සංචාරය

කදුකරයේ කොමලිය සෙන්ට් ක්ලෙයාර්ස්

ලංකාවෙ ඇති සුන්දර දිය ඇලි අතරින් සෙන්ට් ක්ලෙයාර්ස් දිය ඇල්ල ද ඉතා රමණීය දිය ඇල්ලකි.

කොත්මලේ ඔය මගින් පෝෂණය වන තලවකැලේ ප්‍රදේශයේ පිහිටි මෙම දිය ඇල්ල මීටර් අසූවක් පමණ උසින් යුක්තය. එය ලංකාවේ පිහිටා ඇති දිය ඇලි වල උස අනුව 20 වන උසින් යුතු දියඇල්ලයි.

දශක කිහිපයකට පෙර වසරේ සෑම දිනයකම පාහේ විශාල ජල කඳක් දැකගත හැකි වූ මෙම දිය ඇල්ල වර්තමානය වන විට කඳුකරයට වර්ෂාව නොමැති කාලයන්වලදී ඉතා කුඩා ජල පහරක් බවට පත්වන අයුරු දැකගත හැකි වේ. එසේ ම වර්ෂාව අධික කාලවලදී ඉතා විශාල දුඹුරු පැහැති ජල කදක් දියඇල්ලෙන් කඩා හැලෙන අයුරු දැකගත හැකි වේ. මෙම කාරණා දෙක තුළම ඇත්තේ මිනිසුන් හා බැඳුණු පරිසර විනාශය ප්‍රතිඵලයන්ය. ජල පෝෂක ප්‍රදේශවල ගස් කැපීම ේතුවෙන් ජල මූලාශ්‍ර සිදී යාම හා පාංශු ඛාදනය මෙහි ප්‍රතිඵල වේ.

2020 ඔක්තෝම්බර් පලවන දා මලේ ඔය හරස් කොට ඉදිකරන ලද
ඉහළ කොත්මලේ ඔය ජලාශය පිරවීම උදෙසා ජලාශය දොරටු වසා දැමීමත් සමගම මෙම දිය ඇල්ලේ ජල කඳ සම්පූර්ණයෙන්ම සඳී ගිය දිනයක් සේ ඉතිහාසගත වෙයි. පැය විස්සකට ආසන්න කාලයක් තුළ ජලාශය පිරවිය හැකි බව එහි ඉංජිනේරුවන් ගේ අදහසයි. නියං ගන්දර විදුලි බලාගාරය උදෙසා උමං මගින් ජලය ගෙන යෑමෙන් පසු යළි ඔයටම ජලය නිකුත් කෙරෙනු ඇත.

තලවකැලේ හරහා නුවර එලියට ගමන් කරන මාර්ගය ආසන්නේ සිට මෙම දිය ඇල්ල නැරඹිය හැකිවේ.

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

5 1 vote
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x