සංචාරය

රාවණ උමං යළි මතුකර පෙන්වූ රක්ඛිත්තා කන්ද

රාවණ මහ මාලිගයේ ප්‍රධාන පිවිසුම් 4 න් තුනක් පිළිබඳ මා මේ වන විට හෙළි කර අවසානය. අද යෑමට අදහස් කරන්නේ එහි සිවුවන පිවිසුම වෙත ය. ඒ වූ කලී කන්දේවිහාරය ලෙසින්ද රක්ඛිතාකන්ද විහාරය ලෙසින්ද ප්‍රසිද්ධියට පත්ව ඇති විහාරස්ථානය වෙතය.

ඇල්ල වැල්ලවාය මාර්ගයේ වැල්ලවාය දෙසට කිලෝ මීටර 18 ක් පමණ ගමන් කළ විට උමා ඔය ෝජනා ක්‍රමය ට පිවිසීමට ඇති මාර්ගය හමුවේ. මෙම මාර්ගයේ කිලෝමීටර දෙකහමාරක් පමණ ගමන් කළ විට වනාන්තරය තුළට පිවිසීමට කුඩා මාර්ගයක් දැකගත හැකිවේ. එම මාර්ගය ඔස්සේ මෙම විහාරස්ථානය වෙත පිවිසිය හැකිය.

රක්ඛිතාකන්ද පුරාණ පුරාණ ලෙන් විහාරයකි. මෙම විහාරයේ ුරාවිද්‍යාත්මක ඉතිහාසය ද වලගම්බා රජු ගේ යුගය හා බැඳී පවතී. ලංකාවේ සියලුම ලෙන් විහාර හා ැඳී ඇති ජනප්‍රවාදය ම මෙම විහාරය හාද බැඳී පැවතීම තුලය ය අමුතුවෙන් විග්‍රහ කළ යුතු නොවේ.

සොබා සෞන්දර්යයෙන් අනූන වූ පරිසර පද්ධතියක් තුළ පිහිටා ඇති මෙම ලෙන් විහාරය ආසන්නයෙන් දිය පහරක්ද ගලා යෑම තුළ විහාරයකට වඩා මෙහි මතු කොට දක්වන්න ආරණ්‍ය සේනාසනයක ඇති නිහඬ බවයි. සැබැවින්ම මෙය වර්තමානයේ ආරණ්‍යසේනාසනය කි. අධ්‍යාත්මික සුවය සොයා එන දෙස් විදෙස් සංචාරකයින්ගේ මනස සුවපත් කිරීම උදෙසා මෙම භූමියෙහි ෙන් වූ ප්‍රදේශයන් දැකගත හැකි වේ.

මෙම ආරණ්‍ය සේනාසනයේ විශාල ලෙන් දෙකක් සහ කුඩා ලෙන් ගණනාවක් දැකගත හැකිවේ.

ප්‍රධාන ලෙන තුළ වරිච්චි බිත්ති වලින් කොටස් වෙන් කර විහාරයේ මූලික අංග නිර්මාණය කොට ඇති බව පෙනී යයි. බුදු ගෙය පිහිටි ලෙන තුළ නුවර යුගයේ චිත්‍ර හා එයට යටින් පැරණි යම් චිත්‍ර සම්ප්‍රදායක් පවතින බව සිතිය හැකියි යම් රූප සටහන් දැකගත හැකි වෙයි.

බුදු ගෙය තුළ අඩි දහ අටක් පමණ දිග සැතපෙන බුදු රුවක් තනා ඇති අතර හිටි පිළිමය පිළිම කීපයක් සහ සමාධි ඉරියව්වෙන් සිටින පිළිම කිහිපයක් දැකගත හැකිවේ. මෙම පිළිම ඉපැරණි සම්ප්‍රදායක් තුළ ඉදි කොට ඇති බව දැකගත හැකිවේ. රාවණ විහාරයේ පැවැති පිළිම සම්ප්‍රදාය ද මේ හා සමාන ය.

සබරගමුව මානියම්ගම විහාරයේ චෛත්‍ය පිහිටි ආකාරයෙන්ම ලෙන තුළ ම කුඩාවට ඉදි කළ චෛත්‍යයක් මෙම විහාරයේ ද දැකගත හැකිවේ. පුතුගෙහි ඉදිරි බිත්තිවල ඇඳි බිතු සිතුවම් විශාල ප්‍රමාණයක් දැකගත හැකිවන අතර අද වන විට ඒවා දුර්වර්ණ වෙමින් පවතී.

බුදු පිළිම වලට අමතරව විෂ්ණු දෙවියන්ගේ පිලිමයක් දැඩිමුණ්ඩ දෙවියන්ගේ යැයි සිතිය හැකි පිලිමයක් දැකගත හැකිවේ. පිලිමයේ පවතින විශේෂත්වය වනුයේ අත් හතරක් දැක ගත හැකිවීමයි. සාමාන්‍යයෙන් බණ්ඩාර දෙවිවරුන් උදෙසා අත් දෙකකට වඩා යොදා ඇති පිළිම දක්නට නොලැබේ.

එසේම සමන් දෙවියන් ගේ සිතුවමක් ඒ ස්ථානයේම ඇඳ ඇති ආකාරය දැකගත හැකිවේ. සමන් දෙවියන්ගෙ සිතුවම අඳින අතර දැඩිමුණ්ඩ දෙවියන්ගේ පිළිමයක් නිර්මාණය කිරීම තරමක වෙනස් සංකල්පයකි. මා මේ සංකල්පය දකින්නේ රක්ඛිතාකන්ද පිවිසුම ඉහලට පියඹන කුරුල්ලාගේ නියෝජනය වූ කඳුකර යක්ෂ ගෝත්‍රිකයන්ගේ පිවිසුම වූ බවයි.

මෙහිදී මෙම පිළිමය දැඩිමුණ්ඩ දෙවියන්ගේ රූ කඩවර දෙවියන්ගේ යැයි අප සිතුවද මුතියංගණ වෙහෙරේ විහාරය ඉදිරිපිට තොරණේ කුරුල්ලෙකු පිට ගමන් කරන අත් හතරක් ඇති දෙවිකෙනකු අඹා ඇති ආකාරය දැකගත හැකිවේ. මුතියන්ගන විහාරයේ එම පිළිමය කතරගම පිළිමයක් ලෙස අර්ථකථනය කළ ද මා එම ලිපියේ ද මෙය වෙනත් දෙවි කෙනකුගේ විය හැකි බව මතු කර පෙන්වූ බව ඔබට මතක ඇති. මෙම දෙවියන් දෙදෙනා ම එක් අයකු විය යුතුය.

කුරුල්ලන්ගල ෙම කඳුවැටිය ආශ්‍රිතව පැවතීම තුල මෙම මතය තවත් සනාථ වන බව පැවසිය හැකිය.

බුද්ධරක්ඛිත තෙරුන්ගේ ලෙණ ලෙස සෙල් ලිපියකින් සඳහන් කොට ඇති ලෙනක් දැක ගත හැකිවේ. රක්ඛිතාකන්ද යන නම ඇති වී ඇත්තේ මේම රක්ඛිත්තා යන වචනය මුල්කටගෙන යැයි විශ්වාසයක් පවතී.

බුද්ධරක්ඛිත ලෙනට පිටුපසින් විශාල උමන් ද්වාරයක් පවතී.මෙම උමග දෝව රජමහා විහාරය හා සම්බන්ධව පවතින බව එම ප්‍රදේශයේ ජීවත්වන මිනිසුන්ගේ විශ්වාසයයි.

විශාල ලෙන් දෙකෙ නිර්මාණය කිරීමේ දී එකක් නිර්මාණය කොට ඇත්තේ විශාල නාගයකු පෙනය බිමට යොමු කරගෙන සිටින ආකාරයටය. අනෙක් ලෙන විශාල උරගයෙකුගේ පෙනුමට සමාන වන ලෙස නිර්මාණය කොට ඇත.

බුදු ගෙය තුළ ඇති තොරණක විශේෂිත නිර්මාණයක් දැක ගත හැකිය. ඒ සිංහල සටන් කරුවෙකි. ඔහුගේ එක් අතක කඩුවක් ද අනෙක් අතේ භික්ෂූන් වහන්සේලා අත ඇති පැරණි ආකාරයේ වටාපතක් ද දැකගත හැකිවේ. මෙය ගැඹුරු අර්ථයකි. සිංහල සටන්කරුවා ධර්මයෙන් හික්මවූ අයෙකු ය යන්න මෙහෙ නිර්මාණය කොට ඇත.

එසේම බුදු ගෙහි පියස්සේ ඇඳ ඇති සිංහල අසරුවෙකු ගේ සිතුවම විශේෂ සිතුවමකි. එසේම බුදු ගෙය තුළ අටමස්ථාන වල සිතුවම් ඇඳ ඇති අතර ඒවා වල සුදු පාලකයන්ගේ කතිර කොඩිය සේසත වෙන වෙනම දක්වා ඇති ආකාරයක් දැකගත හැකිවේ. මෙමගින් සුද්දන් අතට පත් වූ හා තවමත් සිංහලයන් යටතේ පවතින ස්ථාන මතු කර දක්වන්නට උත්සාහ දරා ඇති බව සිතිය හැකිය.

2012 වසරේදී මා අනාවැකියක් ලෙස පැවසූ ඉදිරි කාලය තුළ රාවණ රජුගේ උමං පද්ධති මතුවනු ඇත යන්න සනාථ කරමින් කරදගොල්ලෙන් හමුවු උමං මග පිහිටා ඇත්තේ මේ ආසන්නයේය. එසේනම් මෙම උමං පිවිසුම හා කරදගොල්ළෙන් හමු වූ උමං මාර්ගය අතර සබඳතාවක් පවතින බව අප තේරුම්ගත යුතුය.

රාවණ මහ මාලිගය විනාශවී ගිය ආකාරය ගැන භාවනාවෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකරන ලද්දේ මෙම විහාරයේ බෝ මළුවේ දී ය.

බෝ මළුව අසන්නේයේ නූතන satellite ඩිස්ක් එකක පෙනුමට සමාන ගල් රවුමක් දැකගත හැකිවේ. එය සොබාවික ගලක් නොවන බව හොඳින්ම තේරුම් ගත හැක. එය හරවා ඇති ආකාරය ද නූතන චන්ද්‍රිකා තාක්ෂණ ය තුළින් විකාශය කෙරෙන පණිවිඩ ග්‍රහණය කර ගැනීම උදෙසා තැටියක් ස්ථානගත කරන ඇය හා සමවේ.

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close