තරු වළල්ල

ජිවිතය වෙනස් කල නොහැකිද ?


නව වසරක් උදාවෙද්දීම මිනිසුන් ඒ වසර තුළ සපුරා ගත යුතු දෑ පෙල ගස්වා ගනිති.

හොද රුකියාවක් සොයාගන්නට ඉහල තනතුරක් ලබන්නට ආදායමේ වර්ධනයක් සිදුකර ගන්නට විවාහයක් සිදුකර ගන්නට විභාග කඩ ඉම් පසුකරන්නට නව නිවසක් ඉදිකරන්නට ආදි වු එක් එක් පුද්ගලයා තුළ ගොඩනැගෙන අපේක්‍ෂාවන් විවිධ පරාසයන්ට මෙන්ම සාපේක්‍ෂවද වෙනස් වෙයි.

වසරක් උදාවෙද්දීම ඉදිරි වසර තම ලග්නයට සුබද අසුබද කියා බලන්නට බොහේ අය පෙළබෙන්නේද එම වසර තුළ හෝ තම අපේක්‍ෂාවන් ඉටුවේද නැද්ද කියා කලින්ම බලා ගන්නටය.

මෙසේ සෑම වසරකම විවිධ මාධ්‍යයන් හරහා ඉදිරි වසර ලග්න කිහිපයකට සුභ බවත් කිහිපයකට අසුභ බවත් ඉතිරිය මධ්‍යස්ත බවත් පවසති. එහෙත් මතුවන ගැටලූවවන්නේ ඒ ආකාරයෙන්ම ඒ ඒ ලග්න හිමියන් බලාපොරොත්තුවන අයුරින්ම ප‍්‍රතීඵල නොලැබීමයි.

මෙය පැහැදිලිකර ගත යුතු කරුණකි.

මෙවන් පසුබිමක් තුළ එසේනම් අප සිතිය යුත්තේ ලග්න පලාඵල වැරදිය යන්නද? නැතහොත් ජ්‍යොතිෂය වැරදිය යන්නද? මෙම කරුණු දෙකම නොව පොදු පලාථල කථනය ප‍්‍රයෝගික නොවනබවය.

එයට සරල හේතුවක් ඇත. ලංකාවේ ජනගහනය කෝටි දෙකක් නම් එය ලග්න දොලසට බෙදුණු විට එක් ලග්නයක් හිමි පිරිස ලක්ෂ දාසයා මාරකට වඩා තරමක්වැඩි වෙයි. එවිට එක් ලග්නයක් සම්භන්ධයෙන් පවසන පලාඵලය මේ පිරිසටම පොදුවේ ක‍්‍රීයාත්මක වියයුතුය. එහෙත් ප‍්‍රයෝගික සමාජයේදි තබානිවස තුළදීවත් එකම ලග්නය හිමි දෙදෙනෙක්ට එක් දිනක් තුළ හෝ ඒ වර්ෂය තුළ එකම ප‍්‍රථිඵල හිමිවන්නේ නැත. ජ්‍යොතිෂය හා පලාඵල කථනය ප‍්‍රථික්ෂේප කරන්නට මිනිසුන් පෙලඹෙන්නේ මේ තත්වයන් තුළය.

මෙය මාධ්‍යයන් ජ්‍යොතිෂය තුළට රිංගිම හා මධ්‍යයන් තුළට ජ්‍යොතිෂය රිංගීම හරහා ඇතිවු ගැටලූවකි. ඒ හරහා සිදුවුයේ ජ්‍යොතිෂයේ අනිවාර්ය සිද්ධාන්තයන් මෙන්ම රිතීන් වෙනුවට සරල ක‍්‍රම උපයෝගිකර ගැනීමට උත්සහකිරීමයි. මෙයට හේතුවක්ච පවතී. වර්ථමාන ලෝකයේ සිටින දක්ෂම ජ්‍යොතිෂවේදියා ලෙෂ පිලිගන්නා පුද්ගලයාටද යම් ජන්මියෙකු පිලිබදව පුර්ණ විග‍්‍රහයක් කරන්නට දින දෙකක් ගත වෙද්දී විනාඩි ගණනක මාධ්‍ය වැඩසටහනක් තුළ මිනිසුන් 10-15 කගේ පමණක් නොව පවුලේ අයගේත් නිවසේ වාස්තු දෝස පිලිබදවත් කීමට උත්සහා දැරීමයි.

වෛදික පිලිගැනීමට අනුව ජන්මියෙකු උත්පත්තිය හා ජිවිතයේ ස්වාභාවය තීරණය වන්නේ් තම පෙර කර්මය මතය. ඒ අනුව සෑම පුද්ගලයාගෙන් පුද්ගලයාට ජිවිතයේ විදවීම වෙනස් වෙයි. ග‍්‍රහ තරුවලින් ලියා දක්වනුයේ එම කර්මයන් ක‍්‍රීයාත්මකවන කාල වකවානු මිස කර්මය නොවේ.

පොදුවේ කියන පලාඵල වලදී දශා ගණනය සිදුකෙරෙනුයේ විංශෝත්තරි මහා දසා ගණනයට අනුවය. එය එක් අතකින් මොන ලෙඬේටත් පැනඩෝල් පෙත්තක් දීම හා සමාන තත්වයකි. එහෙත් හැම ලෙසක්ම පැනඩෝල් වලින් සුව නොවන බව ඕනෑම කෙනෙක් දනිති. එහෙත් එය දැන දැනත් මුලින් පැනඩෝල් පෙත්තක් බී හිත හදා ගන්නට මිනිසුන් පුරුදුව ඇත .

විංශෝත්තරි මහා දසා ගණනයද එවැන්නකි . එක් එක් පුද්ගලයාගේ උත්පත්තිය අනුව ඒ පුද්ගලයාගේ විදවීම අවබෝධ කර ගැනීමට විවිධ දශා ක‍්‍රම පවතිද්දී ඒ වෙනුවට විංෂෝත්තරීයම ආදේෂ කිරීම තුල සිදුවන්නේ එම පුද්ගලයාගේ විදවීම අවබෝධ කර ගත නොහැකි වීමයි .

ජිවිතය දීනීම උදෙසා ජ්‍යොතිෂය උපයෝගී කර ගැනීම හා ඉන් ප‍්‍රථිඵල නොලැබීම අතර ඇති මුලිකම ගැටලූව එයයි . දෙවැන්න වනුයේ ලග්නයේ ස්වාභාවයට හෝ උඩින් යන ග‍්‍රහයන්ගේ ලංවීම් දුරස්වීම් වලට ශාන්තිකර්ම සිදුකරනු වෙනුවට උත්පත්ති කර්මය හදුනාගෙන එය අහෝසි කර ගත හැකි වැඩපිලිවෙලක් ඇරඹීමය .

ජිවිතය දිනීම යනු තමා අපේක්‍ෂකරන සතුට ලගා කර ගැනීමය. එය ස්ථිරවම කල හැක්කකි.

ඒ උදෙසා අවශ්‍ය වනුයේ පොදු පලාඵල කථනයක් නොව පුද්ගල කේන්ද්‍රීය වු කර්ම එල විග‍්‍රහයකි.

ඉන්පසු ඉන් මිදෙන වැඩ පිලිවෙලකි. කර්මයන් රුස් කිරීමද පුද්ගල කේන්ද්‍රියව සිදුවන බැවින් ඉන් මිදමද ඇත්තේ පුද්ගල කේන්ද්‍රිය වු වැඩපිලිවෙලක් තුළය. එහිදි වෙනත් පුද්ගලයෙකු විසින් නිර්මාණය කරනු ලබන යම් පරිභාහිර ක‍්‍රම මගින් කර්මය පාලනය කල නොහැකි වෙයි. ( සුර ගල් පැලදීම් වැනි…. ) ඒ හරහා සිදුවන්නේ කර්මය තල්ලූ කිරීමකි.

එය ඉදිරියේදි විදවීම පොලියත් සමග යලි තමා වෙතම උරුම වන්නකි. පුර්ව කර්මය අවබෝධ කරගැනීමත් ඉන් මිදෙන මග කියාදීමත් කල හැක්කේ දීක්ෂා ගුරුවරයෙකුටත් වෛදික ජ්‍යොතිෂ ක‍්‍රමවේදයටත් පමණි. වෛදික ජ්‍යොතිෂය යනු මෝහන්දකාරය දුරලීමට දෙවියන් දුන් ආලෝකය වන්නේ එබැවිණි.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

Blog Comments

හොද පැහැදිලි කිරිමක් ගුරුතුමනි

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close