තරු වළල්ල

අපේ හීන පාට කරන්න බැරිද ?


අපි හැමෝටම හීන තියෙනවා. හීන වලට වර්ණයක් නෑ කියලා හැමෝම කියනවා. නමුත් මම දකින හීන වලනම් වර්ණ තියෙනවා.

ඒ නිසා හීනයක් කලූ සුදුයි කියලා යමෙක් කියනවනම් එයටනම් එකග වෙන්න බෑ.

හීන හීන වෙන්නේ රාත‍්‍රීයේදි දැක්කම….

දවල්ටත් අපි හීන දකිනවා…

අපි ඒවට හීන කියලා කියන්නේ නෑ.

එවාට සැලසුම් නැත්නම් බලාපොරොත්තු කියලා කිව්වොත් එකෙත් වරදක් නෑ..

ඉටුවන බලාපොරොත්තු වලට අපේ හීන හැබැවුණා කියලා කියනවා.

ඉටු නොවන එවට දවල් හීන කියලා කියනවා…

ඇත්තටම අපි දන්නවා ඉටුවන හීන වලට වඩා දවල් හීන බවට පත්වෙලා ජිවිතයෙන් ඈතට යන බලා පොරොත්තු වැඩියි කියලා….

හැමෝම කියනවා වගේ කලූ සුදු හීනයකට පාට දෙන්න අපිට බැරිද ?

ඒ කියන්නේ හීනයක් පාට කරන්න…. පුලූවන් …. හීන ඇතිවෙන්නේ හිත ඇතුලේ ඒ හිතම අපිට ඕන විදියට පාටකරවන්න පුලවන්නම් හීනත් පාටවෙනවා…..

මේක සුරංගනා කථාවක් නොවෙයි….

අපේ උඩු හිත හා යටි හිත කියලා දෙකක් තියෙන බව කවුරුත් දන්න දෙයක් නේ…

ඉතින් අපි දවලූ හීන නැත්තම් අපේ සැලසුම් සියල්ල ගොඩනගන්නේ උඩු හිතින් …. එවා ක‍්‍රීයාත්මක කරවන්නේ යටි හිතින්…. හැබැයි අපි අවදියෙන් ඉන්න විට මේ යටි හිත නින්දට වැටෙනවා…. ඒ නිසයි දවල් දකින හීන සැබෑ නොවන්නේ….

අනික් කරුණ තමයි. යටි සිතෙන් අපේ හීන නැත්තම් අපේ බලාපොරොත්තු ක‍්‍රීයාත්මක කරවන්න කලින් අපේ කර්මාණුරූපී විදවීමත් එක්ක බලාපොරොත්තු ගැලපෙනවද කියලා සංසන්ධනය කරලා බලනවා… ඒ කියන්නේ අපේ ආත්ද ගානක රිපෝට් එකත් ඒ තුළ තියෙනවා…

මේන්න මේ ගැලපිල්ල අනුව තමයි . හීනයක් පාට කරනවද නැද්ද කියන එක් තීරණය වෙන්නේ…

ඒ කියන්නේ සැලසුමක් බලාපොරොත්තුවක් ක‍්‍රීයාත්මක වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඒ මතයි..

හීනයක් පාටකරන්න කලින් කලයුත්තේ එහෙමනම් එයට භාදා ඇතිකරන කර්මයන් ඉවත් කිරීමයි. ඒ කියන්නේ අපේ යටි හිතේ ලියවිලා තියෙන වැරදි ටික එකින් එක ඉවත් කරන එකයි…

දීක්ෂා ගුරුවරයෙක්ගේ කාර්යය වෙන්නේ හීන පාටකරන්න බාධා ඇතිකරන කර්මයන් ඉවත්කරගැනීමට මග පෙන්වීමයි.

දෙවැන්න දවල්ට නිදා ඉන්න යටි හිතට තමන්ගේ හීන ටික දාගන්න මග පෙන්වලා දෙන එකයි.

ඉතිං යමෙක් මෙය තේරුම් ගත්තොත් ඔහුගේ ජිවිතයේ දවල් හීන නැතිවේවි…..

හීනයක් පාට කරන එක එතරම් අපහසු දෙයක් නොවන බව අත්විදීවි….

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

5 1 vote
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x