා කියලා……….

පුරාවිද්‍යාවෙන් ක්‍රිස්තු වර්ෂ දොළොස්වන සියවසට ලඝු කරන පඩුවස්නුවර , නිශ්ශංක මල්ල රජුටත් පරාක‍්‍රමබාහුටත් එහා ගිය ඉතිහාසයක් ඇති තැනක් ලෙසයි මගේ ඇස දකින්නේ…

මම දන්නවා එ දැකීම අපේ පුරාවිද්‍යාවට වඩා නිවැරදියි කියලා…..

ඇයි මම එහෙම කියන්නේ විජය රජු ලංකාවට එන විට අපේ රට පාලනය කරමින් සිටි මහා කාල රජුගේ පරපුරේ රාජධානිය මෙයයි.

පන්ඩුවස්නුවර පිළිබඳව මගේ කියවීම මෙයට වඩා වෙනස්… ඒ හෙළ ඉතිහාසයේ දී රාවණ රජුට දේවයානි ට එතනිනුත් එහාට දිවෙන ඉතිහාසය තුළින් මා දකින වැදගත්කම තමයි ඒ කිය වීමට හේතු පාදක වෙන්නේ..

නිශ්ශංකමල්ල රජු මෙතනට ඇවිත් නැටුම් බලූවා කියා සෙල්ලිපියක් කොටන්නත් පරාක‍්‍රමබාහු රජු මෙතනට පැමිණි තමන් රටවල් හතක් ජය ගත්තා කියා ප‍්‍රකාශ නිකුත් කරන්නටත් හේතු වෙන්නේ ඒ ස්ථානයේ පැවති විශේෂත්වයයි.

ඒක හරියට අපේ ජනාදිපතිවරු පත්වෙච්ච ගමන් දලදා මාලිගයට යනව වගේ දෙයක්………..

ඒ විතරක් නොවෙයි.

සුද්දා අපට ප්ලාස්ටික් වලින් හදලා එවන සෙප්ටික් ටෑන්ක් එක මැටි වලින් අපේ මිනිස්සු එදා හදලා තියෙන අපුරූවත් මෙහි බලා ගන්න පුලූවන්….

ඇතුලේ ඉදන්ම ගඩොල් ගල් වලින් බැදලා මැටි වලලූ යොදපු හෙළ සෙප්ටික් ටෑන්ක් එකකුත් මේ මාලිගයේ දක්නට පුලූවන් …….
මේ ටැංකියේ පවතින විශේෂත්වය පොලවෙන් ඉහලට අඩි දහයක් පමණ උසට ඉදිකර තිබීම…….

මේ අතර තුර තවත් සුද්දට අපි උගන්වපු අද ඒ අය ඇවිත් අපට කියලා දෙන කාරණයකුත් තියෙනවා.

ඒ අපජලය පවීත‍්‍ර කිරීමේ තාක්ෂණය.

අද මේවට යන්ත‍්‍ර සුත‍්‍ර යොදාගෙන හුලන් කවලම් කරමින් වතුර පිරිසිදු කලාට හෙළයෝ අපේ පොළවෙන්ම ඒ දේ කලා.

අපජලය මැටි පුවරු හා ගල් අතරින් පෙරී පසට එකතු වෙන ලෙසින් මෙය හදා ඇති බව හතන්න ඇති හොදම සාදකය තමයි මාලිගයට දිය ගත් පොකුණ් සෙප්ටික් ටෑන්ක් එකට අඩි පහලොවක් විස්සක් විතර ඈතින් තිබීම.

අනික් නාරණය මෙහි පැහැදිලිවම මැටි වලලූ තුනක් පේන්න තියෙනවා.
ඒ කියන්නේ ජලය ඉතා හොදින් පිරිසිදු කර පසට මුදා හැරීම.
දැන් අපිට හිතෙනවා නේද සුද්දා අපේ රෙදි ලිහාගෙන උන් ඇදගෙන අපිට කොල අතු ඇන්දුවා කියලා……..

ඇයි මේක වැදගත් වුනේ දැන් මම පැහැදිලි කරන්නම්….

ජීවය විශ්වයේ දොරටුව විශ්ව සන්නිවේදනයේ මාවත අප රට තුළම පිහිටා ඇතැයි කියා සිතන්නට ඔබ කිසිවිටකත් පෙළබෙන්නේ නැති බව මම දනිමි.එහෙත් එය පිහිටා ඇත්තේ අප රට තුළමය.

ඒ අන් කිසිවක් නොව පඩුවස් නුවර පිහිටි චක‍්‍රවාලයයි.

චීනයේ විශ්ව දොරටුව Yin and yang ලෙසින් සැලකෙන මෙම සංකේතය ඔබ දැක ඇත . වක‍්‍රවාලයේ පදනමද එයයි. එය රූපයක් බවට පත් වෙද්දී වසර දසදහස් ගණනකට පෙර අපේ පොළව ජනාවාස කරන්නට මග පෙන්වු දැණුම විසින් විශ්වය හා සන්නිවේදනය කල හැකි නව මගක් පෙන්වා දුන්නේය.

අධි ශක්ති මනසින් චක‍්‍රවාලය කැරකවීමයි. මේ උදෙසා මෙම ඉදිකිරීම වටා මානසික බලය භූමණය කරවීය.

නැතහොත් චක‍්‍රාකාර ලෙස ශක්තිය භමණය කරවීමයි

මේ නිසාම මෙය චක‍්‍රවාත ලෙසින් හැදින්වුණි.

ඒ මැද ඇති ගල් පතුරු හැඩයන් විශ්ව සන්නිවේදනය වුදෙසා උපයෝගි කර ගැනිනි. චෙන් යනුවෙන් චීන ජාතිකයෝ ගල් පතුරු තබන හැඩයක් ඇත . ඒ තුළින්ද ඔහුන් විශ්ව සන්නිවේදනය කල හැකියයි සිතති.

එය සත්‍යකි.

වැදගත්ම කරුණ වනුයේ එයට වම් පසින් ඇති චෛත්‍ය තුනේ පිහිටීම ගීසා පිරමීඩ පද්දතියේ පීහිටීමට සම්පුර්ණයෙන්ම සමාන වීමයි.

එහි මධ්‍යයේ ඇති චෛත්‍යයට ඉදිරියෙන් මෙම චක‍්‍ර වාලය පිහිටා ඇත .

පෘතුවය නිර්මාණය කල ඇල්නීලම් වාසින්ගේ සන්නිවේදන පද්ධතිය මෙය විය යුතුය.

පරණවිතාන මහතාගේ දැක්මට අනුව මෙය 1 පරාක‍්‍රමබාහු රජු රටවත් හතකට අදිපති ලෙස ප‍්‍රකාෂයට පත් කර ඇත්තේ මෙතැන් සිටය. එහි ඇත්තක් ද ඇත . එහෙත් රටවල් 7 ජයගත් අයෙක් මෙවන් තැනක සිට රාජ්‍යයත්වය ගැන ප‍්‍රකාශනිකුත් කරන්නට හෙතුවක්ද තිබිය යුතුය.

මෙය විශ්ව සන්නිවේදන පද්ධතියක් නම් එය ප‍්‍රයෝගිකය.

වර්තමාන නායකයෝ ජාතිය අමතන්නට සන්නිවේදන මධ්‍යයක් උපයෝගි කර ගන්නා සේ විශ්වය අමතන්නට 1 පරාක‍්‍රමබාහු රජු මෙතනට පැමිණියා විය හැකිය.

මෙහි ශක්තිය විදින්නට හැකි අයට මග පෙන්වීමක් කිරීම වඩා සුදුසුය. මනස එකතැන් කර චක‍්‍රවාලයේ මැද ඇත් රවුම වටා වට 7 ක් වාමාවර්ථව ගමන් කරන්න. ඉන් පසු ඒ සැනිනිම දක්ෂිණාවර්ථව එක් තැන් මනසින් ගමන් කරන්න. විශ්වය හා එකාත්මික වන අයුරු මෙන්ම ශක්ති මැණිය මැකි උපකරණ මගින් උපදින ශක්තිය මැණ බලන්න.

විද්‍යාව නැතහොත් අධි ශක්ති සොයන්නන්ට දැන් නව මගක් ඇත .

සොයන්නට පටන් ගන්න.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close