සංචාරය

ආදරයේ කදුල ලුණු කල සීතා එලිය...

රාමායණය තුළ ප්‍රධාන චරිතයක් ලෙස සිතා පිළිබඳව කතා කළ ද ඉන්දියාවේ කිසිදු තැනක සීතාදේවිය වෙනුවෙන් ඉදිවූ කෝවිලක් දක්නට නැත. එයට හේතුව විෂ්ණු අවතාරයක් ලෙසින්ම ය දෙවියෙකු බවට පත් කළ ද සීතා දේවියව වෙන්කොට දේවත්වයෙන් පුදන්නට ඔහුන් අකමැති වීමයි.

සීතා දේවිය වෙනුවෙන් වෙන් වූ එකම කෝවිල පිහිටා ඇත්තේ අප රට තුළ යැයි පැවසුවහොත් ඔබ එක්වරම පුදුමයට පත්වනු ඇත. එහෙත් එය එසේ ය. නුවරඑළිය බදුල්ල මාර්ගයේ හග්ගල මල්වත්තට කිලෝමීටරයක් දුරින් සීතාඑළිය ප්‍රදේශයේ පිහිටා ඇති දෙවොල වෙන්ව ඇත්තේ සීතා දේවිය නමිනි.

සීතාඑලිය පිළිබඳව බොහෝ ජනසෘති පවතී.

රාවණ රජු විසින් පැහැරගෙන ආ සීතා කුමරිය මහියංගනය 18 වංගුව පහළින් ඇති සීතා කොටුව නම් ස්ථානයේ ටික කලක් නතර කර තැබූ බවත් ඉන්පසු සිරකර තැබුවේ හග්ගල මල්වත්තට ඉහළින් ඇති කඳු වැටියේ බවත් ආලෝකය දැකීම උදෙසා සීතා කුමරියව රැගෙන ආ ස්ථානය සීතාඑළිය නමින් හැඳින්වූ බවත් පැවසේ. එසේම සීතාව හොයා ගෙන ආ හනුමාන් ව රාවණ රජුට හසුවීමෙන් පසු දඬුවමක් ලෙස හනුමාන්ගේ වලිගයට ගිනි තබා අත හැරීමෙන් පසුව හනුමාන් මුළු ප්‍රදේශයටම ගිනි තැබුවේය. එම ගින්නෙන් ආලෝක වූ ප්‍රදේශය නුවරඑලිය වී යැයි කියති.

රාමායණයට අනුව සීතාව පැහැරගෙන ඒමට හේතු වන්නේ සුපර්ණිකා තුළ රාම පිළිබඳ ඇතිවූ ආශාවයි. සුපර්නිකාට එය ඉටු කර ගත නොහැකි වූ විට රාමට රිදවීම උදෙසා තම සොයුරා වූ රාවණ ගේ උදව්වෙන් සීතාව පැහැරගෙන පැමිණියේය.

සීතා කුමරිය මේ කෝවිල පිහිටි ස්ථානයට පැමිණීමෙන් පසු සුදු මල් ගෙන ජලයට දැමූ බවත් ඒ මල් නොපෙනී ගොස් යම් දුරකින් යළි ජලය ඉහළට මතු වූ බවත් කියවේ. ඒ ඇය කළ ප්‍රාර්ථනයකි. මේ ජනප්‍රවාදය පදනම් කරගනිමින් අද ද විවාහ අපේක්ෂා කරන අය හා දරුවන් බලාපොරොත්තු වන අය කෝවිල අසලින් ගලා යන දොළ පහරට මල් දමති.ඔවුනගේ විශ්වාසය නොපෙනී අතුරුදහන් වන මල් යළි දිස් වුව හොත් ඔවුන්ගේ අපේක්ෂාව ඉටු වන බවයි.

සීතා කෝවිල පිහිටි ස්ථානයේ ඇති දොළ පහරේ අනුමාන අඩි යනුවෙන් හඳුන්වන ස්ථානයන් කිහිපයක් වෙයි. සීතාව සොයා ගෙන ආ හනුමාන් ගුවනින් පැමිණ දොළ පහර මතට ගොඩ බැසීමේ දී හනුමාන්ගේ අඩි ගල මතුපිට මෙසේ ඉරී ගිය බව පැරැන්නන්ගේ විශ්වාසයයි.

මේ ප්‍රදේශය තුළ දක්නට ඇති තවත් විශේෂිත කරුණක් නම් දියපහරවල් අවට ඇති සීතා ලුණු යනුවෙන් හදුන්වන ලුණු විශේෂයකි. මෙම ලුණු බොහෝ රෝගයන් සඳහා දමිළ මිනිසුන් භාවිතයට ගනිති. රාම නොමැති සොවින් හඬා වැලපුණු සීතා දේවිය ගෙන් ගලා හැළුණු කඳුළු මෙලෙස ලුණු බවට පත්වී යැයි ඔවුන් විශ්වාස කරති.

එසේම හග්ගල කන්දේ නතරවී සිටි සීතා කුමරියට කෑමට දුන් අග්ගලා විසිකර දැමීම හේතුවෙන් ඒවා ගල් වූ බවත් වර්තමානයේ දී ප්‍රදේශයේ තැනින් තැන ලැබෙන සීතා බත්ගුලි ලෙස හඳුන්වනු ලබන්නේ එම අග්ගලා බවත් දමිළ ජනතාවගේ විශ්වාසයයි. සීතා බත්ගුලි හමුවන්නේ ශාකයකින් නොවේ. එය ජලයට එක් කළ විට බත් සහ පොල් ලෙස වෙන් වීම සිදුවෙයි. මෙම සීතා බත්ගුලි ද විවිධ රෝග සුව කිරීමට සමත් බව ඔවුන්ගේ විශ්වාසයයි.

මොකද්ද මේ කථාව … සීතා කියන්නේ කවිද ?

රාමායණයට අනුවනම් රාවණ රජු උස්සන් ආපු රාමගේ බිරිද ? එතනින් තමයි යුද්ධය ඇති වෙන්නේ. රාවණ රජු ගෑණු හොරෙක් වෙන්නේ….එත් මොකද්ද ඇත්ත ….

රාවණ රජුටත් මන්දෝදරී බිසවටත් දරුවන් දෙදෙනෙක් උපදිනවා. මේ අය නිවුන්නු කියලත් කියනවා. එ කාලේ හිටපු මහා කාල කියන සෘෂි වරයා මේ දරු උපතට පෙර රාවණ රජුට අනාවැකියක් කියනවා.

ඒ පුතෙක් උපන්නොත් තුන් ලෝකය දිනන බවත් දුවෙක් උපන්නොත් අසුර රාජ්‍යයම විනාශයට පත්වන බවත්ය.

ඉතින් රාවණ රජුට අවශ්‍යවෙනවා මහා බලගතු පුත් කුමාරයෙක් බිහිකරන්න. එතුමාගේ මහා ජ්‍යොතිෂ දැණුම මානසික බලය යොදවලා ග‍්‍රහයන් නමදෙනාම එකම රාශියකට එන දිනයක දරු උපත සිදුවන ආකාරයෙන් කල්යල් මැනලා දරුවෙකු උපද්දනවා. රාවණ රජු බලාපොරොත්තු වුන ආකාරයෙන්ම පුතෙක් උපදිනවා. එ දරුවා උපදින විට හැඩුම් හඩට ලෝකය සෙලවුණාලූ. එ නිසා ඔහුට මහා නැදයක් ඇතිකල තැනැත්තා යන අරුතින් මේඝනාද යන නම යොදනවා. හැබැයි රාවණ රජුට ඒ සතුට භූක්ති විදින්න ලැබෙන්නේ තත්පර කිහිපයයි. ඉන්පසුව දුවක් උපදිනවා…..

රාවණ රජුට මහා කාල සෘෂිවරයා කියු අනාවැකිය මතක් වෙනවා…
.
දුවෙක් උපන්නොත් අසුර රාජ්‍යයම විනාශයට පත්වනවා කියලා කියු එක..

රාවණ රජු තම දියණියව මාලිගයෙන් ඉවත් කරන්න නියෝග කරනවා. එ අසුර රාජ්‍යයේ පැවැත්ම වෙනුවෙන්….

රාවණ රජු බලයට එන්නේ බල අරගලයක ප‍්‍රථිඑලයක් තුළින්ම නිසා රාවණ පවුල තුළ සියුම් බල අරගලයක් මුලසිටම පැවතියා. මේ මොහොතේ මේ දියණියගේ ජීවිතය වටින පිරිසකුත් ඉන්නවා. එ අසුර රාජ්‍යය බිදවට්ටන්න බලන් ඉන්න අය… මොකද මේ අනාවැකිය ඔහුන් දැනගෙන හිටියා…

අවසානයේ එ ගැහැණු දරුවා හොර රහසේ රජු ලගට යනවා. ඒ කුඹුරක දමා ගිය දැරිවියක ලෙසින්…

රාවණ මාලිගයෙන් ඇයට උරුම වු නම තමයි ශොහෙලී.

වසර දෙලහක් මෙසේ ශොහෙලි කුමරිය රාවණ මාලිගයෙන් පිට ඇති දැඩි වෙනවා. රාවණ රජුට අවශ්‍ය වෙනවා තමන්ගේ දියණියව යළි තමන් වෙත රුගෙන එන්න… එ නිසා රාවණ රජු යළි සීතාව රුගෙන ඇවිත් තමන්ගේ දැණුම සියල්ල කියලා දෙනවා.

හනුමාන් කියන්නේ ශොහෙලිගේ ආරක්ෂකයා ලෙසින් පත්කරලා තිබුණු කෙනා. ලක්ෂ්මණ යුධ ශිල්පය ඉගෙන ගන්නේ රාවණගේ සෙන්පතියන්ගෙන් … මොකද අයෝධ්‍යාව කියන්නේ රාවණ රජුගේ යටත් රාජ්‍යයක් නැතිනම් පා යට රාජ්‍යයක්…. මේ අතර තුර අසුර පාලනයට විරුද්ද බලවේගයන් රාමව යොදාගන්නවා රාවණය විරුද්දව සීතාව මෙහෙයවීමට… රාම සීතා ආදර කථාව ගොඩනැගෙන්නේ එහෙමයි….

මගේ විශ්වාසය මේ බෙදීම ඇතිකරන්නේ ඉන්දියාවෙන් නොවෙයි. රාමව මොහෙයවන්නේ මිසරයෙන් එයට බලපාන ප‍්‍රධාන හේතුවක් තියෙනවා. මිසරයේ සමකාලීනව සිදුවන පාලනයේ බෙදීමකදි රාවණ රජු උදව් කරන්නේ එහි රජුට නොවෙයි. බිසවගේ පාර්ෂවයට.. මිසරයේ ආධ්‍යාත්මික රුජින භාවනාවේදි මට කියු කථාවක් එක…
ඒ නිසා මම විස්වාස කරනවා රාමව මෙහෙයවන්නේ මිසරයේ රජුගේ පාර්ෂවයෙන් කියලා. යුද්දයෙන් පසු මිසරයේ වදුරන්ට දෙවොලක් හදා දෙනවා…

කොහොම හරි වයස අවුරුදු දහසය පමණ වෙද්දී සීතා රාම එක්ක පිටවෙලා යනවා. දුවව විවාහ කරගත්තම මාමණ්ඩි තමන්ට අසුර රාජ්‍යය ලියලා දේවි කියන විශ්වාසයත් එක්ක… නමුත් එහෙම වෙන්නේ නෑ. ඉතිං එහෙම නොවෙන බව රාමට තේරෙන විට සීතාට පිඩා ඇතිකරනවා.

තම දරුවා දුක්විදින කොට යළි ගෙදර රුගෙන එ්ම ඕනේම තාත්තෙක් කරන දෙයක්… හැබැයි රාම සීතාව විවාහ කර ගැනීමත් සමගම පවුලේ අභ්‍යන්තර බල තරගය පිළිබදව හොදින් හදුන ගන්නවා. ලක්ෂ්මණ හා හනුමාන් යොදාගෙන විභිෂණව තම පාර්ෂවයට ලංකරගන්නේ එ තුළිණුයි.

මුලින්ම ඇල්ල ප‍්‍රදේශයේ පැවතුණු මහා මාලීගය තුලට රුගෙන යන අතිවිශාල බෝම්බ තුනකින් එය පුපුරවා හැරීමෙන් තමයි යුද්දය ආරම්භ වෙන්නේ… මේ පුපුරවා හැරීම කරන්නේ මිසර පාලකයාගේ අවශ්‍යතාවයට තමාව පැරදවීමට තම බිසවට උදව් කල පලිය ගැනීම. එ සදහා යොදා ගන්නේ රාවණ රජුගේ දුවගේ සැමියාවයි.

අන්න එතනදී තමයි මහා කාල සෘෂිගේ අනාවැකිය සම්භන්ධ වෙන්නේ….

කොහොම හරි මට කියන්න ඔනේ සීතා කියන්නේ රාවණ රජුගේ දුව කියන එක… රාම යුද්ධයෙන් පස්සේවත් සීතාව පිලිගන්නේ නෑ. එ දරු දෙන්නා කාගෙද කියන සැකය නිසා අවසානයේ සීතා සියදිවි නසා ගන්නවා… එ නිසයි මහී කාන්ථාව ඇයව රුගෙන ගියා කියන්නේ….

රාවණ පරපුරේ හැමෝටම තිබුණු එක ලෙඩක් තමයි සීරුරේ උණුසුම පවත්වාගෙන යා නොහැකි බව…

එයට ඔහුන් භාවිතාකල රහස් මංතරයක් තියෙනවා…. මට 2011 විතර මේ මංතරය භාවනාවෙන් ලැබෙනවා…. එ සමගම කාලයේ ත‍්‍රීර්ථයාථිකාවියක් මේ මංතරය සොයා පැමිණෙනවා…. මා මෙතෙක් ලියන බොහෝ රාවණ කථා වල මුලාශ්‍ය මතුවන්නේ එතනින්…….

එ වෙන කවුරුත් නොවෙයි . තමන්ව මාලිගයෙන් පිටකලාට අපිට වෛර කරන ඉංදියාවට ආදරය කරන තමන්ටත් තමන්ගේ තාත්තටත් වදින ඉංදියාවටම තමන්ගේ තාත්තගේ දේවත්වය රුගෙන යන්න පැමිණි සීතා…..

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close