සංචාරය

පුර්ණ මිදීම රුගෙන ආ පලමු පිරමීඩය

පොලොන්නරුවේ පරාක‍්‍රම සමුද්‍රය අද්දර තියෙන පිලිරුව පිළිබදව නිශ්චිත අදහසක් පුරාවිද්‍යාඥයන්ට තවම නැහැ…..

ඒ නිසාම වැඩි මතය තියෙන්නේ මේ පිළිමය පරාක‍්‍රමබාහු රජුගේ විය හැකි බවයි…..
නමුත් මම දකින්නේ මෙය පැහැදිලිවම පුලස්ති සෘෂි වරයාට අයත් වන බවයි…..
ඇයි එහෙම කියන්නේ එයට හේතු කිහිපයක්ම තියෙනවා……..
ප‍්‍රධානම කරුණ තමයි….

වෙස්සගිරියේ ඇති විශ‍්‍රවස්මුණි වරයාගේ මෙන්ම මෙම පිළිමයේත් වම් උරය හරහා වැටෙන පූණ නුල …..

තවත් එක් කරුණක් තමයි පුලස්ති පිලිමයේ ඉණට ඇදඇති ඇදුම රදවා ඇත්තේ එයට ඉහලින් පටියක් ගැටගසලා….. අපි දන්නවා රජ වරු ඉණට රන් පටියක් හෝ කඩුවක් පලදින්න රන් පටියක් පලදපු බව….. යෝගින් හා සෘෂිවරු තම ඉණ කඩ රුදෙවිවේ රෙදි පටියකින් ගැටගසලා……

මෙය මුල්කාලිනව වෛදිකයින් පමණක් භාවිතා කල ශක්ති වලල්ලක්….
පසුකාලීනව බ‍්‍රහ්මණයන් මෙය භාවිතා කලා….
අපේ රජවරු කිසිවෙක් මෙය භාවිතා කල බවට සාදක නැහැ….
මොකද ඔහුන් බුදු දහම තුළ රාජ්‍යය විචාල අය වීමයි…..

දෙවන කරුණ තමයි…..

විශ‍්‍රවස් මුණි කියන්නේ පුලස්ති සෘෂිගේ පුත‍්‍රයායි….

පුලස්ති පිලිමයේ වම් උරයට උඩින් අති සංකේතය අදවනවිට අපැහැදිලි වුවත් එය සත්වයෙක්ගේ හිසක් විය යුතුයි කියලයි මට හැගෙන්නේ….. කොහොම වුණත් විශ‍්‍රවස් මුණි වරයාගේ පිළිමයේ දකුණු උරයට ඉහලින් ඇති අශ්ව හිස්කබල හා පුලස්ථි පිළිමයේ පසුපසින් ඇති සංකේතය සමාන වියයුතුයි…..

මෙය මිසරයේ පිරමිඩ තුළ ඇති දේව රූප වල හා දේවවාදී ආගම් වල පැරණි සිතුවම් වල දෙවියන්ගේ පියාව සංකේතවත් කරනු ලබන්නක් ……..

දෙවියන්ගේ පියා යන්න පිළිබද විවිධ නිර්වචනයන් තියෙනවා….

වෛදිකයෝ එකම දෙවියන් ලෙසින් පිළිගත්තේ ඉන්ද්‍ර දෙවියන්වයි…

මිසරයේදි රා හේ රේ ලෙසත් ග‍්‍රිකයේ සියුස් ලෙසත් දෙවියන්ගේ ප‍්‍රධානියව හැදින්නුවා……

හෙළයෝ විශ්වයේ ප‍්‍රබලම ශක්තිය ලෙසින් දුටුවේ සුර්ය දෙවියන්ව…..

මෙතනදී මහ දෙවියන් සම්භන්ධයෙන් ඇති මතවාද ගැන නොවෙයි මම කියන්න යන්නේ …….
හෙළ අධ්‍යාපන ක‍්‍රමයේ ප‍්‍රධානියාව හැදින්වුයේ ශ‍්‍රක කියලා….

ඒ කියන්නේ දේවයන් තනන අධ්‍යාපන ක‍්‍රමයේ නැතිනම් දසමහා විද්‍යාවන් තුළින් පාලකයන් තනන ක‍්‍රමවේදයේ ප‍්‍රධානියා තමයි ශ‍්‍රක‍්‍ර කියන්නේ ඒ කියන්නේ දේවයන්ගේ ප‍්‍රධානියා………

පසුකාලිනව ශක‍්‍ර දේවියන්ගේ ප‍්‍රධානියා කියලා කථාවක් පමණක් ඉතිරුවෙලා අපේ අධ්‍යාපන ක‍්‍රමවේද විනාශවෙලා යනවා……..

මේ අශ්ව හිස සංකේතවත් කරන්නේ දේවයන්ගේ ප‍්‍රධානියා කියන එකයි….

පුලස්ථි සෘෂිගෙන් පසු බිහිවු දසමහා විද්‍යාවන් උපරිමයෙන් හදරා මුණිවරයෙක් බවට පත්වු කෙනා විශ‍්‍රවස් මුණි වරයායි….. එකියන්නේ රාවණ රජුගේ පියායි……

රාවණ රජු දසමහා විද්‍යවෙන් කෙළ පැමිණියා කියලා අපි දන්නා සාමාන්‍ය දෙයක් නමුත් රාවණ රජු මුණිවරයෙක් හෝ සෘෂි වරයෙක් බවට පත්වෙන්නේ නෑ……

ඉසුරුමුණියේ තියෙන පෙම්වතුන්ගේ රූපය රාවණ රජු හා මන්දෝදරිවගේ බවට විශ්වාසයක් තියෙනවා…..

එහි පිරිමියාගේත් වම් උරයෙන් ඇරඹෙන පූන නුල නැතහොත් ශක්ති වලල් පැළදගෙන සිටිනවා….. ඒ කියන්නේ මේ පෙම්වතුන් කියන වචනයෙන් මෙය දැකීම වැරදියි….. අනෙක ඔහුගේ දකුණු උරයට ඉහලින් සුර්ය සළකුණ තියෙනවා……

ඒ සුර්ය වංශයේ ප‍්‍රධානියා කියන යෙදීම………

මේ ආකාරයෙන් බලන විට පොලොන්නරුවේ වැව අයිනේ ඉන්නේ පරාක‍්‍රමබාහු රජ ුනොවෙයි රාවණ පරපුරට අයිත් එකම ගල් කැටයම් පෙළක උරුමක්කාරයෙක් කියලයි මම දකින්නේ…..

………………………………………………………………

තවත් විශේෂිත කාරණයක් තියෙනවා .

ඔක්කොම හිතන් ඉන්නේ පුලස්ථි සෘෂි වරයා බලා ඉන්නේ තම බෙහෙත් වනය දිහා කියලා…. එකේ ඇත්තක් තියෙනවා …… ඒත් ඒ ඇත්තේ ජවය මදි….එහෙම කියන්නේ එක් කරුණක් නිසා…..

පුලස්ථි සෘෂි වරයා බලා ඉන්නේ තමන්ට දැණුම ලැබෙන ක‍්‍රමවේදය දෙසයි…
අතේ තියෙන පුස්කොළ පොතෙන් සංකේතවත් වෙන්නේ දැණුම…. අනාගත පරපුර උදෙසා දැණුම මේ සංකේතය නිමවා තබන්නට ඇති…..

මොකක්ද මේ පුලස්ථි සෘෂි වරයා දැණුම ලබපු ක‍්‍රමවේදය……..

………………………………………………………………..

එත් එය වසරකට පෙර හෙලිකරන්නට උත්සහ දැරූ අවස්ථාවේදී විශ්වය එයට අවස්ථාව ලබා දුන්නේ නැත . එය ලියන්නට ගත් මොහොතේදී දිගින් දිගටම විදිලිය විසන්දි විය. කිසිදින නොවු අයුරින් මාලබේට එන මාර්ග සියල්ලම යට වන අයුරින් වර්ෂාව කඩා ඇදහැලූණි. එ නිසාම ලිපියේ මුල් කොටස පමණක් අන්තර්ජාලයට එක්කර මෙතනින් පසුව ලියවුණු කොටස තවත් කාලයක් රහසක් ලෙසින්ම තැබීම සුදුසු යැයි අවබෝධ කර ගත්තා.

පුලස්ථි සෘෂිවරයා ඇත්තටම බලා සිටිනුයේ පොත් ගුල් විහාරය දෙසය. කිසිදු ඉතිහාස ගත තොරතුරක පොන්නරුවේ පැවති පොත්ගුල් විහාරයක් පිළිබදව සදහන්ව නොතිබීම තුළම අපට තේරුම් ගන්නට හැකි කරුණ වනුයේ පොත් ගුල් විහාරය යන නම පසුකාලීනව යෙදුනක්ය යන්නය.

එහි සත්‍ය නාමය වන්නේ පිරිමිදිය යන්නයි.

පිරිමිදිය යනු පුර්ණ මිදීම යන අරුත ගෙනෙන්නෙකි. පිරිමිදිය යනු පසුකාලීනව පිරමීඩ ලෙස ලොව පුරා ව්‍යාප්ත වු තාක්ෂණික ක‍්‍රමවේදයේ මුල් හරයයි.
පොත්ගුල් විහාරය අද අපට දෘෂ්‍ය කරනුයේ පුස්ථකාලයක් ලෙසිණි. ඒ පුරාවිද්‍යාව විසින් අපට දුන් සිතුවමයි.

එහෙත් මෙය පුස්ථකාලයක්ම නොවේ . පුලස්ථිසෘෂිවරයා විශ්වයෙන් ලබාගත් දැණිම ලොකය වෙනුවෙන් ලියු තබන්නට යොදා ගත් විශ්වයේ විශිෂ්ඨතම භූමියයි.
එසේනම් පුලස්ථි සෘෂි වේදග‍්‍රන්ථ වල පලමු ග‍්‍රන්ථ තුනම ලියන්නට තම පිරිවරට මග පෙන්වන්නේ මේ භූමිය තුළදීය.

ෙවේදය තුළ ඇත්තේ පුර්ණ මිදීම ගෙනෙන මාර්ගයයි. භෞතික සංවර්ධනය ලබන්නට අවශ්‍ය පුද්ගලයාට එහි උපරිමය ලබන්නට හැකි ආකාරයත් මිදිම නැතහොත් මෝක්ෂය ලබන්නට ඇවැසි පුද්ගලයාට මෝක්ෂය කරා යෑමට අවශ්‍ය මාර්ගයත් වේදය තුළ සදහන් වෙයි.

පොත්ගුල් විහාරයේ මධ්‍යයේ ඇත්තේ චෛ්‍යතයක් විය හැකිය එහෙත් එය බුදුන් වෙනුවෙන් ඉදිවුවක්නම් නොවේ. එ වටා කොන් හතරේ තවත් චෛත්‍ය සතරකි. මේ සමස්ත ඉදිකිරීම් සිදුවන්නේ ලොව අද්විතියම වාස්තු සිද්ධාන්තය වන සමචතුරස‍්‍රාකාර භූමිය හා චතුරස‍්‍රාකාර ගොඩනැගිලි යන න්‍යායයන් උපයෝගී කොට ගනිමිණි.
මේ සමස්ත ඉදිකිරීම් හි මධ්‍ය ලක්ෂ පතිත වන්නේ මැද ඇති චෛත්‍යාකාර ගොඩනැගිල්ලේ මධ්‍යයේ ඇති දොරටුව ආසන්නයටය.

නිවසක හෝ භූමියක මධ්‍යය යනු ආකාෂ භූතය නියෝජනය කරනු ලබන ස්ථානයයි. වාස්තු විද්‍යාත්මකවනම් මේ ස්ථානය හදුන්වනුයේ විශ්වය හා එකාත්මික වන ස්ථානය ලෙසිණි.

පුලස්ථි සෘෂිවරයා ධ්‍යන වඩන ලද්දේ මේ ගෘහය තුළ සිටය. එ තුළින් සිදුවනුවේ පිරමීඩ පද්ධතිය ක‍්‍රීයාත්මක වීම හරහා කේන්ද්‍රිය බලය වර්ධනය වීමයි.
පිරිමිදිය නැතහොත් පුර්ණ මිදීම ගෙන දෙන ස්ථානය ලෙසින් මෙය නම් කෙරෙනුයේ එ නිසාය.

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද‍්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close