සංචාරය

පිටසක්වළයන්ගේ කෙළි සැඟවුණු පිටවල පතන

ලංකාවේ පිහිටි අති සංවේදී පරිසර කලාප අතරින් පිටවල පතනට හිමිවන්නේ විශේෂිත ස්ථානයකි. රිවස්ටන් යන ඉංග්‍රීසි හැඳින්වමෙන් හඳුන්වනු ලබන පිටවලපතන අතීතයේදී මහ එලිතැන්න නමින් හඳුන්වා ඇත. යම් තැනක බටදඩු කන්ද යනුවෙන් ද මෙම භූමිය ඈත අතීතයේ හැඳින්වූ බව සඳහන් වේ.

පිටවල පතන නැරඹීම උදෙසා පැමිණෙන සංචාරකයෙකු භාවිතා කලයුතු මාර්ගය වනුයේ මාතලේ සිට රත්තොට හරහා වැටී ඇති මාර්ගයයි. මෙය තරමක් පටු දුෂ්කර මාර්ගයකි. එසේම පිටවල පතන නැරඹීම උදෙසා තරමක පිණිබර කාළගුණයක් පැවතීම වඩා සුදුසුය.

හවස තුන හතර පසුවීමෙන් පසු මාර්ගය පිළිබඳ නොදන්නා සංචාරකයින් රත්තොට මාර්ගයේ ගමන් කිරීම නුසුදුසුය. එයට හේතුව වන්නේ හවස් වන විට දැඩි වංගු සහිත මාර්ගය මීදුමෙන් වැසී යෑමයි.

රත්තොට මාර්ගයේ පැමිණීමේදී මුලින්ම හමුවන්නේ පිටවල පතන කඳු මුදුනයි. එහි රූපවාහිනී සම්ප්‍රේක්ෂන කුලුණ පිහිටා ඇත. වියළි කාලගුණයක් පවතින දිනවලදී අවට පරිසරය ඉතා අලංකාරවත් ලෙස දැකගත හැකිවන අතර වෙනස්ම පරිසර පද්ධතියක පහස විඳීමට නම් තරමක වැහි බීරම සහිත කාලයක මෙහි සංචාරය කළ යුතුය.

පිටවල පතන යනු මොහොතින් මොහොත වෙනස් වන පරිසර තත්ත්වයන්ගෙන් යුතු තැන්නකි. විටෙක වියලි කාලගුණික තත්ත්වයන්ද ඉන්පසු එක්වරම කඩා වැටෙන වැසි වලින් ද එමෙන්ම මොහොතෙන් පරිසරයම වැසී යන මීදුමෙන් ද යුතු වෙයි. එමෙන්ම ඉතා වේගයෙන් හමායන සුළං ධාරා පිටවල පතන ඈතින් තවත් විශේෂයකි.මෙහි ඇති ශාක ප්‍රභේදයන් පිළිබඳ අධ්‍යයනය කිරීමේදී සීත දේශගුණයට අනුවර්තනය වූ ශාක මෙන්ම කෙටි දුර පරතරයක් තුළ ශුෂ්ක දේශගුණයට ගැලපෙන කටුපඳුරු ශාඛයන් ද දැකගත හැකි වේ. ලෝකයේ කිසිම තැනක මෙතරම් කෙටි පරතරයක් තුළ දේශගුණික වෙනස්කම් අත්විඳිය හැකි ස්ථානයක් නොමැත.

මද වැසි සහිත කාලවලදී අධික සීතලකින් යුත් පිටවල කඳු මුදුන එයට ගැළපෙන ඇඳුම් නොමැතිව ගමන් කිරීම එතරම් සුදුසු නොවේ. රූපවාහිනී සම්ප්‍රේක්ෂන කුලුණ ආසන්නයට ගමන් කිරීම උදෙසා සුළං කපොලු කිහිපයක් හරහා ගමන් කිරීමට සිදුවේ. එහෙත් අධික සුළං සහිත දිනවලදී එ හරහා ගමන් කිරීම ඉතා අනතුරුදායී තත්වයකි.

කඳු මුදුන පසුකර සැතපුමක් පමණ මාර්ගයේ ඉදිරියට ගමන් කරද්දී පුංචි ලෝකාන්තය හමුවේ. කඳු මුදුනේ වූ පරිසර පද්ධතියට තරමක් වෙනස්ව තරමක් ආලෝකමත් තැනක ස්වභාවයෙන් යුත් පරිසරයක් මෙහි දැකගත හැකිවේ. පුංචි ලෝකාන්තය යන ලෝකාන්තය මෙන්ම කඳු මුදුනේ අන්තයක සිට අවට ප්‍රදේශය නිරීක්ෂණය කළ හැකි ස්ථානයකි. මෙම ප්‍රදේශය අධි සංවේදී කලාපයක් ලෙස නම් කොට ඇති බැවින් සංචාරකයින්ට ගමන් කිරීම උදෙසා මාර්ගයක් වෙනම සලකුණු කොට පෙන්වා දී ඇත. එම මාර්ගයෙන් පිට ගමන් කිරීම තහනම් වේ.

මෙම පුංචි ලෝකාන්තය නැතහොත් පිටවල පතන සීමාව නිර්මාණය වී ඇත්තේ තනි කලු ගල් තලාවක් මත අඟල් කිහිපයක් ඇති පස් තට්ටුවකින් යි. මෙම පස් තට්ටුව තුළ ලංකාවට ආවේණික ශාක හා සත්ව විශේෂ කිහිපයක්ම දැකගත හැකිවේ. කඳුලැස්ස වටැස්ස යන ශාක මෙන්ම ගල්පර මැඩ්යා ආවේණික ශාක හා සතුන් වේ.

මහවැලි ගගේ ප‍්‍රධානම ජල පෝෂක ප‍්‍රදේශය වන්නේ පිටවල පතනයි.එසේම මෙම තැන්නෙන් පහලට ගලා යන දියෙන් තෙලිගමුඔය හසලක ඔය, මීමුරේ ඔය, හීං ඔය, කරඹකැටිය ඔයට එකතු වී ඉන්පසු නකල්ස්‌ වනාන්තරය හරහා ගමන් කරණ හීං ගඟ, කළු ගඟ හා හුළු ගඟ ද පෝෂණය වේ.
මෙම අධි සංවේදී කලාපය හෙළ ඉතිහාසය හා බැඳුණු බොහෝ පුරාවෘත්ත හා සම්බන්ධ වේ. එසේම පිටසක්වළ ක්‍රියාකාරීත්වයන් සම්බන්ධව බොහෝ අද්භූත සිදුවීම් මෙම තැන්න හා බැඳී පවතී.

2012 වසරේදී ය පිටසක්වල පතනට මුදාහල උරග ජීවීන් පිළිබඳ කල හෙළිදරව්ව ා පිටසක්වල යානා ක්‍රියාකාරිත්වය පිළිබඳ හෙළිකිරීම් මේ හා බැඳී පවතී.

එසේම කුඩා ලෝකාන්තයේ පිහිටීම දෙස හොදින් බැලූ විට පෙනී යන්නේ එය මානිගල අප තරු දොරටුවක් යැයි හඳුන්වනු ලබන ස්ථානයට කෙලින්ම පිහිටා ඇති බවයි. ඒ හරහා එළියට එන යම් යානාවක් මද දුරක් ගමන් කොට නතර කර හැකි ආකාරයට මෙම තැන්න පිහිටා ඇත. අනෙක් කරුණ වනුයේ ගුවන් පථයක් සකස් කිරීමේදී අඩි කිහිපයක් ඝනකමට කොන්ක්‍රීට් යොදා එහි ඝනත්වය වැඩි කරන බව අප දන්නා කරුණකි. එසේනම් මෙය යම් නිශ්චිත හැඩයට තනන ලද ගල් තැන්නක් නොවේ යැයි කියා සිතන්නට නොහැකිය.

මානිගල කඳු වැටියට අමතරව ලකේගල ගොම්බානිය යකුන්ගේ ගල ආදී කඳු වැටි ඈතින් දිස් වෙයි. ගෝනුන් මුවන් මී මින්නන් වැනි කුඩා සතුන් මෙන්ම දිවියන් ද මෙම තැනට පැමිණෙති. අහල ප්‍රදේශවලට වියළි කාලය පවතින අවස්ථාවන් වලදී අලි රංචු ද පැමිණෙන බව ගම්මුන් පවසති. එහෙත් මෙම තැන්න අලින්ගේ නිත්‍ය වාසස්ථානයක් නොවේ.

තැන්න පසුකර මදක් ඉදිරියට යනවිට හෙල් මලු වගාවන් සහිත කුඹුරු යායවල් දැකගත හැකිවේ. මේවා සාම්ප්‍රදායික හෙළ බිම් වල ජීවත් වන මුල් උරුම කරුවන් ගේ ගම්මාන වේ.

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close